Thu. Nov 14th, 2024
Image by pixabay.com/users/kanhaiskan
Spread the News

බික්ෂුත්වයේ රාජ්‍ය කාර්යයභාරය…

බුදු දහම යනු සතර වර්ගයකට අයිති වුවක්. එනම් භික්ෂු , බික්ෂුණි , උපාසක සහ උපාසිකා යනු එම සතර වර්ගයටම අයිති . බුදු දහම භික්ෂුත්වයට පමණක් ලබා දුන්නා යයි වදනක් මුළු ත්‍රිපිටකයේම නොමැත. එසේම බුදු දහම උපාසක උපාසිකාවන්ට පමණක් ලබාදුන්නා කියාද නැත. එනම් එහි උරුමය මේ සතර වර්ගයම සතුය.

ඇයි මේ සතර වර්ගයක් ?

බුදු දහම නම් වූ මෙකල වුවත් පෙර මෙන්ම “ප්‍රායෝගිකව ප්‍රතිපල” දනවන්නක්. උතුම් දහමේ උතුම් ප්‍රතිපදාව අනුගමනය කිරීම , උතුම් ප්‍රතිපදාව රැකීම  භික්ෂුත්වයට භාරය. ඒ සඳහා ඔවුන් ගිහි ගෙයින් නික්මෙන්නේ එනිසාය. “බික්ඛු ප්‍රතිපදාව” ගිහියන්ට අනුගමනය කල නොහැකිය.  ඒ ගිහි ගෙදර වූ කලි ගිනි ගෙදරක් වූවක් නිසාය. උතුම් බික්ඛු ප්‍රතිපදාව උදාහරණයක් ලෙස ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය , උපසම්පදා ශිලය වැනි උතුම් ප්‍රතිපදවන් අඩු තරමින් රැක තැබිය යුත්තේ හෝ පැවිද්දන්ය. එය පවිද්දකුගේ පරම යුතුකම වේ.

ප්‍රායෝගික ප්‍රතිපල  ?

ඔබට හමුවන ලොව ඔබ තුලම වන උත්පාදනයක් බවත් , ඊට වූ හේතුවත් , එම ලොවෙහි පුර්ණ අභාවයත් \ එම ලොවෙහි අහෝසියත් , ලොව අභාවයට යන මාර්ගයත් යන සතර ආකාර ප්‍රතිපල අද වුවද ඔබට ප්‍රායෝගිකව අත්දැකිය හැකිය.

මොනවා ????

ඇයි ?

වෙනත් දහම් වලත් එය කල හැකියි නේද ?  

එවැනි මොන යම් හෝ දහමක ඉගැන්වීම් ඔහුගේ අනුගාමිකයෙකුට ප්‍රායෝගිකව අත්දකින්නට පුලුවන්ද ?

උදා; තහන….ගස ඔබ කෙතරම් උත්සහ කලත් දැකගැනීමට හැකිද ? එය දැකගත් කෙනෙක් ඇත්නම් ඔහු ගැන අපට ලියන්න. පොතක ලියා ඇති වුවක් ප්‍රායෝගිකව අත්දකින්නට නොහැකි නම් එවැනි දහම් විශ්වාස යන ඝනයට වැටේ. විශ්වාසයකින් මිනිසෙකුට විමුක්තිය ලැබිය හැකිද ? විමුක්තියක් ඇත්නම් එයට ප්‍රායෝගික ප්‍රතිපදාවක් තිබිය යුතුමය.

හොඳයි ! උපාසක , උපාසිකා රාජකාරිය කුමක්ද ?

උපාසක\උපාසිකා ගොන්නට වැටෙන්නන්ගේ රාජකාරිය වන්නේ ගිහි බවින් නික්මුණු පිරිසට අනුග්‍රහය දැක්වීමය. වස්ත්‍ර (චීවර) , ආහාර(පිණ්ඩපාත) , වාසස්ථාන (සේනාසන) , බෙහෙත් හේත් (ගිලානප්‍රත්‍ය) යනු එම සතර ආකාර වූ අනුග්‍රහයයි.

එපමණක්ම නොවේ.

ඊට අමතරව මිත්‍යා ලබ්ධීන් විසින් ප්‍රායෝගික දහමට කෙරෙනා කෙළවරක් නොමැති වූ ප්‍රතිරෝධයන්ට මුහුණ දීම , ඔවුනගෙන් භික්ෂුත්වය රැක ගැනීම , බෞද්ධ ක්‍රමයට කෙරෙනා ප්‍රහාර වලට මුහුණදීම ,  බෞද්ධ සමාජ ක්‍රමය රැකගැනීම , පතිරුපදේශය රැකගැනීම , භික්ෂුත්වයේ අවිච්චින්නතාවය රැක ගැනීමට උපකාර වීම , ආදී බොහෝ ගිහි කටයුතු බුදු දහම වෙනුවෙන් ගිහියාට කරන්නට සිදුවේ.

