රත්නපුරේ මැණික්වලින් අල්කයිඩා අයි එස් අයි එස් අරමුදල් තර කළ අයුරු

Spread the News


 araksha
 
araksha2

divaina:

ඇය ඔස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඒජන්සිය සහ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර තාලිබ් ඇන්ඞ් සන්ස් හෙවත් තාලිබ් පුත‍්‍රයෝ සමාගමේ හිමිකරු අහමද්් දුක්මාන්ගේ නැ`ගණියයි. අහමද් යනු පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවකි.
 
 ශ‍්‍රී ලංකාව ටැන්සානියාව, තුර්කිය, බ‍්‍රසීලය, කොළොම්බියාව සහ ගල්ෆ් කලාපය සම`ග මැණික් වෙළෙඳාමේ යෙදුණු අහමද් තාලිබ් සහ සමාගම පිහිටුවන ලද්දේ 2019 පෙබරවාරි 5 වැනිදාය. මේ මැණික් වෙළෙඳාමේ යෙදුණු සමාගම පසුබිමේ ක‍්‍රියාත්මක වූයේ අයිසිස් සහ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානවලට අරමුදල් සැපයීම බව ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ඔස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඒජන්සිය සහ ෆෙඩරල් පොලිසිය විසින් දැනුම් දීමක් සම`ගම තාලිබ් පුත‍්‍ර සමාගම හෙවත් මැණික් මාරින් වෙළෙන්දන්ගේ වෙස් මුහුණ ගැලවී බිම වැටුණි.
 
 මේ වසරේ මාර්තු 25 වැනිදා ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා නගරයේ නිවසකට කඩා වැදුණු ඔස්ටේ‍්‍රලියා ත‍්‍රස්ත මර්දන නිලධාරීහු 31 හැවිරිදි අහමද් ලූක්මාන් තාලිබ් අත්අඩංගුවට ගත්හ. ඔහුගේ නිවසේ තිබී ඩොලර් 80,000 ක්, අධික මිලක් වටිනා මැණික් තොගයක් සහ විවිධ විද්‍යුත් උපාංග රැසක් සහ තොරතුරු හෙළිකර ගත නොහැකි ජංගම දුරකථනයක්ද සොයා ගත්හ.
 
මේ ජංගම දුරකථනයේ රහස්‍ය මුරපදය ලබාදෙන ලෙස ත‍්‍රස්ත විමර්ශනයක් අහමද් ලූක්මාන්ගෙන් ඉල්ලා සිටියත් ඔහු එය ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළේය.
 
 දරුවන් අටදෙනකුගේ පියකු වූ අහමද් ලූක්මාන් සම`ග ගබි‍්‍රයෙල් ක්‍රෙසි නැමැත්තකුද පොලිස් අත්අඩංගුවට ගැනීමට ත‍්‍රස්තමර්දන නිලධාරීහු ක‍්‍රියා කළහ. සිරියාවේ අයිසිස් සහ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානවලට සම්බන්ධ ජබාන් එල් නුස්රා සංවිධානය සමග දැඩි සබඳකම් පැවැත් වූ අහමද් තලිබ් සහ ක්‍රෙසි ගැන හෙළි වුයේ ඔස්ටේ‍්‍රලියානු රජයේ සාක්කිකරුවකු වූ පුද්ගලයකුගෙනි. ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය එම පුද්ගලයාගේ ආරක්‍ෂාව සඳහා ඔහු කවුදැයි හෙළිකර නැත. ඔස්ටේ‍්‍රලියාවේ සිටි ඉස්ලාමීය ත‍්‍රස්තවාදයට සම්බන්ධව තුර්කි කණ්ඩායමේ නායකයකු වූ අබ්දුල්ලා හෙවත් නිල් ඇස් ඇති මිනිසා යනුවෙන් හඳුන්වනු ලැබූ ත‍්‍රස්තයකු සම`ග අවන්හලකදී සාකච්ඡාවක් සංවිධානය කර ඇත්තේ අහමද් ලූක්මාන්ය.
 
 සිරියාවට යෑමට නියමිතව සිටි එම අබ්දුල්ලාගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කර ඇත්තේ අහමද්ය.
 
