කාටූන් කියැවීම… ටෙඩි බෙයාර් ‘Teddy Bear’ සහ රූස්වෙල්ට්

Spread the News

cart222rusweltDivaina : ඇමෙරිකා එක්සත් ජනපදයේ 26වැනි ජනාධිපතිවරයා බවට පත්වී 1901 සිට 1909 දක්වා එම ධුරය දැරුවේ තියඩොර් රූස්වෙල්ට්ය. (Theodore Roosvelt)) බොහෝ අය ඔහුව ඇමතුවේ ‘ටෙඩි’ Teddy යන කෙටි නමිනි. නීතිඥයකු, කර්තෘවරයකු, ගවේශකයකු, ඉතිහාසඥයකු, ස්වභාවික විiාඥයකු, පොලිස් කොමසාරිස්වරයකු, හමුදාවේ කර්නල්වර්යකු, ප‍්‍රවීණ දඩයම්කරුවකු, දක්‍ෂ අශ්වාහරෝහකයකු සහ දේශපානඥයකු වූ රූස්වෙල්ට් 1858 ඔක්තෝබර් 27 වැනි දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා තියඩෝර් රූස්වෙල්ට් (ජ්‍යෙෂ්ඨ) වූ අතර මව වූයේ මාර්තා ස්ටුවර්ට් බුලොච්ය. ඔහු හාවර්ඞ් විශ්වවිiාලයෙන් හා කොළොම්බියා නීති විiාලයෙන් උපාධිය හා වෘත්තීය අධ්‍යාපනය ලබා ඇත. රූස්වෙල්ට් කුඩා කලදී ඇදුම රෝගයෙන් පීඩා වින්ඳේය. පසුව තරුණ අවධියට පත්වන්නට වූ කල ඔහු දැඩි සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් අනුගමනය කිරීමෙන් ස්වභාවිකවම ඇදුම රෝගයෙන් මිදීමෙන් සෞඛ්‍ය ගැටලූ මඟහරවා ගත්තේය. ඔහු උත්කෘෂ්ට පෞරුෂය, ලෝක ප‍්‍රකට ශක්තිමත් ජයග‍්‍රාහක පුරුෂාධිපත්‍යයකට අර්ථ දක්වා ඇති ‘කව්බෝයි’ චරිතයකට කිඳා බැසගත් ජීවිතයකට සරිලන ලෙස තම දිවිය සකසා ගත්තේය.

තරණ වියේදීම දේශපාලනයට පිවිසි රූස්වෙල්ට් නිව්යෝර්ක් ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ රිපබ්ලිකානු පක්‍ෂයේ ප‍්‍රතිසංස්කරණ කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1898 දී රූස්වෙල්ට් නිව්යෝර්ක් නුවර 33 වැනි ආණ්ඩුකාරවරයා ලෙස පත්විය. රූස්වෙල්ට් නායකයෙකු ලෙස ඉස්මතුවී 1901 මාර්තු මාසයේදී උප ජනාධිපති ධුරයට පත්විය. එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයාව සිටි ‘විලියම් මැකින්ලි’ 1901 සැප්තැම්බර් 6 වැනි දින ලියොන් සොල්ගෝස් විසින්, නිව්යෝර්ක්හි පැවැති පෑන් ඇමෙරිකානු ප‍්‍රදර්ශන භූමියේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව රූස්වෙල්ට් ඇමෙරිකාවේ 26 වැනි ජනාධිපති වශයෙන් පත්වනවිට ඔහුට වයස අවුරුදු 42 ක් විය. ඔහු ඇමෙරිකාවේ ලාබාලතම ජනාධිපතිවරයා වශයෙන්ද සැලකේ.

 

cart444new

ඔහු ජනාධිපති ධුරය හෙබවූ කාලයේදී ජාතික ස්වභාවික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා ජාතික උද්‍යන වනාන්තර රාශියක් ස්ථාපිත කළේය. මේ අනුව ජාතික උදාන පනත් පිහිටුවා වනාන්තර 150 ක් සංරක්‍ෂණය කළේය. 1906 දී පුරාවස්තු ආරක්‍ෂා කිරීමේ පනතට ඔහු අත්සන් තබන ලදී. සතුන් සංරක්‍ෂණය කිරීමට මූලික ඉලක්කය වූ ‘බූන් සහ ක්‍රොකට්’ සමාජය පිහිටුවීය. 1902 දී ඔහු හේග් හී ජාත්‍යන්තර බේරුම්කාර අධිකරණය විවෘත කළේය. මේ අතර ජපානය හා රුසියාව අතර පැන නැඟී තිබූ අර්බුදය හා සතුරුකම් නිමා කිරීමට රූස්වෙල්ට් මැදිහත් විය. එහි ප‍්‍රතිඵලය වූයේ 1905 සැප්තැම්බරයේදී සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු සතුරුකම් නිමා වීමයි. මෙම ගැටුම අවසන් කිරීමට මැදිහත්වීම නිසා තියඩෝර් රූස්වෙල්ට් ට 1906 දී නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

