‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත තකහනියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ න්‍යෂ්ටිය;
ආරියතිලක
2025.10.01

දරුවන්ට දඬුවම් කරන්න බැරි වන ලෙස,
‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත තකහනියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියා කරන්නේ කුමක් නිසා ද යන්න විමසුම් ඇසින් බැලිය යුතු ය. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශාපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ ය. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වදී පක්ෂයකි. කොමියුනිස්ට්වාදය ගොඩ නැගී ඇත්තේ 1847 දී පෙඩ්රික් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට්වාදී මූල ධර්ම මතය. ඒ මූල ධර්මවල හරය හා එකාබද්ධව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන න්‍යායාචාර්‍යවරු දෙදෙනා විසින් එළි දක්වන ලදී. ඒ 1848 වසරේදී ය.
සමස්ත කොමියුනිස්ට්වාදය ම පිහිටා ඇත්තෙ මෙම ප්‍රකාශන දෙක මත ය. එදත් අදත්, කවදත් කොමියුනිස්ට්වාදයේ මූලධර්ම හා කොමියුස්ට් පක්ෂයේ ප්‍රකාශනය යන ප්‍රකාශන දෙකෙහි අන්තර්ගතය කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදීහු විසින් ප්‍රතික්ෂේප කොට නැත්තාහ. එය මත ම තම දේශපාලනය, කොමියුනිස්ට් පක්ෂ ක්‍රමය ගොඩ නැගීම කළහ.
තකහනියක් දරුවන්ට දඬුවම් කරන්න බැරි වන ලෙස නීති සම්මත කර ගැනීමට හේතුව ද පැහැදිලි ලෙස විග්‍රහ වන්නේ කොමියුනිස්ට්වාදයේ මූල ධර්මවලය.
මේ රටේ සියලු පුරවැසියන් විසින් එය අධ්‍යනය කළ යුතු ය. එවිට මේ වෙන්න යන්නේ කුමක් ද යන්න පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.
දරුවන්ට දඬුවම් කිරීමට නො හැකි වන ලෙස නීති සම්මත කිරීම හා කොමියුනිස්ට්වාදය අතර තිබෙන සම්බන්ධ කම කුමක් ද?
කොමියුනිස්ට් ආණ්ඩුක්‍රමය විසින් කොමියුනිස්ට් රාජ්‍ය ඇති වේ. ඒ සඳහා මානව සම්පත ඒ ඉලක්කය ගතව බල ගැන්විය යුතු ය. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් පිරිසකගෙන් හැර එය කළ නො හැක. දැනට රටේ ජීවවත් වන වැඩිහිටි ජනතාවගෙන් එය බලාපොරොත්තු විය නො හැක්කේ, ඔවුන් උපතේ සිට හැදුන වැඩුණු සමාජ පරිසරය, දේශපාලන හා ආගමික ආභාෂය නිසා කොමියුනිස්ට්වාදී දේශපාලන ක්‍රමය ඔවුන්ගේ සිත්වල පැල කිරීම අසීරු බැවිනි.
කොමියුනිස්ට්වාදයට ප්‍රධාන සතුරු කඳවුරු කීපයකි. එනම්:-
- පෞද්ගලික ධනය හිමි ධනවතුන්;
මේ පිරිසට රාජ්‍ය නො වන බැංකුකරුවන්, සියලු ආකාර පුද්ගලික සමාගම් හිමියන්, පුද්ගලික ඉඩම් හිමියන්, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ඉඩම් හිමි සියලු දෙනා ම මෙයට අයත් ය. (මුල් අදියර මහා පරිමාන ඉඩම හිමියන්ගේ දෙපොළ ද ඊට පසු ක්‍රමයෙන් මධ්‍යහා සුළු පරිමාණ ඉඩම් පෞද්ගලික අයිතිය අහෝසි කිරීම කොමියුනිස්ට් න්‍යයාචාර්යවරුන්ගේ උපදේශය ය.) මහා පරිමාණ කර්මාන්තකරුවන්, පුද්ගලික ප්‍රවාහන සපයන්නන් ද එයට ඇතුලත් ය. - ආගමික දර්ශන හා ඒ ඒ ආගම් අදහන්නන්:
සියලු අගම් මෙයට අයිති ය. ශ්‍රී ලංකා භූමියේ ක්‍රියාත්මක වන බෞද්ධාගම, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, ආදී සියලු ආගමික දර්ශන හා ඒ ඒ අගම් අදහන්නන්, ඒ ඒ ආගම් පැවැත්මට ඇති සියලු ඉඩම් රාජ්‍ය සන්තක කිරීමෙන් ද අගම්වල පැවැත්ම අහෝසි කිරීමට ක්‍රියා කිරීම කොමියුනිස්ට් රාජ්‍ය පාලනය ක්‍රියා කිරීම,
තව ද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.
“විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මෙම කියමන අනුව ලෝකයේ සියලු ආගමික ශාස්තෘවරුන්ගේ ආගමික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරයි. සම්බුදු දහමේ ත්‍රිපිටකය, හා අටුවා-ටීකා, කිතු දහමේ බයිබලය, මහමුද් ආගමෙ (මුස්ලිම්) අල්- කුර්ආනය, හින්දු ආගමේ ත්‍රීවේදය සහිත සියලු ඉගැන්වීම් හා අනෙකුත් ආගම්ක දර්ශන සහිත සියලු ඉගැන්වීම් ද ප්‍රතික්ෂේප කරයි.
- කොමියුනිස්ට්වාදයෙන් තොර සියලු දේශපාලන දර්ශන, ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වූ ආණ්ඩුක්‍රම, ආගම් පදනම් වූ ආණ්ඩුක්‍රම, රාජාණ්ඩුක්‍රම, කොමියුනිස්ට් පාලනයට අනුගත නොවන පාර්ලිමේන්තු ක්‍රමය, විධායක ජනාධිපති ආදී පාලන ක්‍රම: ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා, නීති පනත්, අධිකරණ පද්ධති, සංනද්ධ සේනා බලය;
ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් වන්නේ මෙසේ ය.
“ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”
“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”
කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීමට බාධක ඉහතින් දැක් වූ සතුරු කඳවුරු තුනට අයිති නැති කවරෙක් හෝ රටක සිටී නම් ඒ කොමියුනිස්ට්වාදීහු ම වෙත්.
ඉහතින් දැක්වූ සතුරු කඳවුරු වන
- පෞද්ගලික ධනය හිමි ධනවතුන්;
- ආගමික දර්ශන හා ඒ ඒ ආගම් අදහන්නන්,
- කොමියුනිස්ට්වාදයෙන් තොර සියලු දේශපාලන දර්ශන,
යන තුනෙහි සිටින කිසිවෙකුගෙන් කොමියුනිස්ට් පාලනයක් ඇති කිරීම, පවත්වා ගෙන යාම හා ස්ථාවර කිරීම නො හැකි ය.
එසේ නම් කළ යුත්තේ කුමක් ද?
පවතින සමාජ-ආර්ථික, ආගමික, හා දේශපාලන ධාරාවේ සිටින පුද්ගලයන්ගෙන් මෙය කෙසේවත් කළ නො හැක. එය කළ හැක්කේ කුඩා කල සිට ළමයින් ඉලක්ක කොට කොමියුනිස්ට් දේශපාලන දර්ශනය දියත් කිරීම ය. එය කිරීමට ප්‍රධාන බාධකය වන්නේ දරුවන්ගේ දෙමාපියෝ වෙත්. හේතුව ඉහත දැක්වූ කොමියුනිස්ට් ක්‍රමයෙහි සතුරු කඳවුරු තුනට අයිති, දෙමාපියන් භාරයේ සිටින ළමයින් කොමියුනිස්ට්වාදයට යොමු වීම වැළැක්වීමට එම දෙමාපියෝ කටයුතු කරති. එම දෙමාපියන්ගගේ විරෝධය ගැළවීමට නම් දෙමාපියන් විසින් දරුවන්ට දඬුවම් කිරීම වැලැක්වීමට නීති සම්පාදනය කිරීමත්, දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ආධිපත්‍ය අහෝසි වන ලෙසට කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ඇති කිරීමත් අනීවර්ය සාධකයකි.
පෙඩ්රික් එංග්ල්ස්ගේ කොමියුනිස්වාදයේ මූලධර්ම 18 වගතියේ 8 වැනි අනු වගන්තියේ මෙසේ කියයි.
“සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම.”
මෙයින් කියවෙන්නේ කුමක් ද? මේ වගන්තිය මෙසේ වෙන් කළ විට
- සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට,
- එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම,
- පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම.”
මෙහි සම්පූර්ණයෙන් ම යටි බිම් ගත අදහස වන්නේ දෙමාපියන්ගෙන් ළමයින් වෙන් කිරීම ය. එසේ වෙන් කොට ඒ ළමයින්ට කොමියුනිස්වාදී න්‍යාය සහිත අධ්‍යාපනය කාවද්දා ලොකු මහත් කිරීම ය. වෘත්තීය අධ්‍යාපනය ලබන ඒ ළමයා ඉහත දැක් වූ තුන් ආකාරයෙන් මුක්ත වූ දෙමාපියන්ගේ අදහස්වලට නතු නො වූ පුද්ගලයකු ලෙස වැඩී යත්. ඒ ලොකු මහත් වූ දරුවාගෙන්, කොමියුනිස්ට් පාලනයට ඇවැසි රාජ්‍ය නිළධාරීන්, විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිළධාරීන්, කොමසාරිස්වරුන්, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිස් හමුදාව, රාජ්‍ය බුද්ධි අංශය, හමුදා හා පොලිස් බුද්ධි අංශ, රාජ්‍ය සේවයේ කම්කරුවා පටන් ඉහල ම රාජ්‍ය නායකයා දක්වා සියලු පිරිස් ඇති කිරීම, රටක කොමියුනිස්ට් රාජ්‍යක් ඇති කිරීමට අනීවාරයෙන් ම අවශ්‍ය වන බව ස්ථීර ය.
කොමියුනිස්‍ට් පාලනයකට ආරක්ෂක හමුදා සංන්ද්ධ බලය ප්‍රධාන ම සාධකය වේ. එම සංනද්ධ සේනා ගොඩ නැගීම සුළු පටු නැත. කොමියුනිස්ට් රජයක සංනද්ධ සේනාවලට “ රතු හමුදාව” ලෙස පොදුවේ කියත්.
සෝවියට රුසියාව 1918 සිට ද, මහජන චීන සමූහණ්ඩුව 1949 සිට ද, උතුරු කොරියාව 1948 සිට ද, කියුබාව 1959 සිට ද, උතුරු වියට්නාමය ග 1954 සිට ද, උතුරු වියට්නාමය, දකුණු වියට්නාමය යටත් කළ පසු 1975 සිට ද ඉහත කියන ලද ලෙස, රතු හමුදාවන් සහිත රාජ්‍ය පාලන ව්‍යූහය ගොඩ නැගිණි. එසේ නො වන්නට එම කොමියුනිස්ට් රාජ්‍ය බිඳ වැටී අවසන් ය.
වත්මන ජාතික ජන බලවේගය පක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ බැවින් හා එහි නායකයා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කොමියුනිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරක සාමාජිකයන් බැවින්, අනාගතයේ කොමියුනිස්ට් රාජ්‍යයක් ඇති කිරීමට අවශ්‍ය මූලික යටි බිම් ගත අඩිතාලම ලෙස,
‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව කිව යුතු ය
මෙම සංශෝධනය පිළිබඳව හඳුන්වා දීමක් කරමින් සරෝජා පෝල්රාජ් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය කියා සිටින්නේ
“දරුවෙකුගේ පූර්ණ අයිතිය ඇත්තේ, එම දරුවා ජීවත් වන ප්‍රදේශයේ දිසා විනිසුරුවරයාට යි. ඒ නිසා මව්පියන් හැටියට අපටවත්, ගුරුවරුන්ටවත්, ඥාතීන්ට, කිසිවෙකුට තවත් පුද්ගලයින් හැටියට, තවත් ජීවියෙක් හැටියට දරුවෙකුව හිංසාවට පමුණුවන්න, කෲරත්වයට පමුණුවන්න හැකියාඑඅක් නැහැ.”
ඇයගේ ප්‍රකාශයෙන් දෙමාපියන්ට මේ කියා සිටින්නේ කුමක් ද? ඔබලා දෙමාපියන් වුවත් දරුවා අයිති රජයට යන බව ය.
පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්ම 18 වන ප්‍රශනය 8 අනු වගන්තිය වන
“8. සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම.”
යන ප්‍රකාශය සමඟ, කොමියුනිස්ට් රාජ්‍යක් සඳහා ළමා පරපුර ගොඩනැගීමට පාලමක් ලෙස,
‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත ඉදිරිපත් නො කළේ යයි කොමියුනිස්ට්වාදියෙකුට කිව හැකි ද?
රටක කොමියුනිස්ට්වාදය දියත් කිරීම අදියර කීපයක් යටතේ කළ යුතු බව, කොමියුනිස්ට්වාදයේ ප්‍රධාන න්‍යායාචාර්යවරු දෙදෙනාගෙන් කෙනෙකු වන පෙඩ්රික් එංගල්ස් විසින් 1847 දී එළිදක්වන ලද “කොමියුනිස්ට්වාදයේ මූලධර්ම” යන ප්‍රකාශනයේ 18 වන ප්‍රශ්නය මෙසේ සඳහන් කරයි.
18 වැනි ප්‍රශ්නය:- එම විප්ලවයේ ක්‍රියාකාරිත්වය කෙසේ වනු ඇතිද?
පිළිතුරු:-
ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත. ජනතාවගේ බහුතරය නිර්ධනීන් බවට පත්ව සිටින එංගලන්තයේ නියම ලෙස ද, ජනතාවගේ බහුතරය නිර්ධනීන්ගෙන් පමණක් නොව, කුඩාඉඩම් හිමි ගෝවින්ගෙන් සහ නගරබද ශිල්පීන්ගෙන් සමන්විත ප්‍රංශයේ හා ජර්මනියේ අනියම් වශයෙන් ද ඇති වනු ඇත. මොවුහු තවමත් නිර්ධන පංතිය කරා පරිවර්තනය වීමේ අවධියක පමණක් පසුවෙති. ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීමට වඩ වඩාත් පවතින්නේ නිර්ධන පංතිය මත ය. එබැවින් ඔවුනට නිර්ධන පංතියේ ඉල්ලීම සමඟ එක්වීමට ඉක්මනින් ම සිදුවනු ඇත. සමහර විට මේ සඳහා අනිවාර්යයෙන් ම නිර්ධන පංතියේ ජයග්‍රහණයෙන් අවසන් වන තවත් නව අරගලයක් අවශ්‍ය වනු ඇත.
පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි. අද පවතින තත්වයන්ගෙන් පැන නගින ඒ ප්‍රධාන ව්‍යාපාරවල හරය මෙසේ ය.
- පෞද්ගලික දේපොළ අයිතිය සීමා කිරීම; අනුක්‍රමයෙන් වැඩිවන අයබදු; මවුපිය උරුමයෙන් ලැබෙන ධනයට වැඩි අය බදු; වෙනත් පාර්ශවීය නෑ උරුමයෙන් (සහෝදරයන්ගෙන් බෑනෑවරුන් ආදීන්ගෙන්) ලැබෙන ධනය රජයට පවරා ගැනීම; අනීවාර්ය ණය දීම් ආදිය.
- අඩ වශයෙන් රජයේ කර්මාන්තවල තරඟය මගින් ද, අඩ වශයෙන් , කෙලින් ම කොටස් මිලදී ගැනීම මගිම් ද ඉඩ්ම්වල, කම්හල්වල, දුම්රිය මාර්ගවල හා නැව්වල පෞද්ගලික අයිතිය අහෝසි කරලීම.
- ජනතාවගේ බහුතරයට විරුද්ධව කැරළි ගැසූ සංක්‍රමණිකයන්ගේ හා කැරළිකරුවන්ගේ දේපොළ රජයට පවරා ගැනීම.
- පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්‍ට
ශ්‍රම සංවිධානය, නැතිනම් නිර්ධනීන්ට වතුවල, කම්හල්වල සහ හස්ත කර්මාන්තශාලවල රැකියා ලබා දීම මගින් කම්කරුවන් අතර තරඟය අහෝසි කරලීම, තවමත් කම්හල් හිමියන් ඉතිරිවන බැවින් රජය මෙන් ම උසස් වැටුපක් ගෙවීමට ඔවුනට බල කිරීම. - පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්‍ට සමාන අනිවාර්ය ශ්‍රම වැය කිරීමක් ඇති කරලීම. විශේෂයෙන් කෘෂිකර්මය සඳහා කාර්මික ශ්‍රම හමුදාවක් සංවිධානය කිරීම.