පැවිද්දන්ට පැවිදි ප්‍රතිපදාව රැකගැනීම අද බොහෝ අභියෝගයන්ට මුහුණ දුන් කාලයක්. ඇතැම් භික්ෂුන් එය එදා මෙන් රැකිය නොහැකි දෙයක් යයි කියා ප්‍රතිපදාව පසෙකලා බෞද්ධකම පමණක් හෝ රැකගැනීමට ඔවුන් බොහෝ වෙහෙසෙති.

ගිහියාට මෙන්ම පැවිද්දාටත් පින් අවශ්‍ය වේ. යම් භික්ෂුවක් අඩු තරමින් බෞද්ධකම හෝ මම රැකගනිමියි කියා වෙහෙසේ නම් එයත් පුණ්‍යක්‍රියාවකි. බෞද්ධකම රැකගැනීමට බෞද්ධයන් නොමැතිව බැරිය. එනිසා යමෙක් එය එසේ සිතන්නේ නම් ඔහු බෞද්ධ ප්‍රජාව රැක්මට පළමුව උත්සාහ කල යුතුය.

බෞද්ධ ප්‍රජාව මත බෞද්ධ රාජ්‍යත්වය නිර්මාණය වේ. බෞද්ධ රාජ්‍යත්වයකට ඉතිරි හරිය කරගෙන යාම පහසු වේ. අතීතයේදී පවා භික්ෂුන් බෞද්ධ රාජ්‍යත්වය වෙනුවෙන් තම නිරාමිෂ වූ පැවිදි සුවය කැප කලේ එබැවින්ය. ඒ ගැන වූ උදාහරණයන් එමට ඇත. බෞද්ධ රාජ්‍යත්වය වෙනුවෙන් උරදුන් පැවිද්දන් අතර මහා රහත් උතුමෝද විසු බව ඔබට අපේ ඉතිහාසය ගවේෂණය කිරීමේදී සක්සුදක් සේ පෙනී යන කරුණක්.

උදා; සිංහල රාජ වංශයම බෞද්ධ භික්ෂුත්වයේ නිෂ්පාදනයන් කිවොත් ඔබ ඊට එරෙහි නොවනු ඇති.

භික්ෂුන් විසින් මිත්‍යා ලබ්දිකයෙක්ව සිටි රජෙක් හට සම්මා දිට්ටිය අවබෝධකිරීමෙන් මෙම කර්තව්‍යයේ උපත සිදුකර ඇති අයුරු ත්‍රිපිටක අධ්‍යනයේදීද , මහා වංශය මෙන්ම පසු ඉන්දියානු ඉතිහාසය , මිලින්ද ප්‍රශ්නය ආදී අධ්‍යනයනයන්ගෙන්ද පෙනේ. බෞද්ධ රාජ්‍යත්වය නිර්මාණය කර ඇත්තේ දැනුම සහ අවබෝධය ලබා දීමෙන් මිස තුවක්කු , බයිනෙත්තු , කඩු , කිනිසි වලින් නොවේ. එසේ වුවා යයි කියා බෞද්ධ රාජ්‍යත්වය විනාශ කිරීමේ පරම අදිටනින් කරනා හඬ සහිත හෝ හඬ රහිත හෙවත් නිශ්ෂබ්ධ ආක්‍රමණයකදී ආක්‍රමණිකයාට ධර්මාවබෝය කරන්නට යාම තරම් මෝඩ ප්‍රතිපදාවක් බික්ඛු , බික්ඛුනි , උපාසක , උපාසිකාවන් තුල නැත.   

බෞද්ධයන් රැකීමට නම් උන්ගේ බිම රැකදිය යුතුමය. හේතුව බෞද්ධකම නිධන්ගත වී ඇත්තේ එවැනි වූ පතිරුපදෙශයකය. බිම අහිමි වුවහොත් බෞද්ධයනුත් , බෞද්ධයන් අහිමිවීමෙන් බෞද්ධ ප්‍රතිපදාවත් විනාශයට යාම වැලැක්විය නොහැක්කක්. පතිරුපදේශයක් විනාශ වී ගිය පසුව භූමියක බෞද්ධකම රැක ගැනීම අතිශයින් දුෂ්කර කාර්යක්. ඒ නිසා බෞද්ධ රාජ්‍යත්වයේ මුඛ්‍ය පරමාර්ථයට වන්නේ පතිරුපදේශය රැකගැනීමයි.

එනිසා භික්ෂුත්වය යනු රාජ්‍යත්වය අරභයා පාවිච්චි නොකළ යුතු දෙයක් යයි යමෙක් කියයි නම් , කියන්නට උත්සාහ කෙරේ නම් ඔහුට කියන්නට ඇත්තේ එසේ නොවුවා නම් අද වන විට භික්ෂුත්වයත් අහිමි වී අවසාන බවයි.

රාජ්‍යත්වය පිළිබඳ වූ කථා බුදු හිමියන් විසින් “ප්‍රතික්ෂේපිත දෙතිස් කථා” ලෙස “නොකළ යුතු කථා” ඝනයට දැමුවක් නොවේද ?

නිර්වාණගාමී ප්‍රතිපදාවට එය බාධාවකි. එනිසා එය දෙතිස් කතා අතරට දමා තහනම් කොට ඇත.  

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)

Protected by Security by CleanTalk