පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද හිස්, ප්‍රලාපයක් බව කිව යුතු ය.
පරාභව සූත්‍රයේ
“යෝ බ්‍රාහ්මණං වා සමණං වා
, අඤ්ඤංවාපි වනිබ්බකං
මුසාවාදෙන වඤ්චෙති
තං පරාභවතො මුඛං”
යනුවෙන් තථාගත බුදු රදහු විසින් වදාරණ ලදහ.
මෙහි සිංහල අරුත ” යම් බමුණකු වේව යි ශ්‍රමණයකු වේව යි අන්‍ය වූ යාචකයෙකු වේව යි බොරුවෙන් වඤ්චා කරන්නේ ද එය ඒ පුද්ගලයාගේ පිරිහෙන දොර යි “
මෙම ගාථාවේ “සමණං” යන බුදු වදනින් ද වදාරන්නේ සංඝයා වහන්සේලා ම බව කිව යුතු ය.
සමණ යන පාලි වචනයට පබ්බජ්ජා, යන පදය සමාන වෙත්.
සමණං පබ්බජ්ජුපගතං,1
සමණා පබ්බජ්ජුපගතා2 (1.චතුභාණවර අට්ඨකථා පරාභව සුත්තං
- සද්ධම්මප්පකාසනී පටිසම්භිදාමගගපකරණ අට්ඨකථා)
(පබ්බජ්ජා+ උපගතං) යනුවෙන් පාලියෙන් අර්ථ දක්වත්. ශ්‍රමණ යනු පබ්බජිත බව හෙවත් ප්‍රවෘජිත බවට පත් වූ බව ය.
“පබ්බජ්ජා” යන්න සාරච්ච සමුච්චය අටුවාවේ විස්තර කර ඇත්තේ මෙසේ ය.
“පබ්බජිතේනාති ඝරා වාසං පහාය සසනෙ පබ්බජ්ජං උපගතේන රාගාදිමලස්ස පබ්බාජනත්තා. තෙනෙව තස්ස උපායං වක්ඛති.”3
(3.චතුභාණවර අට්ඨකථා දස ධම්ම සුත්‍රය.)
“පබ්බජිතේන යනු ගෘහවාසයන් අතහැර සාසනයේ පැවිද්දට පැමිණි තැනැත්තා විසින් රාගාදි කෙලෙස් මල දුරු කරන බැවිනි. එයින් ම එයට උපාය කිය යි.” යනු ඉහත අටුවා පාඨයේ සිංහලාර්ථය ය.
ධම්ම චක්ක සූත්‍ර අටුවාවේ “පබ්බජිතෙන ගිහීසංයොජනං ඡින්දිත්වා පබ්බජ්ජුපගතෙන”
ගිහි සංයෝජනයන් සිඳ පැවිදි බවට පත් වූ යනුවෙන් අරුත් කියත්.
මංගල සූත්‍රයේ අටතිස් මංගල කරුණු අතර “සමණානඤ්ච දස්සනං” ශ්‍රමණයන් දැකීම ද එක් මංගල කරුණකි. සමණානඤ්ච දස්සනං යන වදනට අරුත් දෙන මංගල සූත්‍ර අටුවාවේ “සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමසමථදමථසමන්නාගතං පබ්බජිතානං උපසඞකමණුපට්ඨානුස්සරණසවණසමණදස්සනා.” යන ලෙස අරුත් දී ඇත.
එහි සිංහල තේරුම නම් “සමණානඤ්ච දස්සනං යනු නම් උප ශාන්ත භාවයට පත් කරන ලද කෙලෙස් ඇති, වඩන ලද කාය වාක් චිත්ත පඥා ඇති, උතුම් වූ සංසිඳවීම හික්මවීම යන මේවයි සමන්වාගත වූ පැවිද්දන් සමීපයට එළඹීම, උපස්ථාන කිරීම, සිහි කිරීම, ඇහුම්කන් දීම යනාදිය දස්සන නම් වේ.
සමණ යන බුදු රදුන්ගේ පාලි වදන, බුදු සස්නෙහි පැවිදි බව ලැබීම බව අවිවාදිත ය.
බුදු රදුන් විසින් දේශිත ධර්ම විනය ( ත්‍රිපිටකය තුල )තුල “සමණ” යන වදන බුදු සසුනෙහි පැවිදි බව ලැබූ සංඝයා වහන්සේ ම හැදින්වීම පිණිස ම වදාරන ලද බව කිව යුතු ය.
තථගතයන් වහන්සේ විසින් මහා පරිනිර්වාණ සූත්‍රයේ,
“ඉමස්මිං ඛො සුභද්ද ධම්මවිනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භති, ඉධෙව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ”4
(4. මහා පරිනිබ්බාන සූත්‍රය- දීඝ නිකාය)
“සුභද්‍රයෙනි, මේ ධර්ම විනය සහිත සාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය විද්‍යාමාන වේ. සුභද්‍රයෙනි, මේ ශාසනයෙහි ම පළමු සෝතාපන්න මහණ ද ඇත. මෙහි ම දෙවෙනි සකෘදාගාමි මහණ ද ඇත. මෙහි ම තෙවෙනි අනාගාමි මහණ ද ඇත. මෙහි ම (මේ ධර්ම විනය සහිත ශාසනයෙහි) සතර වන මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය පරප්ප්‍රවාද සත්‍යයෙන් ශූන්‍යය ය”
යනුවෙන් වදාරා ඇත. මෙම දේශනාවේ “ඉධෙව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො,” යනුවෙන් බුදු රදුන් වදාරා ඇත්තේ සතර මඟ සතර ඵලයට පත් ආර්ය ශ්‍රාවක වූ බුදු සස්නෙහි පැවිදි බව ලැබූ සංඝ රත්නය ම වෙත්.
