Spread the News

http://www.defence.lk/img/lin_air_img1.jpg

Mysterious disappearance of Lion Air 602 unearthed

source:

Was the Lion Air 602 passenger aircraft shot down by a LTTE missile, did it crash due to a technical fault or did a hidden bomb explode inside the aircraft? All those questions were unanswered and buried with the history; and the whole incident was shrouded in mystery.

The ill-fated Lion Air 602 took off from Pallali airport carrying 48 passengers to Ratmalana and disappeared from the radar screen just after ten minutes leaving a big mystery yet to be unfolded in fully.

The mysterious crash of the Lion Air 602 Antonov – 26 passenger aircraft on 29 September 1998 killed 48 passengers, 6 crew members and two Ukrainian pilots.

The main suspect who was responsible for this crime against humanity killing 56 people including children and women had been ordered to shot down this civilian passenger aircraft by Gadafi, a senior LTTE terrorist leader. According to his confession to the Terrorist Investigation Department (TID), Gadafi had ordered four members of their missile squadron including the suspect, to shot down the Lion Air passenger aircraft, which was flying over Iranativu Islands on 29 September 1998.

Shiwasubramaniam Thillaraj, the main suspect has admitted that he had launched a missile to bring down the aircraft, knowing that civilians were travelling onboard. Further, the suspect and other 17 members of LTTE had received training on Anti Aircraft Missiles, he has confessed.

The Tamil Civilian passengers on board the flight ranged in age from 18 to 89. Many of them were working or studying in Colombo.

In the absence of land passage to the north at that time, and the ship service taking considerably long time, the airline was the best choice for passengers, especially for those who visit Sri Lanka from abroad for a short period.

However, immediately after the tragedy, the government had to stop all private Colombo-Jaffna flights until further notice considering the risk of lives of Tamil civilians who were travelling on board civilian passenger aircraft.

With the cancellation of the flights, more than 3000 Tamil civilians were reported to have been stranded in Jaffna and Colombo.

This incident was one of clear examples as how the LTTE had denied right of movement of their own people though they pretended to be their sole survivors.

ලයන් එයාර් ගුවන් යානයට පහර දුන් කොටියාගේ පාපොච්චාරණය

ඒ දැනට දශක එක හමාරකට පමණ පෙර දිනයකි. දිනය හරියටම 1998 වසරේ සැප්තැම්බර් මස 29 වෙනිදායි. පලාලි ගුවන්තොටේ සිට මගීන් 48 දෙනෙකු සමග ගුවනට නැගුන ඇන්ටනොවූ 26 වර්ගයේ 602 ලයන් එයාර් ගුවන් යානයේ ගමනාන්තය වී තිබුනේ රත්මලාන ගුවන් තොටයි. එහි ගමන් කරමින් සිටියේ කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් 48 දෙනෙකු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සහ යුක්රේන් ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකි.

ඒ අනුව 56 දෙනෙකු මෙහි ගමන්කරමින් තිබුණි. කුඩා දරුවන් හැර මේ සියලු දෙනා වයස 18 සිට 89 දක්වා වූ කොළඹ ජීවත් වෙමින් රැකියා කල හෝ උසස් අධ්‍යාපනයේ නියුක්තවුවන් විය. මොවුන් ඉතාමත්ම අත්‍යවශ්‍ය කටයුතු හඳහා යාපනයට ගිය අයවලුන් විය. නමුත් මොකක්දෝ අවාසනාවකට ගුවනට ඉගිලුන යානය විනාඩි 10 ක පමණ කෙටි කාලයකදී රේඩාර් තිරයෙන් අස්ථානගත විය. නොවිසදුණ අභිරහසක් ඉතිරිකරමින් ඉන් ඔබ්බට එම ගුවන් යානයටවත් කාර්යමණ්ඩලය හෝ ගමන් ගත් කිසිවෙකු ගැන කිසිදු හෝඩුවාවක් නොවිය.

