Spread the News

TGTE හි නි‍යෝජ්‍ය කථා නායකගේ ත්‍රස්තවාදී ජීවිතයේ සුලමුල

source:

“පුත්‍ර සිගාමනී සුගුන්යා හෙවත් “සූයා” පිලිබඳ අත් අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ. ලියකියවිලි හෙළිකරයි”

පුත්‍රසිගාමනී සුගුන්යා හෙවත් “සූයා” එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන නෙදියවන් සමග වන්නියේ දී – 2004 වසරේදී (මෙම ඡයාරුපයේ රතු පැහැති රවුමින් ඔවුන් දෙදෙනා දක්වා ඇත) නියෝජ්‍ය කථානායක ලෙස 2010 වසරේ ඇ,ඒ,ජ පිරිසක් අමතමින්

මානවහිමිකම් ක්‍රියාකාරිනියක ලෙස

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවන් විසින් එල්.ටී.ටී.ඊ.යේ වසර තිහකට නොඑසේනම් දශක තුනකට ආසන්නවූ කුරිරු ලේ පිපාසිත ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජයට පත් කිරීමත් සමගම ඔවුන් සහ ඔවුනට සහ සම්බන්ධ කණ්ඩායම් විසින් සිය සන්නද්ධ යුධමය ක්‍රියාමාර්ගවලින් බැහැර වූ ස්වරුපයක් පෙන්නුම් කොට ඊට දේශපාලනමය ස්වරුපයක් නොඑසේනම් දේශපාලනික මුහුණුවරක් ලබාදීම සිදුකෙරුණි. එය එසේ කළේ ශ්‍රී ලංකා පොලවේ පය ගසා තවදුරත් සිය බෙදුම්වාදී ත්‍රස්තවාදී කටයුතු කරගෙන යා නොහැකි නිසා ලෝකයේ වෙනත් රටවල සිට එම අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමටයි. මෙහිදී සියවසර තිහක ඉතිහාසයේ සිදුකරන ලද සියලු ම්ලේච්ඡ ක්‍රියා සහ අපරාධ සඳහා සුදුහුණු ගෑමටත් තවදුරත් ත්‍රස්තවාදයට වෙනුවෙන් ක්‍රියාකරන උන්ගේ පැවැත්ම මෙන්ම ත්‍රස්තවාදී අරමුණු වෙනත් අයුරකින් මුදුන්පමුනුවාගැනීම සහ ත්‍රස්ත කටයුතු ජාත්‍යන්තරීකරණය කිරීම සඳහාත් Trance National government for Tamil Elam (TGTE) නැතහොත් දෙමළ ඊලාමය වෙනුවෙන් රටින් පිටත පිහිටුවාගත් රජය නම් කොට  සංවිධානයක් පිහිටුවගනී. මෙය සත්‍ය දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියා  කිරීමට නොව තවදුරත් ත්‍රස්තවාදයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන ත්‍රස්තවාදයේ තවත් පැතිකඩක් බව අපගේ විශ්වාසය සහ පිළිගැනීමයි.

මෙම සංවිධානය පිහිටුවාගැනීමේ ප්‍රධානතම අරමුණු ලෙස අපට පෙන්වාදිය හැක්කේ

  • විදේශීය රජයන් සහ දේශපාලකයන් සිය අරමුණු වෙනුවෙන් පෙළඹවීම, කණ්ඩායම් ලෙස යොදාගැනීම සඳහා කටයුතු කිරීම
  • උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වාධීන පාලනයක් ලබාගැනීම
  • නැවත වතාවක් එම පළාත්වල සිටින අහිංසක වැසියන් නැවත ත්‍රස්තවාදය වෙත යොමුකිරීම

මොවුන් සිය කාර්යාල බටහිර රටවල විවිධ ව්‍යාජ මුහුණුවර යටතේ පවත්වාගෙන යනු ලබන අතර එම රටවල විශාල වශයෙන් මොවුනට ආධාර කරන එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් වාසය කරනු ලබයි. මානුෂීය මෙහෙයුම් අවසන් වීමට පෙර ක්‍රියාකාරීව එල්.ටී.ටී.ඊ.ය සමග සිට මෙරටින් පලාගිය පිරිස් සහ එම කාල සීමාවේ ජාත්‍යන්තර කරලියේ එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් විශාල වශයෙන් කටයුතු කළ පිරිස අද ක්‍රියාකරන්නේ මෙම ව්‍යාජ ස්වරූප සහිතව පවත්වාගෙන යනු ලබන දේශපාලන කාර්යාල හරහායි.