සුමංගල විලාසිනී දීඝ නිකායට්ඨකථාවෙහි මේ පිළිබඳව විස්තරාර්ථ දක්වා ඇත.
බුදු සසුනෙහි පැවිදි බව ම ප්‍රධාන බැවින් පැවිදි බවට පත් වීම පිළිබඳව තථාගතයන් වහන්සේ ගේ අනුදැනීම කෙබඳු ද යන්න සොයා බැලිය යුතු ය.
බුදු රදුන් විසින් ම ලබා දෙන ඒහි භික්ෂු පැවිදි උපසම්පාදාව හැර, බුදු සසුනෙහි පබ්බජ්ජාව හෙවත් පැවිදි බව ලබා දෙන ආකාරය, බුදු රදුන් විසින් වදාරා ඇත්තේ විනය පිටකයේ මහාවග්ග පාලියේ ය.
“අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථ.එවං ච පන භික්ඛවෙ, පබ්බාජෙතබ්බො, උප සම්පාදෙතබ්බො, පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා එකංසං උත්තරාසංගං කාරාපෙත්වා භික්ඛුනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා එවං වදෙහීති වත්තබ්බො, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමිති, අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි තීහි සරණ ගමනෙහි පබ්බජ්ජං උපසම්පදන්ති.”5
( 5.විනය පිටක මහාවග්ග පාලි මහා ඛන්ධක)
“මහණෙනි, දැන් තෙපි ඒ ඒ දිසාවන්හි ඒ ඒ ජනපදයන්හි පැවිදි කරව්, උපසම්පදා කරව්, මහණෙනි මෙසේ පැවිදි කළ යුතු ය. මෙසේ උපසම්පදා කළ යුතු ය. මහණෙනි පළමුව කෙස් රවුළු බහවා කසට වස්ත්‍ර (සිවුරු) හඳවා
උත්තරාසංගය (තනිපට සිවුර) ඒකාංශ කරවා භික්ෂූන් ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳවා ඇඳිලි බඳවා,, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යි කියවිය යුතු ය. මහණෙනි, මේ සරණාගමන තුනෙන් පැවිද්ද ත් උපසම්පදාව ත් අනුදනිමි.” යි මෙහි සිංහලාර්ථය ය.
බුදු රදුන්ගේ මෙම විනය දේශනාව අනුව පැහැදිළි වන්නේ, පැවිදි වූ සියලු භික්ෂූන් වහන්සේලා මහා සංඝ සංඛ්‍යාවට යෙත්; සමණ සංඛ්‍යාවට යෙත්. සමණ යන පාලි වදන භික්ෂූන් වහන්සේලා උදෙසා ම යෙදෙන බව කිව යුතු ය.
“තීණිමානි භික‍්ඛවෙ, සමණස‍්ස සමණකරණීයානි. කතමානි තීණි : අධිසීලසික‍්ඛාසමාදානං, අධිචිත‍්තසික‍්ඛාසමාදානං, අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානං. ඉමානි ඛො භික්ඛවෙ තීණි සමණස්ස සමණකරණීයානි “6
(6.අඞ්ගුත්තර නිකාය තික නිපාත සමණ වග්ග)
“මහණෙනි, ශ්‍රමණ සන්තක වූ මෙ ශ්‍රමණ කරණීයයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක් ද යත්; අධිශීලශික්ෂාසමාදානය අධිචිත්තශික්ෂාසමාදානය අධිපඤ්ඤාශික්ෂාසමාදානය’ යි.
මහණෙනි මේ සමණ සන්තක වූ තුන් සමණකරණීයෝ යි.”
ශ්‍රමණ සන්තක වූ ශ්‍රමණ කරණීය පිළිබඳ වදාළ තථාගතයන් වහන්සේ ගේ මෙ දේශනාව අනුව අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා යන් ශික්ෂා යන ත්‍රී ශික්ෂා සමාදානය බුදු සසුනෙන් ?පිටත නැති බැවින් මේ සූත්‍රයෙහි වදාළ ශ්‍රමණයෝ නම් මහා සංඝ වූ භික්ෂූන් වහන්සේලා ම වෙත්.
දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ බුදු රදුන් විසින් ශ්‍රමණ ඵල පිළිබඳව වදාරන ලදහ. සාමඤ්ඤ යනු ශ්‍රමණ බව ය. සාමඤ්ඤ යනු මහණකම ය. බුදු සසුනේ මහණ බව ලැබූ සහ මහණකම පූරණය කරන පිරිස නම්, භික්ෂු සංඝයා වහන්සේලා ම වෙත්.
ජනාධිපතිවරයා විසින් ” පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් කරන ලද ප්‍රකාශය කරුණු නොදැන කළ ප්‍රකාශයක් බව පැහැදිළි ය. වැරදීම් කාහට වුවද විය හැක; නමුත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී රටේ පළමුවන පුරවැසියා වශයෙන් සිටිමින් ප්‍රකාශ කොට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්ථා ගත වීම, සමස්ථ බුදු සසුනටත් ලෝක බෞද්ධ ප්‍රජාවටත් කරන ලද බලවත් අනාදරයක් බව කිව යුතු ය.
– ආරියතිලක