Spread the News

“9.05 විකෘතිය” කෘතිය ජනගත කිරීම: ගෝලීය අන්තවාදයේ යථාර්ථය සහ ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ කාලීන විග්‍රහයක්

වත්මන් ලෝක දේශපාලන සහ සමාජයීය ප්‍රවණතා දෙස බැලීමේදී, ආගමික අන්තවාදය යනු හුදෙක් එක් කලාපයකට පමණක් සීමා වූවක් නොව, සමස්ත මානව සංහතියේම පැවැත්මට එල්ල වී ඇති දැවැන්තම තර්ජනයක් බව නොරහසකි. මෙම පසුබිම තුළ, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී බලපෑම් සහ ඒවායින් තුන්වන ලෝක යුද්ධයක් කරා ලෝකය තල්ලු කිරීමේ අවදානම පිළිබඳව ගැඹුරු, විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක දෘෂ්ටියකින් විවරණය කෙරෙන සුවිශේෂී කෘතියක් එළිදැක්වීමට නියමිතව ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් දීර්ඝ කාලීන අධ්‍යයනයකින් සහ දත්ත විශ්ලේෂණයකින් පසු රචිත “9.05 විකෘතිය – තුන්වන ලෝක යුද්ධයට මග පාදන ඉස්ලාම් අන්තවාදී ගෝලීය තර්ජනය පිළිබඳ පර්යේෂණාත්මක විවරණය” කෘතිය මෙලෙස ජනගත කෙරේ. ජාතික ආරක්ෂාව, භූදේශපාලනික විපර්යාස සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම පිළිබඳව උනන්දුවක් දක්වන සැමගේ අවධානය යොමුවිය යුතු කාලීන මතවාදීමය මැදිහත්වීමක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක.

මහෝත්සවයේ විස්තර:

  • 📅 දිනය: 2026 සැප්තැම්බර් 17 වනදා
  • වේලාව: සවස 2:30 ට
  • 📍 ස්ථානය: ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය, කොළඹ 05

මෙම සුවිශේෂී ශාස්ත්‍රීය හා දේශපාලනික විවරණය සමාජගත කෙරෙන අවස්ථාවට සහභාගී වී, වත්මන් ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ පුළුල් සංවාදයකට එක්වන ලෙස බුද්ධිමත් පොදු මහජනතාවට ගෞරවයෙන් ඇරයුම් කෙරේ.

-Ceylon Watch Media

Protected by Security by CleanTalk