Spread the News

fShare

p12 1

Divaina: පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශකර ඇති ක‍්‍රියාමාර්ග කීපයක් බහුතර ප‍්‍රජාව වාර්ගික හා ආගමික වශයෙන් මුස්ලිම්වරුන් සමග ගැටුම්කාරී මාවතකට යොමුකිරීමට හේතුවනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

සුහයිර් මහතා නිකුත් කළ මෙම නිවේදනයේ් තවදුරටත් මෙසේද සඳහන් වෙයි.

මුස්ලිම් ප‍්‍රජාවේ සහයෝගය ලබා ගැනීම සහ අනෙක් සියල්ලන් සමග

සමගිය හා සාමකාමී සහජීවනය ඇති කිරීම වෙනුවට බොහෝ නිර්දේශයන් ප‍්‍රජාවන් කොන්කිරීම, නෙරපා හැරීම, රැුඩිකල්කරණය කිරීම හා ප‍්‍රතිරැුඩිකල් කරණය කිරීමට හේතුවිය හැකිය.

සමහර නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙන් දැනට ආපසු හරවන ලද වසරකට ආසන්න කාලයක් සඳහා බලාත්මකව පැවැති ආදාහනය කිරීමේ ප‍්‍රතිපත්තිය පවා පිළිගත නොහැකි තත්ත්වයකට නිර්මාණය වනු ඇත.

ගැටලූවකට මූලික වශයෙන් බලපාන්නේ ඉස්ලාමය සමග යුද්ධයේදී බටහිර දක්‍ෂිණාංශික අන්තවාදීන් 1992 වසරේ සිට අලෙවිකරමින් සිටි සනාථ නොකළ හා ඔප්පු නොකළ කියමන් හා වාර්තා මෙම වාර්තාවෙන් සැලකිල්ලට ගෙන ඇතත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගිනිමින් කොමිෂන් සභාව ඉදිරියේ විවේචනාත්මක ඇගයීමට ලක්කර සාක්ෂි මත එය පදනම් නොවීමයි. මේ නිසා ආර්ථික දියුණුවට අහිතකරවන ජාතිවාදී ගැටුම්වලට ශ‍්‍රී ලංකාව තවදුරටත් කොටුවනු ඇත.

ඇත්ත වශයෙන්ම කොමිසම ධනාත්මක නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර ඇත. අප ඒවායින් කිහිපයක් පිළිබඳව වෙනත් කථිකාවකින් අවධානය යොමු කරමු.

එහෙත් ජාතික තව්හිද් ජමාද් ත‍්‍රස්තවාදීන් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් මුස්ලිම් ප‍්‍රජාවට හෝ ඉස්ලාමයට එහි දිගුකලක සිට පිළිගත් කීර්තිමත් ආයතනයකට දඬුවම් කිරීම පිළිගත නොහැක. මෙය සමාන කළ හැක්කේ එක්සත් ජනපද රජය විසින් ශ‍්‍රී ලංකාවේ හමුදාපති වැරදි කර ඇති බවට කරන සනාථ නොකළ චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ පවුලට ද`ඩුවම් කිරීම හෝ සෞදි ජාතිකයින් විසින් සිදුකරනු ලදැයි කියන සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සඳහා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට අවිචාරවත් ලෙස බෝම්බ හෙළීම වැනි සිදුවීම් වලටය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සඳහා ඉස්ලාමයට දොස් පැවරීමට වාර්තාව අසාධාරණ ලෙස උත්සාහ කරයි නම් එය අනිවාර්යෙන්ම තදින්ම ප‍්‍රතිරෝධය මතුවන කම්පනය දනවන චෝදනාවකි. එවැනි නිර්දේශ ගැටුම්වලට තුඩු දෙන අතර පවතින ගැටලූ පවා එයින් විසඳෙන්නේ නැත.