Mrs. Chandrika’s ‘conspiracy’ to balkanize Sri Lanka (නොහොත් මළවුන්ගෙන් නැඟිටිමට සිතන නීලන්-GL- ජයම්පති-චන්ද්‍රිකාලාගේ පැකේජ් ඩීල් හොල්මන)

Spread the News

චන්ද්‍රසිරි විජයවික්‍රම, L.L.B.,Ph.D.

1931 සිටම සිංහල කළු සුද්දන් විසින් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුගමණය නොකිරීම නිසා රටට ජාතියට කොඩිවිනයක් කරගත් දෙමළ නිජබිම් හෙළුවට සළුපිළි අන්දවා 2023 පෙබරවාරි 4 දා එලියට දැමීමට කුමන්ත්‍රණයක් කෙරෙනවා යනුවෙන් ප්‍රවෘතියක් අසන්නට ලැබේ. එය චන්ද්‍රිකාගේ 1995-2000 පැකේජ් ඩීල් එකය

චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් එක මියගියේ රනිල් හා චන්ද්‍රිකා අතර විධායක අගමැති වන්නේ කවුද යන්න ගැන ඇතිවූ පුද්ගලික ආරවුල නිසාය. එසේ නොවන්නට අන්තිම මොහොතේ පාර්ලිමීන්තුව ඇතුලේ එයට UNP කාරයින් ගිනි තබන්නේ නැත. එය පැරදුනේ චන්ද කීපයකින් පමණය.  නැත්නම් මේ වන විට සිංහලයාට අබසරණවී අවසානය. මුළු රටම පාර්ලිමේන්තු මන්ත්‍රී කොට්ඨාශ මට්ටමින් අවුල් ජාලයක් වෙන්නට තිබුණි. ප්‍රභාකරන්ට නිතර නිතර සිදුවූවා මෙන්, මේ දිවයින ආරක්ෂාකරණ යම් අද්‍රෂ්‍යමාන බලවේගයක් විසින් චන්ද්‍රිකාගේ හා රනිල්ගේ මනස් අවුල් කරන්නට ඇත.

මෙම කුමණ්ත්‍රනකාරී ක්‍රියාව හෙවත් රහස් ප්ලෑන දැන සිටියේ කවුද? එය අහම්බෙන් මට අසුවූයේ ඉන්දියන් ජාතිකයෙකු ලියූ පොතක තිබීය. මේ සම්බන්ධයෙන් ඉංගිරිස් හා සිංහල භාෂා දෙකෙන්ම ලියූ ලිපි ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවී, සුරක්ෂිත කර ඇත. සිංහල ජාතිය මෙම වෙබ් අඩවියට ණය ගැතිය.

එහි  සිංහල ලිපිය ජනාධිපති/ අගමැති/ අධිකරණ ඇමති කන්තෝරුවල  කළු සුද්දන්ගේ කියවීම සඳහා ප්‍රථමයෙන් එවමි.

කළු සුද්දන් විසින් ලංකාව කැබලි කිරීම
Posted on June 15th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, L.L.B.,Ph.D.

රහසින් වත් පව් කිරීම

ලංකාවේ උතුරු පලාත අල්ලසක් වශයෙන් ප්‍රභාකරන්ට බදු දීමට පිළිවෙලින් ප්‍රේමදාස හා