අසාත්මිකතාවට හේතුව ඇසට නොපෙනෙන කෘමි විශේෂයක්‌
– විදුහල්පතිනිය

source:
නෝමන් පලිහවඩන

ඇසට නොපෙනෙන තරමේ කෘමි විශේෂයක්‌ නිසා දැරියන් අසාත්මිකතාවට පත්වී ඇති බව දැන ගැනීමට හැකිවී ඇතැයි ගම්පොල ජිනරාජ බාලිකා විදුහලේ විදුහල්පතිනි පී. ජී. පුෂ්පකාන්ති මහත්මිය ‘දිවයින’ට පැවැසුවාය.

පසුගිය සිකුරාදා මුලින්ම ශිෂ්‍යාවන් පිරිසකගේ අත් පා කසන්න ගත්තා. අපි හිතුවේ ගොඩනැඟිල්ලේ දූවිලි නිසා මෙම තත්ත්වය ඇති වෙන්න ඇති කියලයි”, ඇය තවදුරටත් කීවාය.

විදුහල්පතිනිය මේ බව පැවසුවේ ශිෂ්‍යාවන් පිරිසක්‌ ඊයේ හදිසියේම අත්පා කැසීමට පටන් ගැනීම නිසා රෝහල්ගත කිරීමේ සිද්ධිය පිළිබඳ විමසීමේදීය.

“මෙම තත්ත්වය ඇතිවුණේ විදුහලේ එක කොටසකයි. 10-12, 07 යන වසරවල දැරියන් මෙම තත්ත්වයට පත්වුණා. ඇසට පෙනෙන නොපෙනෙන තරමේ කෘමි වර්ගයක්‌ නිසා මෙම වෙනස ඇතිවූ බව පසුව දැනගැනීමට ලැබුණා. සිසුවියන් රෝහල්ගත කිරීමෙන් පසු අපි විදුහල් ගොඩනැඟිල්ල පරීක්‍ෂා කළා. මේ හේතුව නිසා විදුහල දින දෙකක්‌ තාවකාලිකව වැසීමට තීරණය කළා.

අදාළ වෛද්‍ය අංශ මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වනවා. රෝහලට ඇතුළු කළ දැරියන් ප්‍රතිකාර ලබා පිටවී ගිහින්” යෑයිද ඇය කීවාය.

Protected by Security by CleanTalk