Sat. Jan 18th, 2025

Category: Prof. Edward M. Perera

අනුර කුමාරගේ උපන් දින සාදයේදී “වයසට ගියත් ගීතයක් ගයන්න ඕනෑ” කියා ඔහු සභාව අමතා ප්‍රකාශ කළා.

වයසට යෑම කොතරම් සාපේක්ෂ ද යන්න පැහැදිලි කිරීම සඳහා අද දින මම කිසියම් සටහනක් තැබුවා. මෙහි පහත දැක්වෙන්නේ එම සටහනයි: 1968 උපන් පුද්ගලයෙක් “මා දැන් මහළු වියේ” කියා කී කීම…

අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩමළු වෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් racism කියා හඳුන්වන්නෙත් වසර හතළිස් ගණනාවක් තිස්සේ මා විසින් ලක්වැසි ජනතාවට තෝරා බේරා දීමට උත්සාහ කරන වචනයක් වන “වර්ගවාදය” යන වචනයේ ඉංග්‍රීසි පරිවර්තනය. හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි…

ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගල වල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත ධනේෂ්වර ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන් වලට උපතදීමත්,ඒවා පවත්වාගෙන යාමත්, අවශ්‍ය අවස්ථාවලදී එහි ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳ හෝඩුවාවක් සාමාන්‍ය ජනතාව නොදැන සිටීමයි.

පැරණිම හා හොඳම උදාහරණය බෝල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා කම්කරු ව්‍යාපාර මෙහෙයවන අතරේම බ්‍රිතාන්‍ය පාලකයන් සමඟත් එක්තරා සහයෝගිතා උපක්‍රමය ද භාවිතා කිරීමයි. ලන්ඩනයේ LSC විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි…

වසර විසි හතරක පමණ කාලයක් දේශපාලනය කළ අනුර කුමාර වැනි පුද්ගලයෙක් අහිංසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වී මොනවද මේ කරන කතා.

ගැළරිය පිනවීම සඳහා ඔහු හැමදාමත් ජාතිවාදයක් ගැන කතා කරනවා. රාජාසන කතාවෙදිත් ඔහු එය කිසිම ලැජ්ජාවක් නැතුව පුනරුච්චාරණය කළා. මා විසින් දැනට වසර හතළිස් හතරකට ඉහතදී ලියනලද පර්යේෂණාත්මක ග්‍රන්ථයක ජාතිවාදය යනු…

ආර්ථික ප්‍රශ්න විසඳුවහොත් වාර්ගික ප්‍රශ්න පැන නන්නේ නැති බව පැහැදිලි කරමින් කෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවේ සටහනක් තබා තිබුණා. ඊට මා දුන් ප්‍රතිචාරය පහත දැක්වේ.

හිත ඇත්නම් පත කුඩාද කියා කිව්වක් මෙන්, අවශ්‍ය නම් ආණ්ඩුවකට හැමදේම බැරි වුනත් බොහෝ දේ කළහැකියි. එඩිතර පියවරවල් ගත හැක්කේ අප නිවහල් වුවහොත් පමණයි. එක පැත්තකින් ඇමෙරිකාව බලපානවා, තව පැත්තකින්…

සුදත්ත නමැති youtube “වීරයා” නව පාර්ලිමේන්තුවට අලුතින් පත්වී ආ දමිළ ස්වාධීන මන්ත්‍රී හා දමිළ ත්‍රස්තවාදය අතර ඇති සම්බන්ධය ගැන කර ඇති විග්‍රහය පාදක කරගෙන පහත සඳහන් සටහන තැබුවෙමි.

සුදාගේ මාධ්‍යකරණය ගැන මම යමක් කියන්න යන්නේේ නෑ. ඒක අනාගතයට තියලා අතීතයේදී මොකද උනේ වර්තමානයේ මොකද වෙන්න යන්නේ කියන එකයි මා කියන්න උත්සාහ කරන්නේ. එක්කෝ සුදා දන්නේ නැහැ. එහෙම නැත්නම්…

රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපති හැටියට සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි.

