Spread the News

Divaina – කීර්ති වර්ණකුලසූරිය

 

keee444

 

ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම්  රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන්

මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, සෞදි අරාබියාව, ඔස්ටේ‍්‍රලියාව සිදු කළ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇය අවධානය යොමු කළේ නැත.

2019 නොවැම්බර් මස මෙරට ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමගම බැෂලේ සිය එදිරිවාදිකම් දියත් කළාය. ඇයට සහාය වූයේ කොටි ඩයස්පෝරාවේ අරමුදල් ලබන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකායි. මිචෙල් බැෂලේ මෙන් යස්මින් සුකා කිසිවිටෙක කොටි යුද අපරාධ ගැන හඬනැඟුවේ නැත. මේ කාන්තාවන් දෙදෙනාම නිරතුරුවම හඬනැඟුවේ ශී‍්‍ර ලංකා හමුදාවේ ප‍්‍රධානීන්ට එරෙහිවය. සුකා මේ වනවිට ඔවුන්ට එරෙහිව වාර්තා 76 ක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

බැෂලේ චිලි රාජ්‍යයේ පුරවැසියෙකි. ඇගේ පියා ද හමුදා අත්අඩංගුවට පත් වී තිබිණි. චිලියේ ජනපති අසන්ඬේ මෙන්ම ප‍්‍රකට ගායක වික්ටර් ගාරා ඇතුළු දහස් ගණනක් ඝාතනය කළේ හිටපු චිලි ජනපති විනොචේගේ සමයේය.

පසුගිය චිලි ආණ්ඩුවලට ද මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනා ඇතත් මිචෙල් බැෂලේ ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කළේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනපති වීම නිසා කෝපයට පත්ව සිටින ද්‍රවිඩ සන්ධානය දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන, කොටි ඩයස්පෝරාව, ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් 2019 දෙසැම්බර් සිට දිගටම මිචෙලි බැෂලේ වෙත බොරු වාර්තා සපයනු ලැබීය. එහි ප‍්‍රතිඵලය වූයේ මිචෙලි බැෂලේ ඇගේ නිර්දේශ ලෙස කොටි ඩයස්පෝරාවේ සහ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි. මිචෙලි බැෂලේගේ පිටු 17 ක වාර්තාවේ මෙලෙස දක්වා ඇත.

1. 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක කටයුතු වැඩි කිරීම වැරදිය.

2. යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් ඉහළ ධුරවලට පත් කිරීම ද වැරදි කි‍්‍රයාවකි.

3. 2019 න් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියකුට ශී‍්‍ර ලංකාවට ඒමට වීසා ලබාදී නැත.

4. මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳව සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් නතර කළ යුතුයි.

5. මානව හිමිකම් උල්ලංඝණය කළ අයවළුන්ට එරෙහි කි‍්‍රයා කරනු

6. ආරක්ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරනු

7. මානව හිමිකම් උල්ලංඝනය කළවුන් තනතුරුවලින් ඉවත් කරනු

8. මානව හිමිකම් කොමිසමට ස්වාධීනව කි‍්‍රයා කිරීමට ඉඩ දෙනු

9. අත්අඩංගුවට ගැනීමට භාවිතා කරන ත‍්‍රස්ත මර්දන පනත වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතිය මත නීතිරීති ගෙන ඒමට කි‍්‍රයා කරනු

10. ජනාධිපති සමාව දීමට පෙර එකී කි‍්‍රයාදාමය අධිකරණ නිරීක්ෂණයට යොමු කරනු

11. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට රටට ඇතුළු වීම සඳහා ඇරයුම් කරනු

12. පළිගැනීම්වලට ලක් නොවනු පිණිස දේශපාලන

රැුකවරණ ලබාදීමේ පිළිවෙත නිරීක්ෂණය කරනු

මිචෙලි බැෂලේගේ මේ නියෝග ඇමරිකාව බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර රටවලට බලපාන්නේ නැත. ඇමරිකානු ජනපතිව සිටි ට‍්‍රම්ප් ධුරය හැර යෑමට පෙර ඉරාක සිවිල් වැසියන් 12 ක් ඝාතනය කළ බ්ලාක්වෝටර් ආරක්ෂක සමාගමේ භටයන් පිරිසට ජනපති සමාව දුන්නේය. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය ට‍්‍රම්ප් කළේ වැරැුද්දක් බව පැවසුවේ නැත. එහෙත් සිරදඬුවම් විඳි කෝප‍්‍රල් සුනිල් රත්නායකට සමාව දීම වැරැුද්දක් බව ඇය සඳහන් කළාය.

බි‍්‍රතාන්‍ය අගමැති මොරිස් ජොන්සන් ඉරාකයේ යුද අපරාධ සිදුකළ බි‍්‍රතාන්‍ය භටයන් මුදා ගැනීමට පනතක් සම්මත කළේය. එය ද බරපතළ වැරැුද්දක් බව බැෂලේ ප‍්‍රකාශ කළේ නැත. එහෙත් ශී‍්‍ර ලංකාවේ හුමදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කර දඬුවම් කළ යුතු බවත් ඔවුන්ගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කළ යුතු බවත් බැෂලේ නිර්දේශ කර ඇත. මෙවන් පසුබිමක් මැද බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් ශී‍්‍ර ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. මේ රටවල් කුමක්ද?

ඒ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ මෙම රටවල්වලට යුද අපරාධ චෝදනා එල්ල වී ඇතත් එම රටවල් බටහිර හිතවාදී නිසා මිචෙලි බැෂලේ එම රටවල් ආරක්ෂා කරයි. එසේම ශී‍්‍ර ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ එල්ල වීමට මග පෑදුවේ යහපාලන රජයයි. ඒ ඔවුන් අපේ හමුදාව යුද අපරාධ සිදු කළ බව පිළිගෙන 30/1 ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය වීමයි.

