
ත්‍රී’මලේ පිළිම නඩුවේ පොලීසිය අධිකරණයට අපාහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන් දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට දුන් නියෝගය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීමක්….
ත්‍රීකුණාමලය බුදුපිළිම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් සිංහල භාෂාවෙන් ලබා ගැනීමට මහේස්ත්රාත්තුමා විවෘත අධිකරණයේ දී 2026.01.21 දින ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කර ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් 2026.01.23 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ත්‍රීකුණාමලය බුදුපිළිම නඩුවේ පොලීසිය විසින් අධිකරණයට අපාහාස කිරීමක් කර ඇති බවට 2026.01.21 දින විවෘත අධිකරණයේ දී කරුණු දැක්වීමෙන් පසු සම්පූර්ණ නඩු වාර්තාවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්රාත්තුමා අවසර ලබා දී ඇත.
එසේම ඒ අවස්ථාවේ එම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් සිංහල භාෂාවෙන් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව කළ ඉල්ලීමටද මහේස්ත්රාත්තුමා විවෘත අධිකරණයේ දී 2026.01.21 නියෝග කළ බවත්, සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා දීමේදී දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තනය කළ පිටපත් එහි නොමැති බවට රෙජිස්ට්‍රාර් එම නියෝගය ලබා ගැනීමට කරුණු තහවුරු කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා වෙත දැනුම් දී ඇති අතර, මේ තත්ත්වය දක්වමින් එම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් වල සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලා 2026.01.23 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතීඥ මහතා පියවර ගෙන ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2026.01.23)
