ආරියතිලක
2025.10.18
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
ඉහතින් දැක්වූයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන කොමියුනිස්ට් න්යායාචාර්යවරු දෙදෙනා විසින් 1848 එළි දක්වන ලද, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශයේ ඇති ප්‍රකාශයකි.
මෙම ප්‍රකාශය සහිත කොමියුනිස්ට් පක්ෂ ප්රකාශනයේ කිසිවක් කිසි ම ලෙසකින් කොමියුනිස්ට්වාදීන් කිසිවෙක් ප්‍රතික්ෂේප කොට නැත්තාහ.
ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයකි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ බැවින් ද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හා රාජ්‍යයයේ නායකයා ද ජනාධිපතිවරයා බැවින් කොමියුනිස්ට්වාදය ගැන කතා නො කර වර්තමානයේ මෙරට දේශපාලනය ක්‍රමය කතා කිරීම හා අවබෝධයට ගැනීම අසීරු ය.
කොමියුනිස්ට්වාදී ඔවුහු ද්‍රව්‍යවාදය (භෞතික වාදය) පදනම් කර ගත් දෛලෙන්තික ක්‍රමය පිළිගනිති. නැවත් ඉපදීමක් නැත ය, කර්මය, කර්ම විපාකය නැත ය, පිං පව්, කුසල් අකුසල් නැත ය. යන මතය අනුව ක්‍රියා කරත්.
මාක්ස්ගේ හා එංගල්ස්ගේ මූල් ඉගැන්වීම් අනුව සමස්ත කොමියුනිස්ට් දර්ශනය ම පිහිටා ඇත. ලෝකයේ ඇති කිසිදු ආගමක් ඔවුහු නො පිළිගනිත්. අන්‍ය කිසිදු දර්ශනයක් ද නො පිළිගනිති. කොමියුනිස්ට්වාදියාගේ සියලු බලාපොරොත්තු, සංවර්ධන උපාය මාර්ග සැකසී ඇත්තේ ද්‍රව්‍ය සංවර්ධනය කිරීමෙන් පමණක් ම මනුෂ්‍ය ජීවිතයේ පූර්ණත්වය හෙවත් සැප ලබා ගැනීම ය.
අධ්‍යාත්ම සංවර්ධමය ලෙස ඔවුන් දකින්න්නේ ද්‍රව්‍ය පොදුවේ පරිහණය පමණි. පෞද්ගලික ධනය අහෝසි කොට පොදු දේපොළ සංකල්පය ඔවුහු හදුන්වා දෙති. ඒ සියලු ද්‍රව්‍ය පොදු දේපොළ බවට පරිහරණය වන්නේ රාජ්‍ය මගිනි. ඒ සඳහා කොමියුනිස්ට්වාදියාට රජයක් ඇවැසි ය. ඒ රාජ්‍ය බලය ලබා ගැත හැක්කේ පවතින කොමියුනිස්ට් නො වන රාජ්‍ය බලය පෙරළා දැමීමෙනි. අල්ලා ගැනීමෙනි. පවතින රාජ්‍යයක් නිකම් ම පෙරළා නො දැමිය හැක. පවතින රාජ්‍යයයේ ආරක්ෂක හමුදා සේනා එයට එරෙහි වන බැවින්, ඒ ආරක්ෂක සේනා සමඟ සටන් කළ යුතුය. සටන් කිරීම නම් පවතින ආරක්ෂක සේනා පරාද කළ යුතු පමණට සටන් කළ යුතු ය. එය ද නිකන් ම බැරි ය. ඒ සඳහා ආයුධ, විධිමත් යුද පුහුණුව සහිත පවතින රාජ්‍යයේ ආරක්ෂක සේනා සමඟ සටන් කිරීමට ප්‍රමාණවත් තරම් යුද පුහුණුව ලැබා ගත යුතු ය. එයට විශේෂයෙන් සැඟ වී පහර දෙන ගරීල්ලා සටන් ක්‍රම ද උපාය මාර්ග ද ප්‍රගුණ කළ යුතු ය. හොඳ සංනිවේදන ජාලය ක් ද රහස් බුද්ධි සංවිධානයක් ද තිබිය යුතු ය.
මේ සියල්ල කිරීමට පඩි රහිත, කොමියුනිස්ට් ක්‍රමය උපාදාන කර ගත් පූර්ණකාලීන පක්ෂ සාමාජිකයන් සිටිය යුතු ය. එවැනි සාමාජිකයන් ගොඩ නැගිය යුතු ය.