- රාජ ප්‍රාග්ධනයක් සහිත ජාතික බැංකුවක් මගින් ණය දෙන ක්‍රමය හා මුදල් වෙළදාම මධ්‍යගත කොට රජය අතට ගැනීම.
සියලු පෞද්ගලික බැංකු සහ බැංකු කාර්යාල වසා දැමීම. - ජාතිය සතු කම්හල් වැඩපලවල, දුම්රිය මාර්ග හා නැව්වල සංඛ්‍යාව වැඩිකිරීම. ජාතිය සතු ප්‍රාග්ධනයේ වැඩිවීමත් සහ කම්කරු පංතියේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ එයට සරිලන ප්‍රමාණයට මෙතෙක් පාවිච්චියට නො ගත් සියලු ඉඩම් වගාවට යට කිරීම සහ දැනට වගා කරන බිම්වල තත්වය යහපත් කිරීම.
- සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම.
- රටවැසියාගේ පොදු පදිංචිය සඳහා ජාතිය සතු ඉඩම්වල විශාල මාලිගා, මන්දිර ඉදිකිරීම, මේ රට්වැසියෝ කර්මාන්ත හා කෘෂිකර්මයෙහි නියුක්ත වෙමින් නගරවල හා ගම්වල ඇති ඒකතානමයභාවය හා අඩුපාඩු මඟහරවා
නගරයේ සහ ගම්බද ජීවිතයේ උසස් ගුණයන් එක් කරනු ඇත්තාහ. - නගරවල සෞඛ්‍යයට හානි කරන සහ අයහපත් ලෙස ගොඩනගා ඇති සියලු ගොඩනැගිලි විනාශ කර දැමීම.
- විවාහයෙන් සහ එයින් පිට උපන් සියලු ලමයින්ට එක සමාන උරුමයක් ලබා දීම.
- මුළු ප්‍රවාහන සේවය ජාතිය සතු කිරීම.
මෙම සියලු පියවරයන් එකවර ක්‍රියාවට යෙදවිය නො හැකි බවට තර්කයක් නැත. එහෙත් එකක් ක්‍රියාවේ යෙදවීම නිසා අනිකද ක්‍රියාවේ යෙදවීමට සිදුවනු ඇත. පෞද්ගලික දේපොළ අයිතියට විරුද්ධව මූලික ලෙස පහර ගැසීම ආරම්භ කළ හැටියේම, නිර්ධන පංතියට ඒ මඟ ඔස්සේ තව දුරටත් යාමට සිදුවනු ඇත. මුලු මහත් ප්‍රාග්ධනය ද මුලු මහත් කෘෂිකර්මය ද, මුලු මහත් කර්මාන්ත ද මුලු ප්‍රවානය සහ හුවමාරුව ද රාජ්‍ය අත වඩාත් සංකේන්ද්‍රගත කිරීමට සිදුවනු ඇත. ඉහත සඳහන් සියලු පියවරයන් ඒ වෙත යොමු වී ඇත. රටේ නිෂ්පාදන බලවේග නිර්ධන පංතියේ ශ්‍රමයෙන් කොතරම් වැඩි කරන්නේ ද එපමණට එම ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදීම සහ එමඟින් සිදුකරණ මධ්‍යගතකරණය වැඩි වනු ඇත. අවසානයේ මුලු මහත් ප්‍රාග්ධනයත්, නිෂ්පාදනයත්, හුවමාරුවත් ජාතිය අතට පත් වූ විට, පෞද්ගලික දේපොළ අයිතිය ඉබේටම අහෝසි වනු ඇත. මුදල් අතිරික්තයක් බවට පත්වනු ඇත. නිෂ්පාදනය කෙතරම් ලෙස දියුණු වන්නේ ද යත්, මිනිසුන් කෙතරම් දුරට වෙනස් වෙති ද යත්, පැරණි සමාජයේ සබඳතාවයන්ගේ අවසාන ආකාරයන් අතුරුදහන් වනු ඇත.