Spread the News

දෙමළ දේශපාලන සිරකරුවන් හා
අතුරුදන්වූවන්ගේ නාමලේඛනයක්‌ ළඟදීම
පාර්ලිමේන්තුවට හා රටට ඉදිරිපත් කරනවා
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක
SOURCE
අජිත් අලහකෝන්

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සහ අතුරුදන්වූවන්ගේ නාම ලේඛනයක්‌ සකස්‌කර ළඟදීම පාර්ලිමේන්තුවටත්, රටටත් ඉදිරිපත් කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කරන බව එම සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පෙරේදා (25 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවේය.

බත්තරමුල්ලේ පිහිටි ජ. වි. පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී බිමල් රත්නායක මහතා මෙසේද කීය.

“සමාජවාදී තරුණ සංගමය ජුලි මාසේ 23 වැනිදා සහෝදරත්වයේ දිනය ලෙස නම්කර තිබෙනවා. සියලු ආකාරයේ ජාතිවාදයන් ප්‍රතික්‌ෂේප කොට ජාතික සමගිය ඇති කිරීම සඳහා ජාතිකත්වයන් අතර සහෝදරත්වයේ දිනය ලෙසයි එම දිනය නම් කර තිබෙන්නේ. ඒ නිමිත්තෙන් අපි රට පුරා වැඩසටහන් රැසක්‌ සංවිධානය කර තිබෙනවා.

අතුරුදන්වූ තරුණ තරුණියන් ගැන පිළිගත හැකි ලේඛනයක්‌ ඉදිරිපත් කරන්න ආණ්‌ඩුව මෙතෙක්‌ කටයුතු කර නැහැ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට උත්තර දී නැහැ. අප කළ විමර්ශනයකට අනුව නොදන්නා ස්‌ථානවල රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රමාණය 4700 ත් 5200 ත් අතර ප්‍රමාණයක්‌. ඔවුන් නිදහස්‌ කර ඔවුන්ට සාමාන්‍ය ජීවිත ගත කිරීමට අවස්‌ථාව ලබා දිය යුතුයි. සමාවාදී තරුණ සංගමය ඔවුන්ගේ සහ අතුරුදන් වූවන්ගේ නාමලේඛනයක්‌ සකස්‌ කරමින් සිටිනවා. එම නාමලේඛනය නුදුරු දිනකදී ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හරහා පාර්ලිමේන්තුවටත් එමෙන්ම රටටත් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස බල කරමින් ලබන 28 වැනිදා සවස 4.00 ට කොළඹදී උද්ඝෝෂණයක්‌ සංවිධානය කර තිබෙනවා. ඒ වගේම සෑම දිස්‌ත්‍රික්‌කයකම ජාතිවාදය වෙනුවට ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග ලෙස වැඩසටහන් රැසක්‌ සංවිධානය කර තිබෙනවා. ඒ අතර ක්‍රීඩා තරග, ජාතික සමගිය දැක්‌වෙන චිත්‍රපට සංස්‌කෘතික වැඩසටහන් පවත්වනවා.

ඒ වගේම අම්පාර දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනතාව හා දෙමළ ජනතාව වෙසෙන ගම්මාන දෙකක්‌ අතර ක්‍රිකට්‌ තරගයක්‌ සංවිධානය කර තිබෙනවා. එහි විශේෂත්වය තමයි එක්‌ අවස්‌ථාවකදී සිංහල අය හමුදාවේ ආධාර ඇතිව දෙමළ ගම්මානයේ අය ඝාතනය කළා. තවත් අවස්‌ථාවක දෙමළ ගම්මානයේ අය කොටි සංවිධානයේ ආධාර ඇතිව සිංහල ගම්මානයේ අය ඝාතනය කළා. මීට පෙරත් අපි මේ ගම්මාන දෙක සම්බන්ධ කරගෙන වැඩසටහන් පැවැත්වූවා. මින් පැහැදිලි වෙනවා මෙවැනි විරසකයන් තරුණ පරම්පරාව තුළින් ඉවත් කරන්න පුළුවන් කියන එක.

ඒ වගේම අපි පසුගිය සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාගවල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍ර ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා අපි විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසීමක්‌ කළා. ඔහු අපට කිව්වා ඔහුගේ දැනුමේ හැටියට කිසිම දවසක විභාග දෙපාර්තමේන්තුව පසුගිය දෙමළ භාෂා ප්‍රශ්න පත්‍ර අඩංගු පොත් කට්‌ටල සකස්‌ කර නැහැ කියා. නමුත් සිංහල භාෂාවෙන් එවැනි ප්‍රශ්න පත්‍ර කට්‌ටල සකස්‌ කර තිබෙනවා. ඒ නිසා පසුගිය විභාගවල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍ර කට්‌ටල සකස්‌ කරන්න අපට සිදු වුණා.

