Spread the News

මට එක්වරම හිතුනේ ජාතිය වර්ගය හඳුනාගන්න බැරි මිනිස්සු රට බේරගන්න ඉදිරිපත් වන්නේ කොහොමද කියලා.
මා උඩුරාවණට යැවූ සටහන පහත දැක්වෙනවා:

ලාංකික දෙමළ ජාතිකයෙක් කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි.

මගේ ජීවිත කාලයෙන් අඩකට වඩා වැය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ජාතිය මොකක්ද වර්ගය මොකක්ද කියලා තේරුම් කර දීම සඳහායි.

ආනන්ද විජේපාල මුල් කරගෙන ඊයේ රාත්‍රියේ ලියූ ලිපියෙන්ද මා ජන වර්ගයක් කියන්නෙ කුමක්ද කියා පැහැදිළි කළා.

අඩු වශයෙන් ඔබටවත් යුතුකමක් තිබුණා මෙය නිවැරදි කරගන්න.

ශ්‍රී ලංකාවේ වාසය කරන කිසිම දමිළ මුස්ලිම්, මැලේ, බර්ගර් පුරවැසියෙකුට ජාතික අනන්‍යතාවයක් හිමිවන්නේ නැහැ.

ඔවුන් දැනට හඳුන්වන්නේ ශ්‍රී ලාංකික ජාතිකයින් හැටියටයි.

⁣දේශයේ භෞමික, ඓතිහාසික හා සංස්කෘතික උරුමයට ප්‍රාග් ඓතිහාසික යුගවල සිට අයිතිවාසිකම් කිව හැක්කේ හෙළ යින්ට පමණයි.

අතීතයේ දී ලංකාවට ආක්‍රමණිකයින් හෝ ආගන්තුකයින් ලෙස පැමිණි දකුණු ඉන්දියානුවන් එවකට ජීවත් වෙමින් සිටි ප්‍රධාන ජන කොට්ඨාශය වන හෙළයින් සමග සහයෝගයෙන් කටයුතු කළේ නම් ඉන්පසු කාලෙක ලංකාව ආක්‍රමණය කරන පිටස්තර ජාතීන් පලවා හරින හෙළ යුද හමුදා වලට එක් වී සටන් කර මාතෘ භූමිය මුදාගත යුතුයි.

1505 දී පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කළ පසු යාපනය අර්ධද්වීපයේ දමිළ මිනිසුන් ආගමත් වෙනස්කර සිංහල මිනිසුන්ට එරෙහිව පෘතුගීසි මිෂනාරීන්ට උදව් කළා.
එම පාහර ක්‍රියාවේ දිගුවක් ලෙස උතුරේ කොටි ත්‍රස්තවාදීන් ක්‍රිස්තියානි කතෝලික පල්ලිය ආධාර ඇතිව තමන්ගේ ආරක්ෂාවට සිටින ශ්‍රී ලාංකික හමුදාවන් විනාශ කර දැමීමට ම්ලේච්ඡ යුද්ධයකට සම්බන්ධ වුණා. ඔවුන් දමිළ ජාතිකයින්ද?නැතිනම් දේශද්‍රෝහින්ද?

1915දී ගම්පොළදී බෞද්ධ පෙරහැරකට බාධා කරමින් බ්‍රිතාන්‍ය පාලකයින්ට දුන් සහයෝගය තුළ ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම් ජන කොටස් ජාතියක් ලෙස හැඳින්විය හැකිද?

මා මේ ලියූ ප්‍රමාණය හොඳටම ඇති සිංහල භාෂාව ඔස්සේ ජාතිය කියන්නේ කුමක්ද වර්ගය කියන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට.

මාගේ කාරුණික ඉල්ලීම මෙම ලිපියේ අන්තර්ගතය හැකි තරම් පිරිසකට කියැවීමට සලස්වන්න කියායි.

ස්තුතියි!

Protected by Security by CleanTalk