මේ කාලය වනවිට යාපනය වෙත ළඟාවීම සඳහා තිබු ගොඩබිම් මාර්ගය අනාරක්ෂිත වූවාක් මෙන්ම ඒ වනවිට වසා දමා තිබුණි. සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නැව් මගින් මගීන් ප්‍රවාහනය කලද එය බොහෝ කාලය ගතවන්නක විය. හදිසි කටයුතු මෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණෙන දමිළ ජාතිකයන් සඳහා ගුවන් මගින් යාපනයට ගමන් කිරීම ඉතා පහසු මෙන්ම එකල ජනප්‍රිය මගක් විය.
යාපනයට ඔබ්බෙන් වූ ඉරණතිව් දුපත් ඉහලින ගමන් කරමින් සිටි කුඩා ළමුන් කාන්තාවන් සහිත මෙම ඇන්ටනොවූ වර්ගයේ යානය ගුවනේදී පුපුරා ගියේ ගමන් ගත් සියලුදෙනා ඝාතනය කරමිනි.

සත්‍ය වශයෙන් ගුවන් යානය ගොඩබිම සිට ඉලක්කකොට බිමහෙලා තිබුණි. ඒ ගොඩබිම සිට ගුවනට එල්ලකෙරෙන මිසයිල ප්‍රහාරයකිනි. කරුණු එසේ උවත් එය නිවැරදිවම සත්‍යය යැයි සාධනය කිරීම තවදුරටත් ප්‍රශ්න සහගතව තිබුණි. මන්ද එය ගුවන් යානයේ කාර්මික දෝෂයක් නිසා පුපුරා විනාශ වුයේද නොඑසේනම් යානය තුල ඇටවූ බෝම්බ හෝ පුපුරන ද්‍රව්‍ය මගින් පුපුරුව හැරියේද යන්න ගැටළුසහගතවීමයි. කෙසේ වෙතත් මෙය ආවරණය වී තිබු අභිරහසකි. කරුණු කෙසේ වෙතත් විමර්ශන ක්‍රියාත්මක විය.පැවති අනාරක්ෂිත තත්වය මත රජය විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි කොළඹ යාපනය අතර සිවිල් ගුවන් ගමන් නතරකර ලදී. මන්ද එම සිද්ධිය මත ඇතිවූ අවදානම් තත්ත්වය මත අහිංසක සිවිල් වැසියන් තවදුරටත් අවදානමකට පත්කිරීමට රජය සුදානම් නොවීය.

කෙසේ වෙතත් එසේ ඇහිරීගියේ සිවිල් වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ යම්තාක් දුරකට හෝ පහසුවෙන් සේවය සපයාගත හැකිව තිබු මාර්ගයකි, සහ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුයේත් දමිල සිවිල් වැසියන්ම පිරිසකි. මේ අනුව එවකට 3000 කට අධික පිරිසක් යාපනය සහ කොළඹ අතර අතරමංවිය.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසි අනාවරණය කරගත්තේ මෙය නිසැක ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. නමුත් මෙම මිනිස් ඝාතනයට නිසි වගකිවයුත්තන් නීතියේ රැහැනට නොඑසේනම් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය විය. සිවසුබ්‍රමනියම් තිල්ලරාජ් මෙම ප්‍රහාරයට ප්‍රධාන් සැකකරු පසුව අත්අඩංගුවට පත්වූ අතර ඔහු විසින් පසුව කරන ලද පාපෝච්ඡාරණය අනුව සියල්ල හෙළිවිය. එදා මේ ප්‍රහාරය සඳහා අණදීම් කරතිබුනේ එවකට යාපනයේ එල් ටී ටී ඊ යේ මුල්පෙළ නායකයෙකු වූ “ගඩාෆි” විසිනි. ඒ අනුව සිවසුබ්‍රමනියම් තිල්ලරාජ් ඇතුළු සිවු දෙනෙකු මේ සඳහා යොදවා තිබුණි. මෙහි විශේෂත්වය නම් මෙම ප්‍රහාරයට පෙර එම ලයන් එයාර් ගුවන් යානය රජයේ හමුදාවන්ට අයත් එකක නොවන බවත් සිවිල් වැසියන් ප්‍රවාහනය කරන යානයක් බව නිසැකවම දැනසිටීමත් සහ එහි ගැන ගන්නේ දමිල වැසියන් බව දන දැනම ප්‍රහාරය එල්ල කිරීමයි.

තවදුරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ ඔහු ඇතුළු එදා ප්‍රහාරයට පැමිණි අනෙක් සිවු දෙනාත් එයට අමතරව තවත් ත්‍රස්තයන් 17 දෙනෙකු විශේෂ මිසයිල පාඨමාලාවක් හදාරා ඒ සම්බන්ධ වූ පෙර පුහුණුවීම් වල යෙදුන බවයි. ඔහු නැවත නැවතත් කියා සිටියේ ගඩාෆි තමන් වෙත මෙම යානයට පහරදීමට අණ දුන්නේ මෙම යානය සිවිල් වැසියන් ප්‍රවාහනය කරන ගුවන් යානයක් බව දනදානම බවත් එහි ගමන් ගන්නේ තමන් අයත් දමිල ජාතියේම සහෝදර වැසියන් බව දන දැනම බවත් තමන් එම ප්‍රහාරය ක්‍රියාත්මක කලේද ඒ පිලිබඳ මනා වැටහීමකින් යුක්තව බවයි.

මා මෙම කතාව මෙතෙක් දුර කියමින් පැමිණියේ හුදෙක් යටගිය අමිහිරි භේදජනක තවත් එක ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ ඔබගේ අකමැති මතක අවදි කිරීමට නොවේ. එල් ටී ටී ඊ ය එදා පෙනී සිටියේත් ක්‍රියාකලේත් රජයේ හමුදාවන් විසින් යුධමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් අනතුරුවත් දැනට ලොව පුරා තැනින් තැන මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන “දෙමල ඩයස් පොරාවත්” ප්‍රකාශ කරන්නේ ඔවුන් දෙමල ජාතියේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් දෙමල ජාතියේ එකම ගැලවුම්කාර පාර්ශවය තැන බවයි.

කරුණු එසේ උවද එදා ඔවුන් ක්‍රියාකළෙත් අද ක්‍රියාත්මක වන්නේත් ඒ අරමුණින් දැයි සාධාරණ සැකයක් මතුවේ. සැක සිතන්නට දෙයක් නැත. පැහැදිලිවම එල් ටී ටී ඊ ය ක්‍රියාත්මක වුයේත් අදටත් හඬ නගන්නෙත් ඉතා පටු අරමුණු සහිත ජාතිවාදයක් වෙනුවෙනි. ප්‍රභාකරන් සහ ඔහුගේ ගෝල බාලයන් තමන් විමුක්තිවාදීන් යැයි කියාගනිමින් කලේ සමස්ත දෙමළ ජාතිය අපහසුවට පත්කිරීමයි. අදටත් මානව අයුතිවාසිකම් පිලිබඳව කතාකරන මොවුන් එදා කලේ දැන දැනම පහරදී මිනිසුන්ව ම්ලේච්ඡ අයුරින් ඝාතනය කරමින් සහෝදර වැසියන්ගේ නිදහසේ යාමට ඊමට තිබු අයිතිවාසිකම විනාශකර දැමීමයි.

ඒ අනුව අහිංසක වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එල් ටී ටී ඊ ය කොතෙක් දුරට පෙනී සිටියේද යන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියා කලේ ද යන්න තීරණය කිරීම ඔබට භාර කරමි.

කුමන වේශයකින් පැමිණියද ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදය මිස අනෙකක් නොවනබව තේරුම් ගතයුතුව ඇත. නමුත් කාගේ හෝ අවාසනාවකට “ඩයස් පෝරාවට” උඩගෙඩි දෙන උන් හට එය තේරුනාද නොතේරුනා මෙන් ක්‍රියාකිරීමයි.