ඒ කැරැල්ලකින් රට අල්ලන ක්‍රමය කාල් මක්ස් හා මාක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගේ ඉගැන්වීම ය. දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් පත් වූ රජයකි. එසේ වුවත් ප්‍රධාන දේශපාලන ධාරාව වන ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්- ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි. එහෙයින් දැන් ආණ්ඩුවේ ආත්මය විසින් කාල්මාක්ස්ගේ කොමියුනිස්ට් ක්‍රමයට රට පරිවර්තනය කිරීමට උත්සාහ කරමින් සිටී. ඒ සඳහා පවතින සියලු ආගම්, ඉතිහාසය, සංස්කෘතික වටිනාකම් කොමියුනිස්ට්වාදය විසින් බැහැර කරන්නේ ඒ සැම පිළිගන්නා ජනතාවක් සිටින තාක් කොමියුනිස්ට් ක්‍රමය රටේ දියත් කිරීම අසීරු බැවිනි. මෙ රටේ වර්ෂ දෙදහසකට අධික කාලයක් පවතින සම්බුදු සසුන මාක්ස්වාදී කොමියුනිස්ට් වාදීන්ට තඹ දොයිතුවට වටින්නේ නැහැ. ඔවුන්ට සමුබුදු සසුන පෙනෙන්නේ මාක්ස්ගේ එංග්ල්ස්ගේ, ලෙනින්ගේ ට්‍රොස්කිගේ ඉගැන්වීම අනුව, ධනේශ්වර චින්තනය පෝෂණය කරන, නිර්ධනයා සූරා කන, රදළ හෝ වංශවතුන් හෝ කොටින් ම කියනවා නම් ධනපති පංතියේ පැවැත්ම පෝෂණය කරන මෙවලමක් ලෙසිනි.
ඒ හේතුවෙන් සම්බුදු සසුන හෝ බෞද්ධ සංස්කෘතිය හෝ රැකීමට කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදීන් ඉදිරිපත් නො වීමත්, රැකීම වෙනුවට සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අහෝසි කිරීමට ගත හැකි සෑම උපාය මාර්ගයක් ම ගන්නවා ඇත. බෞද්ධ කුලදරුවන් පැවිදි බිමට පත් වීම වැළැක්වීමට සූක්ෂම ලෙස ක්‍රියා කිරිමත්, බෞද්ධ කුලයෙන් ආගම ඈත් කිරීමට ද ක්‍රියා කරනවා ඇත. මෙය බෞද්ධාගම් කාරයන්ට පමණක් ඇති දෙයක් නොව සෑම ආගමකට ම පොදුව පවතී. විශේෂයෙන් ලංකාවේ බෞද්ධ පදනම දෙදෙරවීමට කටයුතු කරනවා ඇත. හේතුව මෙරට බහුතර ජනතාව හා මුල් බැස ගත් ආගම බෞද්ධාගම බැවිනි. මේ සඳහා දෙමාපියන්ගෙන් ළමයින් ඈත් කිරීම ද කොමියුනිස්ට්වාදීන්ගේ එක් උපක්රමයකි.
දෙමාපියන්ගෙන් ළමයි ඈත් කිරීමට කොමියුනිස්ට්වාදයේ කියා ඇත්තේ මෙසේ ය.
“කොමියුනිස්ට්වාදයේ මූලධර්ම” පෙඩ්රික් එංගල්ස් මෙසේ කියයි.
“ස්ත්‍රී පුරුෂ සබඳතාවය විශේෂයෙන් ම පෞද්ගලික දෙයක් වනු ඇත. එය ඒ ඒ පුද්ගලයන් සතු කාර්යයක් මිස, එයට අත පෙවීමට සමාජයට කිසිදු උවමනාවක් නැත. මෙය මුදුන් පමුණුවා ගත හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කරලීමෙන් සහ ළමයිනට සමාජීය ශික්ෂණයක් ලබා දීම මගිනි. මෙහි ප්‍රතිඵලය වශයෙන් පෞද්ගලික දේපොළ අයිතියට සම්බන්ධ වූ පුරුෂයාට ස්ත්‍රිය යටවීම ද, ළමයින් දෙමාපියන්ට යටවීම ද සහිත සමකාලින විවාහයේ පදනම් දෙකක් අහෝසි වනු ඇත.”
