Spread the News

Divaina:

අගමැති රැකවලුන් මාධ්‍යවේදීන්ට පහරදෙයි

කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත් හා මාධ්‍යවේදිනී සරසි පීරිස් ඇතුළු සිවුදෙනෙකුට එහි ආරක්ෂාවට සිටි පොලිසියේ හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලැබ ඔවුන් රෝහල්ගත කෙරිනි.

මේ අතර අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනිතබා ඇති බව ද වාර්තා විය. ඊයේ රාත්‍රි කතානායකවරයා නිවේදනය කළේ ජනාධිපතිවරයා එළඹෙන බදාදා (13 දා) සිය ධුරයෙන් ඉවත්වන බව තමාට දැනුම්දුන් බවයි.