Sat. Jan 18th, 2025

Category: Prof. Edward M. Perera

ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින්…

පන්සිය පනස් ජාතකයේ අපන්නක ජාතකය හා වණ්නු පථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා.

අපණ්නක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිළි වෙනවා. එසේ වූයේ “යක්කුන්” මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාළුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගල්කරුවන් ඉදිරියට ආ නිසයි. මොහොතකට මොළය පාවිච්චි කළා නම්…

හේගල් නම් ජර්මන් දාර්ශනිකයා සත්‍ය ගවේෂණය වෙනුවෙන් ඉදිරිපත් කළ ආපෝහක ක්‍රමවේදය වඩාත් ළං වන්නේ බුදුදහමටයි

මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක…

ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී ම

කෙනෙක්ව ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී එම පක්ෂය මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව මොහුගේ පුරෝකථනය ජාතික ජන බලවේගයට ආවැඩීමක් පමණක් බව කිව යුතුයි. මේ සඳහා…

වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීම

මෙම මාතෘකාවට අදාල ලිපි පෙළක් කියවීමට අවස්ථාව ලැබුණා. බෞද්ධ භික්ෂුවක් ලෙසින් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීමට නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමීම…

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා.…

ලෝක ස්වභාවය තුළ මිනිසා දෝලනය වන්නේ හොඳ හා නරක අතර වන බවයි මිනිසා හැමදාමත් විශ්වාස කළේ.

සැපත- විපත, අඳුර-එළිය, ජය-පරාජය, කන්ද-පල්ලම, ශීතය- උෂ්ණය, ගින්දර-වතුර, තද- මෘදු, කාරුණික- අකාරුණික, හොඳ-නරක, දෙව්ලොව අපාය- දෙවියන් හා යක්ෂයාමේ ආදී වශයෙන් මිනිසුන් සකල පැවැත්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංසිද්ධීන් ලෙස සංජානනය කරනු ලබනවා.…

හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම.

සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම් වලින් ඇඳුම් තනා ගත්තා. අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ…

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය…

දේශපාලන වශයෙන් පමණක් නොව හැම අතින්ම අසරණ වී සිටින ජනතාවගේ ඇස් පාදන මොළය පිරිපහදු කරන ඉතා හොඳ විශ්ලේෂණයක්.

මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනෙ. ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි.ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි.සත්‍ය යනු…

මම මේ මොහොතේ හිතමින් හිටියේ ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය අතර තියෙන වෙනස ගැන.

සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් එම මාධ්‍ය සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ් සෘජුප්‍රතිඵලයක් වන ජඩ මාධ්‍ය හිස් අහසේ පැල වගාකර ඒවායේ අස්වනු…

අනුර කුමාර ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන මාගේ ඥාතිපුත්‍රයෙකුට මොහොතකට කලින් පහත සඳහන් සටහන ලියා යැව්වා

අනුර කුමාර කතාවට දක්ෂ වගේම, සංකල්ප හා අදහස් හොරකම් කරන්නත් ඉතාමත් දක්ෂයි. අනුර කුමාරලගේ ගෝල බාලයෙක් වන වරක් ජනාධිපති කමට ඡන්දය ඉල්ලූ ඉසුරු සුභසිංහට මා දුන් උපදේශයක් වංචනිකව සොරකම් කරගත්…

චම්පික වැනි අවස්ථාවාදී දේශපාලුවෙක් වෙනුවෙන් අපේ මණ්ඩප කූඩුවෙහි බිත්තර රකින්න වෛද්‍යවරයෙක් යයි කියාගන්නා ගයන් නැමැති තැනැත්තා අපගේ අවවාදය නොතකා දිගින් දිගටම චම්පිකගේ ප්‍රචාරක දැන්වීම් හා වීඩියෝ පළ කිරීම නිසා පහත සඳහන් පණිවිඩය සමඟින්ම ඔහුව අපේ කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවුණා.

අනෙකුත් සියලු වෘත්තීන් අතර වෛද්‍ය වෘත්තීය ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික සන්දර්භය තුළ ගෞරවනීය පමණක් නොව පූජනීය තත්ත්වයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට බෞද්ධ ඉතිහාසයක් තිබෙන නිසයි. බුද්ධදාස වැනි රජවරුන් වෛද්‍ය…

මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ ඇති අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි.

අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම නිසයි.මහින්දගේ පුත් චිචී…

පොලිස් සේවයේත් ඉන්න කාලෙ දේශපාලන හේතුන් නිසා සිරභාරයට පත්වුණු තරුණ තරුණියන්ටත් මේ වගේ නැළවිලි කටහඬකින් කතා කළා නම්, ශ්‍රී ලාංකික සමාජය ආර්ථික වශයෙන් කඩා වැටුණත් ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටෙන්නේ නැහැ.

මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් මාගේ ශරීරය ස්පර්ශ කරන්නට ඔහුට…

රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

සිංගප්පූරුවේ මැලේසියාවේ අහස උසට ගොඩනැගිලි හදන්න මූලිකයා වූලොවක් වෙනස් කළ මාතර සිංහලයාසෑම් සමරසිංහගේ 76 වසරක දිවිසැරිය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ…

අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්,අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි. එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත්…

Messenger group එකේ සාමාජිකයෙක් මා විසින් යෝජනා කරන ලද ස්වාධීන වීමේ වැඩපිළිවෙළ විවේචනය කරමින් භාවාත්මක පිළිතුරක් ලියා තිබුණා.

එයට පිළිතුරක් සැපයීම මගේ යුතු යුතුකමක් සේ සලකා පහත සඳහන් අදහස ඔහුට ලියා යැව්වා: කවුරු නමුත් ඔබ විෂය දැනගෙන කතා කරන බව පෙනෙනවා. නමුත් ඒ සමගම අදහස් ප්‍රකාශ කරන ආකාරයේ…

ශ්‍රී ලංකාවේ කුමන දේශපාලන ව්‍යාපාරයක් රට භාරදීම සඳහා තෝරා ගත හැකිද යන ප්‍රශ්නය කෙනෙක් මා වෙත ඉදිරිපත් කර තිබුණා. ඊට මා දුන් පිළිතුර මෙසේයි.

දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද කියා මා දන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන සාධක දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ බෙදීම් වශයෙන් මිනිසුන් විසින් හඳුනාගෙන…

මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ!

අපේ ලංකාවේ තවත් ජාතියක කටු කන පිරිසකුත් ඉන්නවා. මස් ටික කාලා ඉවතට විසි කරන කටු කන්න බලාගෙන ඉන්න පිරිස දවස ගානෙම වැඩි වෙනවා. මාළු දෙන්න බැරි නම් කටු හරි දෙන්න…

Protected by Security by CleanTalk