යාපනය විශ්වවිද්‍යාලයේ
කොටි හිතවාදී පෝස්‌ටර්

කීර්ති වර්ණකුලසූරිය – දිනසේන රතුගමගේ සහ මුලතිව් – ප්‍රසන්න

කොටි සංවිධානයට පක්‍ෂපාතී අන්දමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ කිසියම් පිරිසක්‌ විසින් පෝස්‌ටර් අලවා ඇතැයි යාපනය පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම පෝස්‌ටර් සියල්ලම පොලිසිය විසින් ගලවා ඉවත් කොට තිබේ.

මේ පෝස්‌ටර් මගින් දන්වා තිබුණේ මේ මස 26 හා 27 යන දිනවල වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමටත්, එල්. ටී. ටී. ඊ. මහවිරු දිනය සැමරීමටත් සියලු දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බවකි.

කෙසේ වෙතත් මෙවර එල්. ටී. ටී. ඊ. මහ විරු සතිය සැමරෙන කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට නිවාඩු ලබාදී නොමැත. පසුගිය වර්ෂයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එම සතියේදී නිවාඩු ලබාදී තිබියදී ද මහ විරු දිනය සැමරීමට වැඩසටහන් ගණනාවක්‌ සංවිධානය කොට තිබිණි.

Protected by Security by CleanTalk