1902 දී ජාතික බලශක්ති හිඟයට තර්ජනය කරමින් ඇන්ත‍්‍රසයිට් ගල් අඟුරු පතල් කම්කරුවෝ මහා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. රූස්වෙල්ට් එම ආරවුල ද සමතයකට පත් කළේය. කම්කරු ආරවුලක් විසඳීමට උදව් කළ පළමු ජනාධිපතිවරයා බවට ද ඔහු පත්විය. 1906 දී ඔහු මස් පරීක්‍ෂණ පනත, පිරිසිදු ආහාර පනත හා ඖෂධ පනත සම්මත කරගෙන අත්සන් තැබීය. මේ අතර පැනමා ඇළ සම්බන්ධයෙන් බොහෝ ගැටලූ ඇතිවිය. ඇළ අවට තිබූ රටවල් අතර ඇතිවූ මෙම ගැටුම් මැඬ පැවැත්වීමට රූස්වෙල්ට් ඉදිරිපත්වී ඒවා සමතයකට පත්කර පැනමා ඇළ ලොව කාටත් අයත් නිදහස් ඇළ මාර්ගයක් බවට පත්කර එහි පාලනය පැනමා රටට භාර කළේය.

රූස්වෙල්ට් සාමාන්‍යයෙන් පුවත්පත් සමග කිට්ටු සබඳතාවයන් පැවැත්වීය. ඔහු ධුරයෙන් බැහැරව සිටියදී ලේඛකයෙකු හා සඟරා සංස්කාරකවරයකු වශයෙන්ද සේවය කළේය. ඔහු බුද්ධිමතුන්, කලාකරුවන් හා ලේඛකයන් සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන් හා කතා කිරීමට පි‍්‍රය පුද්ගලයෙකු විය.

1909 දී ඔහුට ජනාධිපති තනතුර අහිමිවූයේ එවිට පැවැති ජනපතිවරණයෙන් විලියම් හොවාර්ඞ් ජනපති ලෙස තේරීපත්වූ නිසාය. 9012 දී රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාමයෝජනා දිනා ගැනීමට ඔහු ප‍්‍රමාද විය. ඉන්පසු ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ඔහු ‘බුල්මූස්’ (Bull Moose) පක්‍ෂය ආරම්භ කළේය. 1912 දී ජනපතිවරණයට ඔහු ඉදිරිපත්වූ අතර බේද නිසා ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක වූඩෝ විල්සන් මැතිවරණයෙන් ජය ගත්තේය.

1909 දී ඔහුගේ ජනපති ධුරය අවසන්වී කෙටි කලකින් ‘ස්මිත්සෝනියන් ආයතනයට’ සහ ‘නිව්යෝර්ක් ඇමෙරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයට’ සතුන් සැපයීම සඳහා කර්මිත් රූස්වෙල්ට්, එඞ්ගර් ඇලෙක්සැන්ඩර් මයර්න්ස්, එඞ්මන් හෙලර් සහ ජෝන් ඇල්ඩන් ලෝරිං සමග අපි‍්‍රකාවේ මොම්බාසා, නැෙඟනහිර අපි‍්‍රකාව (දැන් කෙන්යාව) කොන්ගෝව, සුඩානය යන ප‍්‍රදේශවලට ගියේය. එහිදී ඔහු සහ පිරිස කෘමින්ගේ සිට අලි ඇතුන් දක්වා සතුන් මරා දැමූහ. එයට දුර්ලභ සුදු රයිනෝ සතුන් හයක් ඇතුළු 11,400 ක් පමණ සතුන් අයත් විය. පසුව ලූණු දැමූ සතුන් සහ ඔවුන්ගේ හම් ටොන් ගණනක් වොෂින්ටන් වෙත නැව්ගත කරන ලදී. ඔහු මෙම සෆාරි ගමන පිළිබඳව Hunting Trips of a Ranchman, Ranch Life and The Hunting Trail සහ The Wilderness Hunter යන නමින් පොත් තුනක් ලියා පළ කළේය.

රූස්වෙල්ට් දෙවරක් විවාහවී ඇත. ඔහු පළමු බිරිඳ වූ ඇලිස් ලී (Alice Lee) සමග 1880 දී විවාහවූ අතර ඇය 1884 දී රෝගයකින් මිය ගියා ය. මින් පීඩාවට පත් රූස්වෙල්ට් සියල්ල හැරදමා ඩැකෝටා ප‍්‍රාන්තයේ ගව ගොවිපළක් ආරම්භකර එහි 1886 දක්වා සිටියේය. පසුව 1886 දී නැවත නිව්යෝර්ක් වෙත පැමිණ 1886 දෙසැම්බර් 2 වැනිදා සිය ළමා කාලයේදී පවුලේ මිතුරියක වූ එඩිත් කැරව් (Edith Carow) සමග විවාහ විය. මේ විවාහයන් දෙක නිසා ඔහුට දරුවන් හයකි. ඔවුන් නම්… ඇලිස්, තියඩෝර්, කර්මිත්, එතෙල්, ආකී බෝල්ඞ් හා ක්වෙන්ටින්ය.