වී. රුද්‍රකුමාරන් යනු ඇමරිකානු පුරවැසිකම සහිත දෙමල ජාතිකයෙකු වන අතර මොහු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නීති උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහු විසින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරගෙන ඇති අතර මොවුන්, රුද්‍රකුමාරන් විසින් පිහිටුවා ගෙන ඇති රටක් රහිත රජයේ උපදේශකයින් මෙන්ම රටක් රහිත රාජ්‍යක් වෙනුවෙන් වන්නාවූ න්‍යායාත්මක කරුණු පිලිබඳ අධ්‍යනය කරමින් සිටී. කෙසේ වුවත් මෙම කමිටුව අත්තනෝමතිකව පහිටුවා ගත් සම්පුර්ණයෙන්ම පදනම් විරහිත එකකි. හඳුනාගෙන ඇති ආකාරයට මෙම කමිටුවේ බොහෝ සාමාජිකයින් එවකට එල්.ටී.ටී.ඊ යේ ක්‍රියාකාරී සාමාජිකයින්ව සිට මෙරටින් පලාගිය පුද්ගලයින් මෙන්ම ඇතැමෙක් එල්.ටී.ටී.ඊ.යේ කටයුතු වෙනුවෙන් ප්‍රසිද්ධියේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතුකළ අයවලුන්වේ.

2010 මැයි මස මෙම රුද්‍රකුමාරන් ගේ රටක් රහිත රජය වෙනුවෙන් මැතිවරණයක් පවත්වන ලද අතර ඒ සඳහා බොහෝදෙනෙක් අන්තර්ජාලය හරහාද ඇතැමෙක් ඔවුන් විසින් විවිධ ස්ථානවල පැවැත්වූ මධ්‍යස්ථාන වලදීද මැතිවරණයට සම්බන්ධ වුහ. මෙහිදී ඔවුන් විසින් සාමාජිකයින් 135 දෙනෙකු මෙම මැතිවරණය මගින් තෝරා පත්කරගෙන ඇත. කෙසේවෙතත් දෙමල ඩයස්පෝරාවට අයත් පිරිසෙන් 85% වැඩි පිරිසක් මම මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඇමරිකා එක්සත් ජනපදයේදී 2010 වසරේ මැයි මස දී, නැවත එම වසරේ සැප්තැම්බර් මස සහ 2011 වසරේ පෙබරවාරි මසදීත් ලෙස තෙවතාවක් පැවති මෙම මැතිවරණයෙන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තොරා පත්කරගෙන ඇති අතර රුද්‍රකුමාරන් එහි අගමැති ලෙසත් සෙස්සන් ඇමතිවරුන් ලෙසත් නම්කොට ඇත.

රුද්‍රකුමාරන් ලොව දරුණුතම යයි හැදින්වූ ත්‍රස්ත නායකයා සමග වන්නියේදී 2011 වසරේ දී එල්.ටී.ටී.ඊ. හමුවක් අමතමින්

කරුණු කෙසේ වෙතත් මෙහි අරමුණ ඉතා පැහදිලි එකකි. ඒ අනෙකක් නොව තව දුරටත් එල්.ටී.ටී.ඊ යේ අරමුණු  අප පෙර විස්තර කළ ආකාරයට තව දුරත් ඉදිරියට ගෙනයාමයි. ලෝකය පුරා මානවහිමිකම් ව්‍යාපාර වෙනුවෙන් පෙනීසිටින්නේත් මෙම TGTE ක්‍රියාකාරින් ලෙස පෙනී සිටින්නේත් එකම ත්‍රස්ත කණ්ඩායමක පිරිස් බව ඉතා පැහැදිලිය. මානුෂීය මෙහෙයුම් සමයේ ආරක්ෂක හමුදාවන් අතට පත්වූ එල්.ටී.ටී.ඊ.ය ට අයත් ලිපි ලේඛණ, පරිගණක දත්ත, ඡායාරූප මැනවින් අධ්‍යයනය කිරීමෙන් සහ අත්පත් කරගන්නා ලද වෙනත් බඩු භාණ්ඩ මගින් හෙළිකරගත් තොරතුරු සැසඳීමෙන් මෙම TGTE සාමාජිකයන් වෙනත් කවුරුවත් නොව හිටපු එල්ටීටීඊ සමාජිකයන් බව මනාව සාධනය කිරීමට හැකිවේ.

පුත්‍රසිගාමනී සුගුන්යා ස්විස්ටර්ලන්තයේ දෙමල සංවිධානවල කැපී පෙනෙන ක්‍රියාකාරී චරිතයකි. ස්විස්ටර්ලන්ත පුරවැසිකම හිමි ඇය 2010 වසරේ පැවති මැතිවරණය වෙනුවෙන් ස්විස්ටර්ලන්තයේ සොලොර්තන් වෙනුවෙන් අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ අතර පසුව TGTE හී නියෝජ්‍ය කථානායක ලෙස තේරීපත්විය. අද ඇය TGTE වෙනුවෙන් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකගේ වෙස් ගෙන සිටියද සත්‍ය වශයෙන් ඇය එල්.ටී.ටී.ඊ සාමාජිකාවකි, එල්.ටී.ටී.ඊ ය කොතරම් මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කලාද යන්න මුළු ලොවම දන්නාවූ කරුණකි. 2004 වසරේ මෙරටට පැමිණෙන ඇය එල්.ටී.ටී.ඊ යේ සාමාජිකත්වය ලබාගන්නවා පමණක් නොව එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකම් පිලිබඳ සම්බන්ධීකරණය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර සම්බන්ධීකරණ අංශය යටතේ විශේෂ පුහුණුවක් ලබා ගෙන ඇත.

එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකත්වය වෙනුවෙන් පුත්‍රසිගාමනී සුගුන්යා විසින් සිය අත් අකුරින් පුරවනලද සාමාජික අයදුම් පත මානුෂීය මෙහෙයුම් සමයේ ආරක්ෂක හමුදාවන් විසින් සෝදිසි මෙහෙයුම් වලදී සොයාගත් එල්.ටී.ටී.ඊ. ලිපි ගොනු අතර තිබී සොයා ගන්නා ලද අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් සිය දෙමාපියන් විසින් මුදලින් ද ආධාර කළ බව ඇය විසින්ම එහි සඳහන් කොට ඇත. (මේ සමග ඇති ඡයාරුප නිරීක්ෂණය කිරීමෙන් එය පැහැදිලි වනු ඇත.)

පුත්‍රසිගාමනී සුගුන්යා හෙවත් “සූයා” සහ ඇයගේම අත් අකුරෙන්ම සම්පුර්ණකරනලද එල්.ටී.ටී.ඊ. සාමාජිකත්ව අයදුම් පත

කරුණු එසේ වුවද අද ඇය මානව හිමිකම් වෙනුවෙන් විවිධ උද්ඝෝෂණ සංවිධානය කරමින් මානව හිමිකම් වෙනුවෙන් හඬ නගන එකම ගැලවුම්කරුවා ලෙස පෙනී සිටියත්, නුතන මානව වංශ කතාවේ ඉතා දරුණු සහ ඉතා පහත් ආකාරයෙන් මානව හිමිකම් කඩකල ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් සමග පැවති සම්බන්ධය මෙන්ම ඇය එහි ක්‍රියාකාරී සාමාජිකාවක් බවත් අප විසින් කරුණු සහිතව ඔප්පුකර හමාරය. එයට අමතරව ඇය ජාත්‍යන්තර වශයෙන් එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් ආධාර රැස්කිරීම් කටයුතු, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හෙවත් ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය [Amnesty International (AI) ] මෙන්ම කැනේඩියානු එල්.ටී.ටී.ඊ. පෙරමුණු කාර්යාලය ලෙස ක්‍රියාකළ කැනේඩියානු දෙමල කොංග්‍රසය [Canadian Tamil Congress (CTC)] හා සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කර ඇති බව තහවුරු වි ඇත.

සංසන්දනය කර බැලිමේදි පැහැදිලි වනුයේ එක සත්‍යකි. ඒ එකම දෙය එක අයුරකින් ඉටුකර ගැනීම අපහසු වූ කල වෙනත් ආකාරකට උත්සහ යෙදීමෙන් ඉටුකරගනීමයි. වරක ත්‍රස්ථවාදි කටයුතු වල යෙදෙමින් ඉතා පහත් සහ ම්ලේච්ඡ  අන්දමින් නුතන මානව වංශකතාවේ මානව හිමිකම් කඩකළ පිරිසක් තම මාවත සහ මුහුණුවර වෙනස් කරගනිමින් නැවතත් ලඟාවනුයේ ත්‍රස්ථවාදය තුලට බවයි. එය ඉතා පැහැදිලිය. අවාසනාවට කාරණයක් නම් ලෝකයේ ඇතැම් ප්‍රබල රාජ්‍යයන් හා ලෝක සංවිධානයන් මෙම TGTE සංවිධානයේ ඇමට හසුවී තිබීමය. ඔවුන්ගේ බස අදහන තරමට එම රටවල් මෙන්ම සංවිධානද අන්ධ වී සිටීම ද විමතියට කාරණයකි. මෙම එල්ටීටීඊ යේ කපටි ස්වාභාවය හඳුනාගෙන  නිවැරදි සත්‍ය අවබෝධ කරගත යුතුව ඇත. හිතා මතාම අසත්‍ය දැකීමට මෙන්ම අසත්‍ය වෙනුවෙන් පෙනීසිටීමට සහ ක්‍රියාකිරීමට මොවුන් පෙළඹී ඇත. මෙයට හේතුව වී ඇත්තේ TGTE සංවිධානය සිදුකරන වංචනික පෙළඹවීම සහ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන් විසින් (TGTE සංවිධානය) අසීමිත ලෙස සපයන්නාවූ ආර්ථික පිටුබලයද වැනි කරුණු වේ.

එල් ටී ටී ඊ යේ රුද්‍රකුමාරන පාර්ශවයේ සාමාජිකයින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙනුවෙන් එල් ටී ටී ඊ යේ ලංඡන සහිතව ආධාර එක්රැස් කරමින් ඇමෙන්ස්ටි ඉන්ටනැෂනල් හි මහා ලේකම් වරයා එම රැලියම අමතමින්

කරුණු කෙසේ වුවද කරුණු තෙරුම්ගත යුතුව ඇත. සත්‍යය අවබෝධ කරගතයුතුවාක් මෙන්ම ඒ සඳහා වූ කාලයද එළඹ ඇත . ඒ TGTE සංවිධානයේ මෙම වංචනික ස්වරූපය නොඑසේ නම් යථා ස්වභාවය ලොවට පෙන්වා දීම වෙනුවෙනි.