මෙම ප්‍රකාශයේ විශේෂයෙන් සැළකිල්ලට ගත යුතු
“මෙහි ප්‍රතිඵලය වශයෙන් පෞද්ගලික දේපොළ අයිතියට සම්බන්ධ වූ පුරුෂයාට ස්ත්‍රිය යටවීම ද, ළමයින් දෙමාපියන්ට යටවීම ද සහිත සමකාලින විවාහයේ පදනම් දෙකක් අහෝසි වනු ඇත.”
යන්නෙන් ස්වාමිපුරුෂයාට ස්ත්‍රිය යටවීම ද ළමයින් දෙමාපියන්ට යටවීම ද අහෝසි වන බව කීමත් එයින් කොමියුනිස්ට් ක්‍රමය ස්ථාපිත කිරීමට ලැබෙන පිටුබලය කෙසේ ද යන්නත් අවධානයට ගත යුතු ය.
අතීතයේ පටන් පවුල නැමැති ඒකකයේ දරුවන්ගේ හිමිකම මව් පිය දෙදෙනා විසින් ම දරනු ලැබේ. එහිදී දෙදෙනා සම අයිතිවාසිකම දරුවන් කෙරෙහි දරති. කුඩා කාලයේ පටන් දරුවන් මව්ගේ සෙනහසේ වැඩෙන බැවින් මව්ට ඇති ඇල්ම බලවත් ය. කෙසේ නමුදු මව් පිය දෙදෙනාගේ වචනය දරුවෝ අසන්නාහ. ගරු කන්නාහ. පිළිපදින්නාහ. මව්පිය දෙදෙනා අදහන, ගරු කරන, ආගම දරුවෝ ද අදහති. ගරු කරති. පිළිපදිති. ජීවිත කාලයට ම මේ බැදීම බලවත් ය. සෑම ආගමකම දරුවන්ට මෙය පොදු ය.
පීතෘ මූලික පවුලේ ධනෝපායනය බහුලව කරන්නේ පියා ය. මව්වරු ද ධනෝපායනය කරති. කෙසේ නමුදු මව්ගෙන් පියාට ඇත්තේ ගෞරව සම්ප්‍රයුත්ත බැදීමකි. එයට තවත් හේතුවක් වන්නේ විවාහයක් දී ස්වමිපුරුෂයාට අයිති නිවසකට භාර්යාව කැන්දා ගෙන ඒම ය. ඒ ඉඩම කඩම ද ස්වාමිපුරුෂයා සතු ය. නැතිනම් ස්වාමි පුරුෂයාගේ දෙමාපිය දෙදෙනාගෙන් කෙනෙකුට හෝ අයිති වේ. බොහෝ කලාතුරකින් බින්න විවාහය භාර්යාවට අයිති ගේ, ඉඩමක, ස්වාමි පුරුෂයා නවතී. ස්වාමි පුරුෂයා සතු ගේ ඉඩමක වාසයට යන බිරිඳට ස්වාමිපුරුෂයා කෙරෙහි විශේෂ බැදීමක් ඇති කරයි. භාර්යාවගේ සියලු රැකවරණය ස්වාමිපුරුෂයා අත බැවිනි. මේ තත්වය මෑතක ඇතිවූවක් නො වේ. වර්ෂ දහස් ගණනක අතීතයේ පටන් පවතින්නකි. මේ දරුපවුලේ බැදීම, අදහන ආගම දහම අනුව ඒ සංස්කෘතික ආභාෂය සමඟ බලවත් ලෙස මුල් බැස ගනී.
මේ හේතුවෙන් දෙමාපියන් කතා කරන භාෂාව, අදහන ආගම, සිරිත්, විරිත් පාරම්පරික පැවතුම් හා සංස්කෘතික වටිනාකම් සියල්ල දරුවන් විසින් පවත්වා ගැනීමට, රැකගැනීමට උත්සාහ කරනු ලැබේ. කොමියුනිස්වාදය පැතිරවීමට හා ක්‍රියාවට නැගීමට මේ පවුල නැමැති ඒකයේ දෙමාපියන් හා දරුවන් අතර ඇති අන්‍යෝන්‍ය බැදීම බලවත් ම බාධයක් ලෙස ක්‍රියා කරයි. මෙම බාධකය තිබෙන තාක් කල් කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීම බොරු ය.
එසේ නම් කළ යුත්තේ කුමක් ද?
