සේවාදායකයාට ඇප ඉල්ලා අධිකරණයට ගිය නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම, වෙනත් අයෙකුට ඇප ලබා දීමට අධිකරණයට ගිය තැනැත්තා දුරකථන නාද වී රක්ෂිත බන්ධනාගාරගත වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරයේ දී ඝාතනය වීම පසුගිය දිනවල සමාජයේ කතිකාවට ලක් විය.
අධිකරණයේ, රෝහලේ, බන්ධනාගාරයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, පාසලේ, සරසවියේ කොතනක වුවත් වෙන අයුක්තිය අවසානයේ බැර වන්නේ ආණ්ඩු විරෝධයකටය.
ඕනෑම ජනප්‍රිය ආණ්ඩුවක් ආයතනගත අයුක්තිය සමඟ පරාජයට පත් කරවයි. එසේම ජනතාවගේ අප්‍රසාදයට පත් කරවයි.
ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය නීතීඥවරුන් විනිසුරුවරුන් ලෙස පුහුණු කරන ජාතික ආයතනයයි. විනිසුරුවරුන් ලෙස තෝරා ගන්නා නීතීඥවරුන් එහි පුහුණු කරවනු ලබයි.
විනිසුරුවරුන් ලෙස නීතීඥවරුන් බඳවාගන්නා ආකාරය, විනිසුරුවරුන් ලෙස බඳවා ගන්නා නීතීඥවරුන්
ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය මගින්
පුහුණු කරන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතුය. අධීක්ෂණය කළ යුතුය.
නොඑසේනම් අධිකරණයට යන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් කුමන හෝ අතපසුවීමට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරුන් තවදුරටත් ක්‍රියා කරනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ඇ. අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු සතුය. එබැවින් මෙවැනි අයුක්තීන් පාලනය කිරීම පාර්ලිමේන්‍තුව විසින්ම කළ යුතුය.
අධිකරණ සේවා කොමිෂන් සභාවට එය පැවරී ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව සිය වගවීමෙන් මිදිය නොහැකිය.
ඒ සඳහා පාර්ලිමේන්තුවට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභාවක් කර
ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය එහි
පාලනට සහ අධීක්ෂණයට යටත් කර සංවරණ තුළණ ක්‍රමය පවත්වා ගත හැකිය.
තවද විනිසුරුවරුන් ලෙස නීතීඥවරුන් බඳවාගන්නා ආකාරය, විනිසුරුවරුන් ලෙස බඳවා ගන්නා නීතීඥවරුන්
ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය මගින්
පුහුණු කරන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලීම සහ නිරතුරුව අධීක්ෂණය කිරීම කළ යුතුය.
නොඑසේ නම් ඉදිරියටත් අධිකරණයේ කරුණු දක්වන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාරගත වීමට, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් ඉතා සුලු අතපසුවීමකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් ඇතුලු අයුක්තීන් දිගටම සිදුවිය හැකිය.
එහි ප්‍රතිඵලය වන්නේ ජනප්‍රිය ආණ්ඩු සාමාන්‍ය ආණ්ඩු හෝ ජනතාවගේ කෝපයට ලක් වූ ආණ්ඩු බවට පත් වීමයි.
එසේම රටේ කොතනකදී හෝ වන අයුක්තිය රටේම යුක්තියට එරෙහි ක්‍රියාවක් බවද පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අවබෝධ කර ගත යුතුය.
http://neethiyalk.blogspot.com/2025/05/blog-post.html?m=1
අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරන ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය …නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම …neethiyalk.blogspot.com |
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.09)