සමාජවාදී තරුණ සංගමයේ උතුරු පළාත් සම්බන්ධීකාරක ලලිත් කුමාර් වීරරාජු මහතා –

යුද්ධය ඇති වෙන්න බලපෑ මූලික ප්‍රශ්න විසඳන්න ආණ්‌ඩුව තවමත් සමත් වෙලා නැහැ. ජාතික සමගියට අවහිර වන වාතාවරණයක්‌ උතුරේ තිබෙන්නේ. කිලිනොච්චි, මුලතිව් ප්‍රදේශවල මූලික අවශ්‍යතා වන නිවාස, සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ගැටලු තවමත් විස¹ නැහැ.

ඒ – 9 මාර්ගය දෙපස තිබෙන තත්ත්වය නොවෙයි ඇතුළේ ගම්මානවලට යනවිට තිබෙන්නේ. ළමුන් ඉගෙන ගන්නේ ගස්‌ යට. මෑතක්‌ වනතුරුම පාසල් නිල ඇඳුම් දුන්නේ නැහැ. එය ලබා ගත හැකි වුණේ අපි විශාල උද්ඝෝෂණයක්‌ ගෙන ගිය පසුවයි. සෞඛ්‍ය පහසුකම් තිබෙන්නේ ඉතාම පහත් මට්‌ටමක. ආහාර පිසින උපකරණ පවා ඉතාම නුසුදුසු ඒවා. උතුරු පළාතේ උපාධිධාරීන් 4500 ක්‌ විතර විරැකියාවෙන් පෙළෙනවා. ස්‌වෙච්ඡා ගුරුවරුන් 700 ක්‌ පමණ සිටිනවා. පසුගිය ජුලි 02 වැනිදා තිබුණු ආණ්‌ඩුවේ මැතිවරණ රැස්‌වීමකදී ඔවුන්ට ස්‌ථිර පත්වීම් දෙන බව කිව්වා. නමුත් තවමත් දීලා නැහැ. ආණ්‌ඩුව රැකියා දෙන බව පවසමින් ඔවුන් රවටමින් දේශපාලන වැඩවලට යොදා ගනිමින් සිටිනවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මරුන්ගන් මෝහල් මහතා –

උතුරේ 98% ක්‌ පමණ සිටින්නේ හින්දු ආගම අදහන අය. ඔවුන් කැමැත්තෙන් බුදු දහම වැළඳ ගන්නවා නම්, කැමැත්තෙන් පිරිත් අහනවා නම් ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ආණ්‌ඩුව ඔවුන් මත බලහත්කාරයෙන් බුද්ධාගම පතුරවමින් සිටිනවා. ඒ නිසා ඔවුන් අතර බෞද්ධ විරෝධයකුත් ගොඩනැඟෙමින් තිබෙනවා. ජාතිවාදය නිසා ජාති භේදයකින් තොරව සියලු දෙනා පීඩාවට පත්වුණා. ඒ නිසා මේ තත්ත්වය කිසිවකුත් අනුමත කරන්නේ නැහැ.

බිමල් අයියා මොනවදෝ කියයි 

අපිටනම් මේවා නොතේරේයි 

ජාතිවාදී යා සොයාගනු බැරිව යයි

ජාතිය පාවාදෙන ඒකා ඒ කා ජාතිවාදී යයි

 සිහලුන් කියයි …………..


 

අනුන්ගේ ජාතිය නසා අනුන්ගේ රටවල් අල්ලන ජාතියක් වේනම් ඔවුන් ජතිවදියෝවෙති… තමන්ගේ රට හා තමන්ගේ ජාතිය බෙරා ගන්නෝ ජාතිවාදී නොවෙති ඔවුන්  සැමවිට ජාතික වීරයන් වෙති . ජාතිය හා රට යම් කිසි කෙනෙක් පාවාදෙනම් ඔවුන් පර යන්ම වෙති ,

හෙළයා සහ හෙබරයා අතර වෙනස හදුනා ගනිමු

බලවේග ප්‍රශ්නය :දෙමළ පෝරාවෙන් මෙයාට කියක් හම්බවෙනවද ?

ගාල්ලට කොටි ගැහීම පිටපස සිටිය හැකි පිරිස් කවුරුද ?