ඇමැති ජෝන්ට එරෙහි විශ්වාසභංගය භාරදීම අද හෝ හෙට

Spread the News

ඇමැති ජෝන්ට එරෙහි විශ්වාසභංගය භාරදීම අද හෝ හෙට

අනුර බාලසූරිය

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (6 දා) හෝ හෙට (7 දා) කථානායක චමල් රාජපක්‍ෂ මහතාට භාරදීමට නියමිතය.

වත්තල ප්‍රාදේශීය සභාවේ පසුගියදා ඇති වූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැතිවරයාට එරෙහිව විපක්‍ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ඇත.

විශ්වාසභංග යෝජනාවට විපක්‍ෂයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් අත්සන් කිරීමට එකඟත්වය පළකර ඇති බවත්, ඊයේ ඊට අත්සන් ලබා ගැනීම සිදු කෙරුණු බවත් විපක්‍ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්තල ප්‍රාදේශීය සභාවේ වූ සිද්ධිය සම්බන්ධයෙන් ජෝන් අමරතුංග ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.