ජාති ආගම් කුලභේද වලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට තබා සක්‍රයාටවත් සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාවය යටපත් කරන්න ඉඩක් නොලැබෙන්නේ ඔහුත්…

බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතය කියන්නේ උපතයි කියා.

ඒ වගේම මරණය හඳුන්වන්නේ විපත කියායි. උපත ඇති වන්නේ මරණය නිසයි. මරණය විපතක් නම් උපත ද විපතක් විය යුතුයි. එසේ සිතනවාට වඩා උපත කියන්නේ සැපතක් නොවන බවත් කිසිසේත්ම විපතක් නොවන…

ඉතා හොඳ විග්‍රහයක් විශ්ලේෂණයක්, සර්ව සුබවාදී දෘෂ්ටියක්, මානව හිතවාදී දැක්මක්.

නමුත් කථිකයා එක දෙයක් පිළිබඳව සඳහන් කිරීමෙන් වළකින්නේ කුමන කාරණයක් නිසාද යන්න අපැහැදිලියි. විශාල ජනතා ප්‍රසාදයකින් ජයග්‍රහණය තහවුරු කළ කණ්ඩායමක දේශපාලන ගමනට බාධාවන හෝ අවහිරවන තර්ක විතර්ක අභියෝග ඉදිරියට ගෙන…

ශ්‍රීරී ලාංකික කියා ජාතියක් ඉතිහාසය තුළ හෝ ලෝකයේ කොහේවත් තිබී නැහැ.

කොල්වින් ආර් ද සිල්වා කියන බෝල්ෂේවික් දේශපාලකයා 1972දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ හිත දිනා ගැනීම සඳහා පක්ෂයේ නම රටට තැබුවා. හැම රටකටම නමක් හැදෙන්නේ ඒ භූමියේ වාසය කරන බහුතර ජනයාගේ වාර්ගික…

විජේවීර කෑවේ බාස්මති

කොහෙන්ද මේ දිනමිණ පිටුව හොයාගත්තේ? ආර් ප්‍රේමදාස නම් අළුගෝසුවා මේ සියලුම විනාශයන් සිදුකර ජඩ මාධ්‍යවලට දන්වා තිබුණේ රෝහණ විජේවීර සම්බන්ධයෙන් මෙවැනි තුච්ච මඩ ප්‍රචාරයක් දියත් කරන්න කියාා. ඒ යක්ෂයාටයි රන්ජන්…

පාස්කු ප්‍රහාරයට රදගුරු සම්මේලනය සහභාගි නොවී සිටියා නම්

පාස්කු ප්‍රහාරයට රදගුරු සම්මේලනය සහභාගි නොවී සිටියා නම්, යුක්තියක් සාධාරණත්වයක් ඉල්ලා වසර ගණනාවක් දිග්ගැස්සුණු අරගලයක් සඳහා පල්ලිය මේතරම් වළිකන්න අවශ්‍ය වන්නේ නැහැ. අඩු වශයෙන් ප්‍රහාරය සිදුවුණු දා කාදිනල් ඇතුළු පූජකයින්…

බුදුන් බෝධියට වඳින්න කිව්වෙත් නැහැ, බුදුන්ගේ කාලේ බෝධි පූජා තිබ්බෙත් නැහැ කියලා කථිකාචාර්යවරයෙක් යැයි කියාගන්නා කැකිරාවේ සුදස්සන හිමි වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී කියන ආකාරය මා අසාගෙන සිටියා.

මොහුව මා පෞද්ගලිකව හඳුනනවා. කලකට ඉහත දී මගේ ගෝලයෙක් වෙන්න කැමැත්ත පළ කළත් මා ඊට කැමති නොවුන නිසා සම්බන්ධය පූර්ණ වශයෙන්ම දුරස් වුණා. ඒ ගැන මා හට ඇත්තේ සතුටක්. බුදුන්ගේ…

අනුර ඉතා බුද්ධිමත් විචක්ෂණශීලී පුද්ගලයෙක් යයි දේශපාලනයේ එළ්ලෙන්න වැල් නැතිව ඇඹරෙමින් සිටින උදය ගම්මන්පිළ විසින් ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකා දේශපාලනයේ අවස්ථාවාදී නිරුවත් බව මනාව සංකේතමත් කරනවා.

කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඔන්න ඕකට තමයි. අනුර කුමාරගෙ බුද්ධියයි ගම්මංපිළගේ බුද්ධියයි කියන්නෙ දෙකක් නොවේ එකක්. පදින විට ඔරුවේ උඩ පැත්තයි පෙරලුන විට ඔරුවෙ යට පැත්තයි දෙකම හොඳයි කියන…

අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගැමි සුවඳ ගැන වර්ණනා කරමින් මාගේ ඥාති පුත්‍රයෙක් මවෙත එවා ඇති මනඃකල්පිත රචනාවට නොව ඊට සමානව සිතන බොහෝ දෙනකුගේ දැනගැනීම සඳහා පහත සඳහන් සටහන තැබුවෙමි.

රම්බන්ඩගේ පුතා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු බලයට පත් වන්නේ අවංක පුද්ගලයෙක් ලෙසින් නොවෙයි. කුණු දේශපාලනය හරහා ඕනෑම අවංක පුද්ගලයෙකු වංක පුද්ගලයෙක් විය හැකියි. මෙතෙක් බලයට පත්වූ හැම නායකයා…

පසුගිය දිනක පොත් ප්‍රදර්ශන භූමියකදී එක් තරුණයෙක් තවත් තරුණයකුගේ හිසට මොට ආයුධයකින් පහර දී ලේ ගලන තුවාලයක් ඇති කිරීම යුග පෙරළියක ලක්ෂණයක්ද?

නැතිනම් තිබුණු තත්ත්වය තවත් උග්‍ර කර මිනිසුන්ට නිදහසේ පාරට බහින්නවත් බැරි තත්ත්වයක් උදා කරනකෲරත්වය ම්ලේච්ඡත්වය රජ කරන යුගයකට අත වැනීමක්ද? NPP එක ජනතාව මුළාකරමින් දුන් පොරොන්දුව වූ හැරවුම් ලක්ෂය මේකද?…

උවිඳු විජේවීරට උදව් කිරීමට මා තීරණය කළේ ඔහුගේ පියා වන රෝහණ විජේවීර මා ළඟින් ඇසුරු කළ අයෙක් නිසයි.

මේ වසරේ මුලදී මා ලංකාවට පැමිණි විට තලවතගොඩ මගේ සොහොයුරියගේ නිවසේදී උවිඳු හා වෛද්‍ය කමලදාස සමග පැය හතරක පමණ කාලයක සාකච්ඡාවක් පවත්වා ඉදිරි වැඩ පිළිවෙලක් ගැනද එකඟත්වයකට පැමිණුනා. ඉන්පසු අවස්ථාවක…

විජිත හේරත් කියන්නේ අමුතු මාදිලියක දේශපාලන සූත්‍ර පුංචෙක්. මිනිහත් එක්ක ගැටිලා මට හොඳ අත්දැකීම් තිබෙනවා.

Top Image Courtesy by Shenali Waduge විසඳන්න කියා ජාතික ප්‍රශ්නයක් ලංකාවේ නැහැ.බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී උන්ගේ ඕන එපාකම් පිරිමහ ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජන කොටස් බෙදා…

ඔන්න සර් අපි අපේ සිහිනය ජය ගත්තා

ඔන්න සර් අපි අපේ සිහිනය ජය ගත්තා” කියා දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවක සංස්කෘතික නිලධාරී හැටියට සේවය කරන පුද්ගලයෙක් මට ලියා එවා තිබෙනවා. මේ සිහිනයට දායකත්වය දුන් බටහිර රටක ප්‍රධාන සංඝනායක…

සුනිල් හඳුන්නෙත්ති කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ නිසයි

කලකට ඉහතදී සුනිල් හඳුන්නෙත්ති දේශපාලන ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ එකම පුද්ගලයා ලෙස සෑම පක්ෂයකම පිළිගැනීමට ලක්වීම නිසයි. එහෙත් දැන්…

Protected by Security by CleanTalk