Spread the News

* අපේ රටේ මිනිස්සු වෙනසට බයයි. පුරුද්දට කැමතියි නමුත්  ලෝකය වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයි

දේශීය සම්පත් විකුණනවා. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් වැලිකඩ, කෙරවලපිටිය විකුණන්න දාලා. හිටිහැටියේ ගෑස් ටැංකි පුපුරනවා. කුස්සියට ගියාම ආර්ථිකයේ තත්ත්වය පේනවා. කඬේට ගියාම වෙලා අත්ත දේ තේරෙනවා. අපිටත් දැන් කියල ඇතිවෙලා. දැන් අවශ්‍ය මේකෙන් ගොඩ එන විදිහක් හොයන එක. ජනතාව අහනවා කවදද ආයේ ඡුන්දේ එන්නේ කියලා. මොනවා වුණත් තව අවුරුදු තුනක් ඉන්න වෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ” ”ගමෙන් පටන් ගමු ” ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනා රැුගෙන ජනතා විමුක්ති පෙරමුණ ඔබේ ගමට ” යන මැයෙන් බණ්ඩාරගම රයිගම ලංකා උත්සව ශාලාවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ රට වාසනාවන්ත රටක්. ගොඩගන්න පුලූවන් රටක්. ප‍්‍රධාන මුහුදු මාර්ග හතරක් තියෙනවා. අවුරුද්දකට නැව් 36000 ක් ඒ හරහා යනවා. ලෝක වෙළෙඳාමෙන් සියයට 30 ක් සිදුවෙනවා .ලෝකේ බලවත් වූ සියලූ දෙනා අපේ රට අත්පත්කර ගත්තා. චීනය, ඉන්දියාව, ඇමරිකාව ද`ගලන්නෙ ඒකට.

දීර්ඝ කාලයක් වැරදි දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා අපේ රට ආර්ථික වශයෙන් කඩාවැටී තියෙනවා. ළිං කටින් වැටුණ මිනිහා ළිං කටෙන්ම ගොඩඑන්න ඕන. මේ ක‍්‍රමයෙන් හැදෙන්නෙ එක එක්කෙනා. සියලූ දෙනාගේ ගොඩඑන ක‍්‍රමයක් ඕනකර තියෙනවා.

නව පාලනයක් හදන්න ඕන. කිසිකෙනෙක් අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා. අපිට ඒක කරන්න පුලූවන්. අපේ රටේ මිනිස්සු වෙනසට බයයි. පුරුද්දට කැමතියි. මේ ලෝකේ වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසා තමයි. වෙනස තමයි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. වෙනස කරමු ඒ ගැන ප‍්‍රශ්න කරන්න. බලය තියෙන්නේ ජනතාව ළ`ග. ඡුන්දේ කියන්නේ අපි ළ`ග තියෙන බලය තාවකාලික පාලන කණ්ඩායමකට භාරදෙන එක. ආයේ වසර කීපයකින් ඒක යළි ජනතාව අතට එනවා.

අපිට වැදගත් කොහොමද ඊළ`ග මැතිවරණයේ දී බලය ගන්නේ කොහොමද ?

අපේ අරමුණ හුදු ආණ්ඩුවක් හැදීම නොවෙයි. රට ගොඩගන්න ඕන විදිහට, කඩාවැටී ඇති රට ගොඩනගන්න ජනතා ව්‍යාපාරයක් ඇතිකළ යුතුයි. යළි නූතන නිදහස් අරගලයක් කරන්න ඕන.

මේ ආණ්ඩුව පොහොර නිකං දෙනවා කිව්වා. අද හෙන ඉල්ලනවා. චීනෙට වම් අතින් ඩොලර් ඉල්ලනවා අනිත් අතින් හම්බන්තොට ඉල්ලනවා.

පතුලට හිදිච්ච ආර්ථිකයක අපේ රටේ තියෙන්නේ. බොරු සම්ප‍්‍රප්පලාපවලින් තොරව රටේ පුරවැසියන්ට ඇත්ත කියන්න ඕන. පිරිපහදුව වහල දැම්ම බොරතෙල් ගේන්න ඩොලර් නැතිව. කිරිපිටි ගෙන්වන්නෙ නෑ. ජනතාවට ඇත්ත කියමු. මේ ආර්ථිකය ගොඩගන්න කෙටි කාලයක් හැමෝම එක්වෙලා මහන්සි වෙමු. දූෂණය නතර කළ යුතුයි. දූෂණය කියන්නේ එවෙලේ ගන්න අල්ලසක් නොවෙයි. ඒක දීර්ඝ කාලයකට බලපානවා. මත්තල එයාර් පෝට් එකෙන් විශාල දූෂණයක් වුණා. අවුරුදු අටක් ගියා ශතපහක වැඩක් නෑ. ඒක බරවා කකුලක් වගේ. කපන්නත් බෑ වැඩකුත් නෑ.

කෝටි දාසය ලක්ෂ තිස්පන්දහසක් ණයක් තියෙනවා. ඒක පාලකයන්ට පෙන්වන්න බෑ. 2008 හිටපු විගණකාධිපති කිව්වේ 2008 දී ණය කෝටි ලක්ෂ 11 යි. නමුත් පේන්න තියෙන්නේ කෝටි ලක්ෂ දෙකයි කියලා. ආර්ථිකය විනාශ වෙන්න ප‍්‍රධානම වශයෙන් බලපාන්නේ රටක පාලකයා. රටක පාලකයා හොරෙක් වුණොත් රට ඉවරයි. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ දී කිව්වා ඔබතුමාගේ ඡුන්දෙට චීනෙන් දුන්න චෙකපත් අංක මා ළ`ග තියෙනවා කියලා. එතුමා ”හ්ම් ”කියලා ඔළුව වැනුවා.

පාලකයා සහ පාලනය දූෂණය නොවන පාලනයක් අපි හදන්න ඕන. මම අවුරුදු 21 ක් පාර්ලිමේන්තුවේ ශතයක් සොරකම් කරල නෑ. දූෂණය කරපු දේ අත්පත් කරගන්නව. සාමුහිකව වැඩකරන්න දේශපාලකයා ආදර්ශමත් වෙන්න ඕන. ජනතාව වැඩකරනකොට පාලකය වැරදි කරනවා නම්. කරන්න බෑ. දේශපාලකයින්ට වාහන බලපත් ලබාදීම නතර කළ යුතුයි. පෙන්සන් නැතිකරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීට අවුරුදු පහටම එක වාහනයක් දෙනවා ඇමැතිවරුන්ගේ නිල නිවාස නැතිකළ යුතුයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

රට කරවන අය ගොඩගන්න බැරිවෙන්න රටේ ආර්ථික සම්පත් විකුණනවා. අපිව ණය උගුල් ඇතුලේ හිරකරනවා. මේ රට ඉදිරියේදී ඇති අභියෝගය තේරුම් අරගෙන හැම දෙනාම එකතු වෙලා එකමිටට වැඩකරමු. මෙම අවස්ථාව සඳහා බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් වන සමිත් ජානක ප‍්‍රනාන්දු, චමින්ද දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරී විශාල පිරිසක් සහභාගි වූහ.

කැස්බෑව ජයසිංහ- Divaina