 සිරියාවේ ඇති කහටාබ් ජමාත් සංවිධානයේ ප‍්‍රධානීන් හමුවීම සඳහා අවශ්‍ය උපදෙස් අබ්දුල්ලාට ලබාදීමට ක‍්‍රියා කළ අහමද් හියුමැනිටේරියන් රිලිෆ් ඇන්ඞ් හියුමන් රයිට්ස් පවුන්ඬේෂන් හෙවත් අයි. එච්. එච්. නැමැති සංවිධානය සමගද අහමද් සබඳකම් පවත්වා ඇත. මෙම සංවිධානය අල්කයිඩා ත‍්‍රස්තවාදීන්ට අවි ආයුධ ප‍්‍රවාහනය කර ඇතිබව හෙළිවිය.
 
 මෙවන් පසුබිමක් මැද 2019 අපේ‍්‍රල් 5 දා ඔස්ටේ‍්‍රලියාවේ මවුන්ට් වෙවර්ල්හි පිහිටුවන ලැබූ තාලිබ් පුත‍්‍ර සමාගම මැණික් මිලයට ගනු ලැබුවේ රත්න පුරයෙනි.
 
 අහමද්ගේ ඥාතීන් ශ‍්‍රී ලංකාවේ සිටින අතර ඔහුට රත්නපුරයේදී මැණික් සැපයුවේ කවුදැයි මෙතෙක් විමර්ශනය සිදු වී නැත.
 
 ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය අහමද්ගේ මැණික් වෙළෙඳාමේ තොරතුරු සොයාගනු ලැබූවත් මෙරට රහස් පොලිසිය ඔහුගේ රත්නපුර සබඳතා විමර්ශනය කිරීමට මේ දක්වාම කටයුතු නොකිරීම මවිතයකි.
 
 රත්නපුරයෙන් ලබාගත් මැණික් ජාත්‍යන්තරය තුළ අලෙවි කෙරුණේ අයිසිස් සහ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානයට අරමුදල් සැපයීම සඳහායි.
 
 මෙලෙස තාලිබ් පුත‍්‍ර සමාගමේ හිමිකරු අහමද් ලූකමාන් ඔස්ටේ‍්‍රලියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට පෙර කටාර්හි සේවය කරන මහාචාර්ය තාලිබ් සහ ඔහුගේ පුත‍්‍රයාද කටාර් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. දින 45 ක් තිස්සේ කටාර් සිරගෙදර සිටි මහාචාර්ය තලිබ් සහ පුත‍්‍රයා රැඳවුම්භාරයෙන් නිදහස් විය. එහෙත් ඔහු කටාර් රජයට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කළේ නැත.
 
 එසේ වූවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමේ සාක්කිකරුවකු රහසේ ලබාදුන් සාක්කිය ගැන මහාචාර්ය තාලිබ්ට වාර්තා වී තිබුණි. මේ නිසා ඔහු තමා ශ‍්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන බව පැවසූවත් මේ දක්වාම නඩුවක් ගොනු වී නැත.
 
 මෙලෙස මහාචාර්ය තාලිබ් ලූක්මාන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ බවට මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර කළ ප‍්‍රකාශයමක් සමගම එම චෝදනා බොරු බව දක්වමින් ශ‍්‍රී ලංකා රජයට නඩු පැවරීමේ කොන්ත‍්‍රාත්තුවක් බි‍්‍රතාන්‍යයේ කේජ් නැමැති රාජ්‍ය නොවන සංවිධානයට පවරා තිබේ.
 
 කේජ් සංවිධානය සඳහන් කළේ ශ‍්‍රී ලංකා රජය මුස්ලිම් ප‍්‍රජාවට නඩු පැවරීමේ පිළිවෙතක් අනුගමනය කරන අවස්ථාවේ තාලිබ් සහ පවුලේ අයගේ ජීවිත අනතුරේ දමා ඇති බවයි.
 
 මේ අතර ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව 2020 ඔක්තෝබර් මස නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරමින් අහමද් ලූක්මාන් තාලිබ් අල්කයිඩා සංවිධානයට පහසුකම් සපයන්නකු බව අනාවරණය කරනු ලැබීය. ඔස්ටේ‍්‍රලියානු නඩු අධ්‍යක්‍ෂක ක්ලේයාර් කොනර් සඳහන් කළේ අන්තවාදී තාලිබ් ඔස්ටේ‍්‍රලියාවේ සිට සිරියාවට යෑම සඳහා එක් පුද්ගලයකුට පහසුකම් ලබාදීමට කටයුතු කළ බවයි.
 
