Spread the News

ආරියතිලක
2026.03.28


“ඇප මත සිටින ඇමති ජයකොඩි අස්වෙනවාද.. නැද්ද.. ලොකු සංවාදයක්..

මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇප මත මුදාහැර සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර දැඩි සංවාදයක් මතුව ඇතැයි වාර්තා වේ.”

ඉහති දැක්වා ඇත්තේ කුමාර ජයසිංහ බලශක්ති අමාත්‍යවරයා පිළිබඳව “lanka c news” වෙබ් පිටුවෙහි පළ කළ පුවතින් උපුටා ගත් කොටසකි.

ඒ පිළිබඳව අපගේ අදහස මෙසෙ ය…
ජනතා විමුක්ට්ජි පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ, ජාතික ජන බලවේගය පක්ෂය ඇතුලු, විධිධ සංවිධාන පක්ෂ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාව පරිදි  ශුද්ධ නැති බව කිව යුතු ය.

“පොල්ලට ලොකු වළං නැත.” යනුවෙන් පැරණි සිංහල කියමනකි. කුඹල්කරුවන් හදන සියලු මැටි වළං පොල්ලෙන් ගැසූ කළ බිඳී යයි. එපරදි ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, රටේ අනෙකුත් සියලු ලිඛිත රාජ්‍ය නීති අභිබවා ඉහළින් සිටී. 


1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී කැරැල්ලක් ඇති කොට ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ප්‍රකාශ කොට ඇත්තේ ය. එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු විරෝධතාවක් නැතිව, ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන ඇත. ඒ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්ථාව පිළිගැනීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් නිසා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ දෙකේම නායකය වත්මන් ජනාධිපතිවරායා බැවින්, ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ, 157අ ව්‍යවස්ථා ප්‍රකාරව නඩු පවරා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික් ජන බලවේගය යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙකේ චංචල නිෂ්චල දේපොළ තහනම කිරීමට ද, 2024 ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා 2025 පලාත් පාලන මැතිවරණයෙහි එම පක්ෂ දෙකේ නාමයෝජනා පත්‍ර ද බල රහිත කිරීමට ද, එමගින් වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය හා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 ද,  එම පක්ෂයේ   පාලාත් පාලන මන්ත්‍රී ධූර ද බල බල රහිත කිරීමට ද හැකියාව ඇති කරයි. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන්ගේ,  157අ ව්‍යවස්ථාවේ (3) ඈ ව්‍යවස්ථාවෙන් කියවෙන් පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයේ දිවුරුම පරිදි බලාත්මකව පවතින ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ එම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක හෝ  සාමාජිකත්වය දරණ  රජ්‍ය නිලධාරීන්ගේ, සංස්ථා නිළධාරීන්ගේ  පාලාත් පාලන නිලධාරීන්ගේ  සේවය ද බල රහිත (අත් හිටුවීමට) කිරීමට ද හැකියාව ඇත්තේ ය.

Protected by Security by CleanTalk