මෙම පසුබිම මැද ශී‍්‍ර ලංකාවට දඬුවම් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට හැකිවේද? මෙයට පෙර ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝනය කළ බව දක්වමින් මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් වුවත් යෝජනාවක් ගෙන ඒමට ඉන්දියාව ඉඩ දුන්නේ නැත. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? ඒ කොටි යුද අපරාධකරුවන්, කොටි ඩයස්පෝරාව, ද්‍රවිඩ සන්ධානය, ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ශී‍්‍ර ලංකාව වට කර ප‍්‍රහාර එල්ල කිරීමයි.

එහෙත් මේ අනතුර රජය තේරුම් ගනු ලැබේද? මෙම ප‍්‍රහාරයේ පසුබිමේ සිටියේ කවුද?

1. රටින් පිටත ඊළාම් ආණ්ඩුව – බි‍්‍රතාන්‍යය

2. භාරති සංවිධානය – ප‍්‍රංශය

3. කැනඩා කොටි ඩයස්පෝරාව

4. ස්විස් ඊළාම් කමිටුව

5. යස්මින් සුකා – දකුණු අපි‍්‍රකාව

6. ජේ ඞී එන් සංවිධානය – ජර්මනිය

මේ අතර රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල වූ චෝදනාවලට අභියෝග නොකළේ මන්ද?

ද්‍රවිඩයන් 40000 ක් මියගිය බවට නැෙඟන චෝදනාව ගැන කිව යුතුව තිබුණත්, මියගිය ද්‍රවිඩයන් කවුද? ඔවුන්ගේ නම් ගම් කුමක්ද සහ පදිංචිව සිටියේ කුමන ප‍්‍රදේශයේ ද යන්න හෙළි කළ යුතු බවයි.

මේ හැර මියගියේ ද්‍රවිඩයන් 7000 ක් බවට බි‍්‍රතාන්‍ය හමුදා උපදේශක ඇන්ටන් හෑෂ්වේ රහස් ලියවිලි නෙස්බි සාමි විසින් ලබාගනු ලැබුවත් එය ද මානව හිමිකම් කවුන්සිලයට යොමු වූයේ නැත.

එසේම කොළඹ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රහස් පොලිසියේ රහස් වාර්තා පවා යවා තිබිණි. යහපාලන රජයේ මානව හිමිකම් කොමිසම බොරු වාර්තා 500 ක් මානව හිමිකම් කවුන්සිලයට යවා තිබූ බව ද හෙළි විය. කොටි හිතවාදී කාන්තාවක් මෙම කොමිසමේ සේවය කළ බව පසුව අනාවරණය විය. මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට නිර්දේශ කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ඇත්තේ ද්‍රවිඩ සන්ධානය මෙන්ම ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ය.

මේ හැර මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිර්දේශ ගැන රජය ප‍්‍රමුඛ විදේශ කටයුතු ලේකම්වරයා කුමන පියවරක් ගත්තේද යන්න ගැන මාධ්‍ය පාර්ශ්ව කීපයක් ලවා තොරතුරු ලබා ගැනීමේ මෙහෙයුමක් ද දියත් වී ඇත. මේ මාධ්‍ය පාර්ශ්ව කොළඹ විදේශ තානාපති කාර්යාලවලට සහ යුරෝපා සංගමයට දායක වූවන් වන අතර රටට හිතැති මිත‍්‍රශීලී පිරිසක් නොවේ. මෙම පසුබිම මැද මුස්ලිම්වරුන් ආදාහනය කිරීම වැරදි බව මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කර ඇති අතර අල්කයිදා නායක බින්ලාඩන් මරා මුහුදේ ගිල්වීමට ඇමරිකාව කි‍්‍රයා කළේ මුස්ලිම් ආදාහන නීතිය අනුව ද යන්න විමසිය යුතුව ඇත.

ඊට අමතරව ලිබියානු නායක කර්නල් ගඩාෆි – ඉරාක ජනපති සදාම් හුසේන් බිහිසුණු ලෙසින් ඝාතනය විය. එහෙත් එම රාජ්‍ය නායකයන්ගේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කවුන්සිලය කිසිම ප‍්‍රකාශයක් කළේ නැත. මේ අතර හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජාත්‍යන්තර අධිකරණයට අභියෝග කරමින් ඇමරිකානු සෙබළුන්ට අත තියන්න දෙන්නේ නැතැයි කියා සිටියේය.

එහෙත් පොම්පියෝට අභියෝග කිරීමට මිචෙලි බැෂලේ කි‍්‍රයා කළේ නැත. මෙවන් පසුබිමක් මැද ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූයේ එය අසූචි වළක් බව පවසමිනි. එය සනාථ වූයේ බලවත් රටවලට මානව හිමිකම් කවුන්සිලය ගොදුරු වීමෙනි. ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වාර්තාවක් ප‍්‍රකාශයට පත්වුවත් එය ඉදිරියට ගියේ නැත.

සෞදි අරාබියාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට මානව හිමිකම් සමුළුවට නෙදර්ලන්තය ගොනු කළ යෝජනාව ද අවසාන මොහොතේ නතර විය. මේ නිසා මේ කවුන්සිලය අද දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. එය තහවුරු වන්නේ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ කොටි ත‍්‍රස්තයන් 200 කට අධික සංඛ්‍යාවක් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබා තිබියදී ඔවුන්ට එරෙහිව කි‍්‍රයා නොකිරීමයි.