Spread the News

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, පුද්ගල නිදහස අහිමි කරන නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමටවිශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාවපිහිටුවන ලෙස ජනාධිපතිට, අධිකරණ අමාත්‍යාංශය ලේකම්ට සහ නීතිපතිට ඉල්ලීමක්.

මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමටවිශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාවපිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, අධිකරණ අමාත්‍යාංශය ලේකම් එම්. එන්. රණසිංහ මහතාගෙන් සහ නීතිපති ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ මහතාගෙන් අද දින (2024.08.16) ඉල්ලීමක් කර ඇත.

වර්තමානයේ පවතින නීති යටතේ මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු  වරට ආරම්භ වන නඩු ප්‍රමාණය වැඩි වී ඇති අතර එසේම එම නඩු වලදී තැනැත්තන්ට එරෙහිව මුල් වරට දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදල් හෝ නඩු ගාස්තු නියම කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණට අධිකරණ බලය හිමි වී ඇති බවත් එම ඉල්ලීමෙන් පෙන්වා දී ඇත.

එසේම පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට අවස්ථාවක් මේ දක්වා නීතියෙන් ප්‍රතිපාදන සළස්වා දී නැති බවත්, මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල විදෙස් අධිකරණ යාන්ත්‍රණ වල පිහිට පැතීමටද ඇතැම් තැනැත්තන් පෙළඹෙන තත්ත්ව ඇති අතර එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට, ශ්‍රී ලංකාවේ කීර්තියට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකර තත්ත්වයක් බවත් ජනාධිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට සහ නීතිපතිවරයාට පෙන්වා දී ඇත.

එම ඉල්ලීමේ කරුණු සහ ජාත්‍යන්තර සම්මුති සහ මෙරට පවතින නීති සළකා බලා දැනට වසර 02කට පෙර සිට ඇතුළුව මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන ලද දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරීමටවිශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාවපිහිටුවන ලෙසත් ඒ සඳහා නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

http://neethiyalk.blogspot.com/2024/08/blog-post.html?m=1

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2024.08.16)