මෙම බාධකය බිඳ හෙලීමට නම් පවුල නැමැති ඒකකයේ දෙමාපියන් දෙදෙනාගේ ශක්තිමත් බැඳීම විශේෂයෙන් මව පියාට ඇති කරන ඉහතින් දැක් වූ හේතු කාරණා මත ඇති කරන ගෞරව නැති කළ යුතු ය. එසේ ම දරුවන් දෙමාපියන් ඇති භය පක්ෂපාතිත්වය හා ගෞරවය නැති කළ යුතු ය. එවිට දෙමාපියන්ගේ අධීක්ෂණයෙන් ගිලිහෙන ළමයින්ට
කොමියුනිස්ට්වාදය කාවැද්දිය හැක්කේ ය.
එයට උපක්‍රම ලෙස පෙඩ්රික් එංගල්ස් “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” දක්වා ඇත්තේ මෙසේ ය.
“පෞද්ගලික දේපොළ අයිතිය සීමා කිරීම; අනුක්රමයෙන් වැඩිවන අයබදු; මවුපිය උරුමයෙන් ලැබෙන ධනයට වැඩි අය බදු; වෙනත් පාර්ශවීය නෑ උරුමයෙන් (සහෝදරයන්ගෙන් බෑනෑවරුන් ආදීන්ගෙන්) ලැබෙන ධනය රජයට පවරා ගැනීම; අනීවාර්ය ණය දීම් ආදිය.”
“අඩ වශයෙන් රජයේ කර්මාන්තවල තරඟය මගින් ද, අඩ වශයෙන් , කෙලින් ම කොටස් මිලදී ගැනීම මගිම් ද ඉඩ්ම්වල, කම්හල්වල, දුම්රිය මාර්ගවල හා නැව්වල පෞද්ගලික අයිතිය අහෝසි කරලීම”
“ජනතාවගේ බහුතරයට විරුද්ධව කැරළි ගැසූ සංක්‍රමණිකයන්ගේ හා කැරළිකරුවන්ගේ දේපොළ රජයට පවරා ගැනීම.”
“පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්ට
ශ්‍රම සංවිධානය, නැතිනම් නිර්ධනීන්ට වතුවල, කම්හල්වල සහ හස්ත කර්මාන්තශාලවල රැකියා ලබා දීම මගින් කම්කරුවන් අතර තරඟය අහෝසි කරලීම, තවමත් කම්හල් හිමියන් ඉතිරිවන බැවින් රජය මෙන් ම උසස් වැටුපක් ගෙවීමට ඔවුනට බල කිරීම.”
“පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්ට සමාන අනිවාර්ය ශ්‍රම වැය කිරීමක් ඇති කරලීම. විශේෂයෙන් කෘෂිකර්මය සඳහා කාර්මික ශ්‍රම හමුදාවක් සංවිධානය කිරීම.”
“සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම”
යන ලෙස ක්‍රියා කිරීම, ළමයින් දෙමාපියන්ගේ යටත් බවින් වෙන් කිරීම ගන්නා උපායෝ වෙති.
ඒ උපක්‍රම ක්රියාවේ යෙදවීමට හා ළමයින් දෙමාපියන්ගේ යටතේ පැවැතීම අහෝසි කිරීමට නීතිමය වශයෙන්, දරුවන්ට දඬුවම් කරන්න බැරි වන ලෙස,
“ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම” යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ක්‍රියා කිරීම ද , දෙමාපියන්ට විරුද්ධව කරන, අති සූක්ෂ ම කුමන්ත්රණකාරී දිගුවක් බව ද නො කියා ම බැරි ය.
සමලිංගික විවාහ LGBTQIA+ ප්‍රවර්ධනය ද මෙම කර්තව්‍යය ම ආදාළ දේ හැටියට සැළකිය යුතු ය. පවතින ආගමික හා සංස්කෘතික අචාර ධර්ම කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදීන්ට ප්‍රයෝජන නැත්තේ ය.
මුනීර් මුලව්ෆර් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමත්යශවරයා ලෙස පත් කිරීම් ද පුදුම වීමට දෙයක් නැත්තේ කොමියුනිස්ට්වාදී දේශපාලන ධාරාවකින් ඊට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? යන්න සිතන විට ය.
ලංකා භූමියේ කොමියුනිස්ට් පාලනයක් ඇති කිරීමට් ඇති එක් ප්‍රධන බාධකයක් වන්නේ සම්බුද්ධ ශාසනය නොවේ යැයි කොමියුනිස්වාදී කවරෙකු හට කිව හැකි ද? සම්බුද්ධ ශාසනයට කොමියුනිස්ට්වාදයට බාධා නොවේ යයි යමෙක් කියනවා නම්;
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
යන මාක්ස් හා එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයේ ඉහත සඳහන් ප්‍රකාශය සමඟ පරස්පර විරෝධිව සිටී.
කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයේ ද මේ බව මාක්ස් හා එංගල්ස් කියා ඇත්තේ ය.
කාල් මාක්ස් හා පෙඩ්රික් එංග්ල්ස්ගේ මෙම ඉගැන්වීම අනුව තථාගත සම්බුදු රදුන් සහ සම්බුදු රදුන් විසින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය ද ඒ ධර්ම මාර්ගයෙහි ප්‍රතිපත්ති පුරන මහා සංඝ රත්නය ද බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා යන සියලු ගිහි තථාගත ශ්‍රාවක පිරිස ද ප්රතික්ෂිප්ත වේ. කිසිදු ලෙසකින් සම්බුද්ධ ශාසනය පිළිගැනීමක් සිදු නො වේ.
පෙඩ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට්වාදයේ මූලධර්ම (1847) ප්රකාශනය ආරම්භ කරන්නේ මෙසේ ය.
“1 වන ප්රශ්නය:- කොමියුනිස්ට්වාදය යනු කුමක් ද?
පිළිතුර:- කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.”
ඉහත සඳහන් ප්‍රකාශය මත එංගල්ස් විසින්, සමස්ත කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම නම් ප්රකාශනය ගොඩනඟා ඇත.
“කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.” යන ඉහත ප්‍රකාශය ම සම්බුද්ධ දේශනාවට පටහැනි බව කිව යුතු ය. ඒ මත ලියා ඇති සමස්ත කොමියුනිස්ට් ප්රකාශනය ම සම්බුද්ධ දේශනාවට පටහැනි වේ.
එංගල්ස්ගේ ප්රකාශනයෙහි ඇති ශ්‍රමය සූරා කෑම, සහ වහල් මෙහෙය තථාගත සම්බුදු රදුන්ගේ දේශනාවෙන් ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් සමස්ත කොමියුනිස්ට් ප්රකාශනය ම දියත් වන්නේ සම්බුද්ධ දේශනාවේ සඳහන්, මෙලොව පරලොව සැපය හා පරම විමුක්ති සුඛයට බාධක ලෙස දේශපාලන බලය දියත් වන ලෙස ය.
කොමියුනිස්ට්වාදය කිසි ලෙසකින් විඤ්ඤාණවාදය, හෝ විඤ්ඤාණය, මනස, සමඟ කියවෙන, පිං පව්, කුසල්, අකුසල්, කර්මය , කර්ම විපාකය, පෙර භවය, නැවත ඉපදීම හෙවත් පුනර්භවය , තථාගත සම්බුදුවරු, පසේ බුදුවරු, අරහත්, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න අදී සතර මඟ සතර ඵල, ධ්‍යාන අභිඥා ආදී ලෞකික උත්තරීතර මනුස්ස ධරම, දෙවියන් , දිව්‍ය ලෝක, බ්‍රහ්මයන් , බ්‍රහ්ම ලෝක, භූත ප්‍රේත, පිසාච, යක්ෂ, රාක්ෂ, ගාන්ධර්ව, දිව්‍යමය නාගයන් මහ බොසත් ගුණ, සම්බුදු කෙනෙකුන් ලොව පහළ වීමෙන් ඇතිවන සම්බුද්ධ ශාසනය. මතු ද සම්බුදුවරු, පසේ බුදුවරු, හා සම්බුදු සසුන් පහළ වීම, සක්විති රාජ්‍ය, තථාගත් සම්බුදු රජවරුන්ගේ සෘද්ධි බලය, සක්විති රජුගේ, දෙවියන්ගේ, යක්ෂ, දිව්‍ය නාග, බ්‍රහ්මයන්ගේ ආදීන්ගේ සෘද්ධි බලයන් මේ කිසිත් පිළි ගන්නේ නැත. අභිඥා පාදක චිත්ත බලය පිළිගනේ නැත. තථාගත් ශ්‍රී සද්ධර්මය පිළිගන්නේ නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන පිළිගන්නේ නැති බව ද කිව යුතු ය.
කොමියුනිස්ට්වාදී පක්ෂයකට හා කොමියුනිස්ට්වාදීන්ට සම්බුද්ධ ශාසනය හ සියලු අගම් නයාට අදුකොළ ලෙස පෙනෙන්වා ඇත. ඒ කොමියුනිස්ට්වාදයේ
ස්වරූපය බවින් සම්බුදු සසුන රැක ගැනීම ශාසන මාමක සැම දෙනාගේ වගකීම ද හා යුතුකම ද වන්නාහ