 1995 වසරේ ශ‍්‍රී ලංකාවේ සිට ඔස්ටේ‍්‍රලියාවට පැමිණ අහමද් ලූක්මාන් තාලිබ් සතුව ව්‍යාජ වෙනිසියුලානු ගමන් බලපත‍්‍රයක්ද තිබූ බව වාර්තා විය. එහෙත් එම ගමන් බලපත‍්‍රය අතුරුදන් බව පැවසූවත් එය තාලිබ් සතුව ඇතැයි ඔස්ටේ‍්‍රලියානු පොලිසිය සැක කරයි.
 
මේ පසුබිම මැද 2018 දී ඔස්ටේ‍්‍රලියානු ආගමන බලධාරීහු ඔහුගේ ඔස්ටේ‍්‍රලියානු ගමන් බලපත‍්‍රය අවලංගු කර තිබුණි. එහෙත් ඊට පෙර එනම් 2013 මැයි මස ඔහු තුර්කිය වෙත ගිය බවට වාර්තා වී තිබුණි.
 
 එසේම ඔස්ටේ‍්‍රලියාවේ සිටි සටන්කාමියකුව තුර්කි වීසාපත් ලබා දී තුර්කියට යෑමට සහ එහි නතර වී සිටීමටද තාලිබ් උදව්කර ඇත.
 
 මේ අතර අයි එච් එච් නැමැති මුස්ලිම් මානව හිමිකම් සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වුණේද?
 
 මේ අයි එච්. එච්. සංවිධානය අල්කයිඩා සහ අයිසිස් සංවිධානයට සම්බන්ධ බව ඊශ‍්‍රායල් මොසෑඞ් සංවිධානය සොයාගෙන තිබුණි.
 
 මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ 2020 ජුලි 27 වැනිදා කටාර් රහස් පොලිසියේ සිවිල් ඇඳුමින් සැරසී නිලධාරීන් පස්දෙනෙකු මහාචාර්ය තාලිබ් සහ ඔහුගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවන් ගැන වාර්තා වීමත් සම`ගය.
 
araksha3මේ අතර යහපාලන රජයේ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව පාස්කු ප‍්‍රහාරය ගැන සාක්කි විමසනු ලැබූවත් මහාචාර්ය තාලිබ්ගේ සබඳතා ගැන කිසිම සාක්කියක් ඉදිරිපත් වූයේ නැත. එහෙත් මහාචාර්ය තාලිබ් සහ පවුලේ අයවලූන් සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් සම`ග සබඳතා පවත්වා ඔවුන්ට සිරියාවට යෑමට උදව් කළ බව පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.
 
 මෙලෙස ඔස්ටේ‍්‍රලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති අහමද් ලූක්මාන් තාලිබ්ගේ අතීතයද මේ වනවිට හෙළි වී ඇත. 2010 ජුනි මස දිනෙක ඊශ‍්‍රායල් කොමාන්ඩෝ භටයන් විසින් අල්කයිඩා මාවිමර්මා නැවට එල්ල කළ ප‍්‍රහාරයේදී අහමද් ලූක්මාන් සහ ඔහුගේ සොයුරිය වූ මර්යාම්ද සිටි බව වාර්තාවේ.
 
 මානව හිමිකම් ක‍්‍රියාකාරීන් වේසයෙන් සිටි ඉස්ලාමීය අන්තවාදීන් නව දෙනකු වෙඩි තබා මරා දැමූ කොමාන්ඩෝ භටයෝ වෙඩි වැදී තුවාල ලබා සිටි අහමද් ලූක්මාන් සහ ඔහුගේ සොහොයුරියද අත්අඩංගුවට ගනු ලැබූවන් පසුව නිදහස් කෙරුණි.
 