සුරතල් ටෙඩි වලසාගේ උපත

සුරතල් පෙනුමක් ඇති ටෙඩි වලසුන් Teddy Bears ගැන නොදන්නා කෙනෙක් නැත. මේ ලෝකයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ වලස් බෝනික්කන්ට පි‍්‍රය මනාපයක් දක්වයි. ටෙඩි බෙයාර්ගේ කතාවට තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපති හා සම්බන්ධයක් පවතී.

1902 නොවැම්බර් මාසයේදී රූස්වෙල්ට් දකුණු ප‍්‍රදේශයට ගොස් මිසිසිපි හා ලූසියානා අතර දේශ සීමා ආරවුලක් සමතයකට පත් කළේය. රූස්වෙල්ට් අසුන් පිට නැඟී ගොස් වලසුන් දඩයම් කිරීමට පි‍්‍රය කළ තැනැත්තෙකි. මෙම සංචාරය අතරතුර දිනකදී ඔහු වලසුන් දඩයම් කිරීමට තීරණය කළේය. නමුත් එදින දඩයම දුර්වල විය. ඔහුට එකදු වලසකු මුණ නොගැසිණ. ඔහුගේ දඩයම් මාර්ගෝපදේශකයන් ජනාධිපතිවරයා බලාපොරොත්තු සුන්වී ගෙදර යනු දැකීමට අකමැතිවී කුඩා වලස් පැටවකු අල්ලා ගසකට බැඳ වෙඩි තැබීමට ඔහුට ආරාධනා කළහ.

නමුත් තියඩෝර් රූස්වෙල්ට් (ටෙඩි) විශිෂ්ට චරිතයකි. එවැනි අසරණ ඉලක්කයකට වෙඩි තැබීම කී‍්‍රඩාවක් නොවන බව ඔහු සලකා වෙඩි තැබීම ප‍්‍රතික්‍ෂේප කළේය.

අල්ලාගත් වලසාට වෙඩි තැබීම ප‍්‍රතික්‍ෂේප කළ රූස්වෙල්ට් ගැන ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ කාටූන් ශිල්පී ක්ලිෆඞ් බෙරිමන් (Clifford Berryman) කාටූනයක් නිර්මාණය කළේය. 1902 නොවැම්බර් 16 වැනිදා එම කාටූනය The Washington Post පුවත්පතේ පළ විය. එහි දැක්වෙන්නේ රූස්වෙල්ට්ගේ දඩයම් මාර්ගෝපදේශකයෙක් කුඩා වලස් පැටවකු ලණුවකින් බැඳ අල්ලාගෙන සිටින ආකාරය සහ රූස්වෙල්ට් එම වලස් පැටියාට වෙඩි තැබීම ප‍්‍රතික්‍ෂේප කරන ආකාරයයි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ම ඇමෙරිකානු ජනතාව අතර රූස්වෙල්ට්ගේ ජනපි‍්‍රයතාවය වැඩි විය. වටකුරු කන් සහ විශාල ඇස් ඇති මෙම වලස් පැටියාගේ හුරුබුහුටි චිත‍්‍රය දුටු නිව්යෝර්ක් නගරයේ බෲක්ලින් හි කුඩා සෙල්ලම්බඩු වෙළෙඳසැලක් හිමි යුදෙව් සංක‍්‍රමණිකයෙකු වූ මොරිස් මිච්ටොම් (Morris Michtom) තම වෙළෙඳසැලේ විකිණීමට රෙදි හා පුළුන්වලින් මෙම සෙල්ලම් වලසුන් සෑදීමට පටන් ගත්තේය. ඉන්පසු ඔහු එම වලස් සෙල්ලම් බඩුවක් රැුගෙන රූස්වෙල්ට් ජනපති හමුවට ගොස් මෙම කුඩා වලස් රූපයට රූස්වෙල්ට් හඳුන්වන කෙටිනම වන ‘ටෙඩි Teddy යන්න යොදා එය ‘Teddy Bear’ යනුවෙන් භාවිත කිරීමට අවසර ඉල්ලා සිටියේය. රූස්වෙල්ට් එයට බොහෝ කැමැති විය. ඉන්පසු මිච්ටොම් ඇමෙරිකා එක්සත් ජනපදය හා ලොව පුරා රටවලට මෙම ටෙඩි බෙයාර් වලස් රූප සෙල්ලම් බඩු නොයෙක් ප‍්‍රමාණයන්ට නොයෙක් මාධ්‍යයෙන් සාදා බෙදාහැරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය. එදා පටන් අද දක්වාම මෙම සුරතල් ටෙඩි බෙයාර් Teddy Bear බෝනික්කන් ලොව පුරා ඉමහත් ජනපි‍්‍රයතාවයට පත්වී ඇත.

රුවන් තරස්වින්
[email protected]