Spread the News

විමුක්තිය ඇත්තේ අවබෝධය තුළින්.

විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් ගැන අප නොවෙහෙසෙමු.
නමුත් විමුක්තිය සඳහා අවශ්‍ය සාමූහික විඥානය ගොඩනැංවීමේදී සෑම පුද්ගලයෙක් සතුවම තනි තනිවම ද වගකීමක් තිබෙනවා.

මෙම ක්‍රියාදාමය තනි තනිව හෝ ආරම්භ කළ හැකියි (ඒහි පස්සිකෝ).
නමුත් අරගලය දියත් වෙන මොහොතේ සමස්ත ජනතාවම සාමූහික විඥානයකට එළඹ සිටිය යුතුයි.

විප්ලව වල දී පමණක් නොව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට පවා මෙම සාමූහික ජනවිඥානය අවශ්‍යයි.

අප මේ මොහොතේ නියැලී සිටින්නේ එම ඓතිහාසික කාර්යභාරය සදාචාරාත්මක යුතුකමක් සේ සළකා ඉටු කිරීමටයි.

ඊට ඔබ සැමගෙන් ලැබෙන සහයෝගය අප ඉතාමත් අගය කරනවා.

  • තෙවැනි ඇස-
    03.06.2023