 මෙවන් පසුබිමක් මැද 2018 දී මෙරට ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අල්කයිඩා ක‍්‍රියාකාරීයකු අත්අඩංගුවට ගනු ලැබූවත් ඔහු ගැන පරීක්‍ෂණ පැවැත්වීම නතර කරන ලෙස රහස් පොලිසිය විසින් නියෝග කර තිබූ බව හෙළි විය. මේ අල්කයිඩා ත‍්‍රස්තයා ගැන විමර්ශනය රාජ්‍ය බුද්ධි සේවා විසින් කරන බවද රහස් පොලිසියේ නිලධාරියකු වූ සම්පත් කුමාර නැමැත්තා ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට දන්වා තිබේ. මේ අතර ඇමෙරිකානු බුද්ධි සේවාව විසින් තාලිබ් අහමද් ලූක්මාන් හෙවත් අඩම් අහමද් සතුව මාලේ සහ වෙනිසියුලා ගමන් බලපත් දෙකක්ද ඇතැයි සොයාගෙන තිබේ.
 
 මෙවන් තත්ත්වයක් මැද වසර ගණනකට පෙර අහමද් ලූක්මාන් සිය සොහොයුරිය වූ මර්යාම් සමග ගාසා තීරය වෙත අල්කයිඩා නැවක් වූ මාවි වර්මා නැවෙන් සහනාධාර බෙදාදීමට යන අවස්ථාවේ ඊශ‍්‍රායල් ප‍්‍රහාරයකට ලක්වීමට අදාළ තොරතුරු කෙරේ එවකට පැවැති ශ‍්‍රී ලංකා රජය හෝ බුද්ධි අංශ විමර්ශනය කර නැත. මර්යාම් මෙම සිදුවීමෙන් පසු ඔස්ටේ‍්‍රලියාවට යන ගමන් ශ‍්‍රී ලංකාවටද පැමිණි දෙහිවල නැදිමාලේ සිය ඥාතියකුගේ නිවසකටද පැමිණ ඇතැයි වාර්තා විය.
 
 එහෙත් මර්යාම් ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය ක‍්‍රියා කළේ නැත.
 
 මේ තත්ත්වය මත කටාර් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කළ මහාචාර්ය තාලිබ් සහ ඔහුගේ තවත් පුත‍්‍රයකුට සිදු වූ තාඩන පීඩන ගැන ඔහුගේ නීතිවේදීන් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත. ඒ කටාර් රජයට එරෙහිව නොවේ. කටාර් රහස් පොලිසිය ඔහුට වධහිංසා පමුණුවා ඇති බවට හෙළි වූවත් මහාචාර්ය තාලිබ්ගේ නීතිවේදීහු ශ‍්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර තිබේ. ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල නිරතව සිටින නිසා ඊට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළ බව එකී නීතිවේදීන් හෙළි කර ඇත. මෙලෙස ජනපති පරීක්‍ෂණ කොමිසමේදී කටාර් මහාචාර්ය තාලිබ් සහ ඔහුගේ පුත‍්‍රයකුගේ ක‍්‍රියාකලාපය හෙළි වූවත් පාස්කු ප‍්‍රහාරයට විදේශ සබඳතා සම්බන්ධ වීම ගැන විමර්ශනය කිරීමට එවකට සිටි රහස් පොලිස් ප‍්‍රධානී ශානි අබේසේකර නැමැත්තා ක‍්‍රියා කර නැත.
 
 මෙය තහවුරු වුයේ 2020 දෙසැම්බර් 28 දා කෑගල්ල භාර පොලිස් අධිකාරී චාමික වික‍්‍රමසිංහ රහස් පොලිසියේ ප‍්‍රධානියාට සිටි ශානි අබේසේකර වෙත ලිපියක් එවමින් මාවනැල්ල බුදු පිළිමය කැඞීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා පිළිබඳව සිදු කළ පරීක්‍ෂණවලදී ජාත්‍යන්තර සංවිධානයක් එකී පසුබිමේ සිටින බවත් ඒ ගැන ජාත්‍යන්තර පොලිසිය මගින් නිසි තොරතුරු ලබා ගන්නා ලෙසත් ඉල්ලා තිබීමයි. එම ලිපියට ශානි අබේසේකර මෙලෙස ප‍්‍රතිචාරය දක්වා ඇත.
 
araksha4 ..ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමේ තත්ත්වයක අප නැත. ඔබගේ පණිවුඩයේ රට කුමක්දැයි සඳහන් කර නොමැත. එහෙත් ඒ වන විට සහරාන් නැමැති ත‍්‍රස්තයා අන්තර් ජාලය ඔස්සේ සිය අන්තවාදී මෙහෙයුම් දියත්කර තිබුණි. මේ පිළිබඳව එවකට රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානියා නොදැන සිටි බව තහවුරු වේ.
 
 මේ අතර මැණික් ව්‍යාපාරය මුවාවෙන් රත්නපුරයේ මැණික් අලෙවිකර අයිසිස් සහ අල්කයිඩා සංවිධානවලට අරමුදල් සැපයූ අහමද් ලූක්මාන් තාලිබ් ගැන විමර්ශනය කිරීමට රහස් පොලිසියේ විමර්ශකයන් පිරිසක් ඔස්ටේ‍්‍රලියාවට ගියේ නැත. එහෙත් දේශපාලකයන් පිරිසක් ගැන සෙවීමට මූල්‍ය අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් අතිවිශාල මුදලක් වැය කරමින් ඩුබායි නුවරට ගිය බව වාර්තා විය. අහමද් ලූක්මාන් ගැන ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විමර්ශනය කළේ තනිවම නොවේ. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටාර් රහස් පොලිසිය සහ ඇමෙරිකානු බුද්ධි සේවාව ඊට එක් වී සියලූ තොරතුරු ලබා දී තිබුණි. එහෙත් පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කළ ජනපති කොමිසම හමුවේ මහාචාර්ය තාලිබ් සහ පුත‍්‍රයා ගැන තොරතුරු හෙළිවනතුරු රහස් පොලිසිය ඒ ගැන දැන සිටියේ නැත. විරුද්ධ පක්‍ෂ දේශපාලකයන් සහ වෙබ් අඩවිකරුවන් විසින් ෂර්ලොක් හෝම්ස් යැයි හඳුන්වනු ලැබුවේ එවන් රහස් පොලිසියක් මෙහෙයවූ ශානි නැමැත්තායි. මේ අතර ඉතිහාසයේ මුල්වරට ශ‍්‍රී ලංකාවේ රජය සහ හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් යෝජනා හතරකට මුහුණ පා ඇත. ජිනීවා යෝජනාව, කැනඩා ද්‍රවිඩ සමූල ඝාතන යෝජනාව ඇමෙරිකානු කොංග‍්‍රස් යෝජනාව සහ යුරෝපා පාර්ලිමේන්තු යෝජනාව යන යෝජනා මගින් ශ‍්‍රී ලංකා හමුදාවේ හිටපු ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ.
 
 එහෙත් විපක්‍ෂය සහ රජයේ බලධාරීන් මේ යෝජනා ගැන නිසි අවධානය යොමු කර නැත.
 
 එසේ වූවත් රටතුළ පොහොර හි`ගය සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට මෙන්ම කොරෝනා වසංගතය පැතිරීම යන කරුණු ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට දේශපාලන කණ්ඩායම් නිරත වී සිටිති.
 
 මෙලෙස ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යෝජනා සංඛ්‍යාව හතරක් දක්වා වැඩිවුයේ කොටි ඩයස්පෝරාව සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන පෙත්සම් තොගපිටින් ඇමෙරිකාවට සහ යුරෝපා සංගමයට යැවීමයි.
 
 මේ යෝජනා හතරටම කොටි ඩයස්පෝරාවේ දායකත්වයක් ඇත. මින් ඇමෙරිකානු කොංග‍්‍රසයේ යෝජනාව පසුබිමේ කොටි හිතවාදී මන්ත‍්‍රී ඩැනි කේ ඬේවිස් සිටින බව අනාවරණය වී ඇත.
 
 අංක 413 නැමැති මෙම කොංගස් යෝජනාව ඉදිරියට ගෙන යෑමෙන් වළකින ලෙස ශ‍්‍රී ලංකා රජය ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාරයක් ලැබී නැත.
 
 2002 වසරේ ඇමෙරිකානු රජය ඇමෙරිකානු හමුදාභටයන් රැක ගැනීම සඳහා අයි. සී, සී. විරෝධී පනත සම්මත කරනු ලැබීය. එහෙත් ශ‍්‍රී ලංකාවේ රජය අද වනතුරු එවන් පනතක් පාර්ලිමේන්තුව හමුවට ගෙනවුත් සම්මත කර නැත.
 
 මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.