1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.
2. සරත් එන්. සිල්වා අගවිනිසුරුගේ බලපෑම මත අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම 2009 සිට නතර කර ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය නැවත අධිකරණ භාෂාවෙන් ලබා දීම ආරම්භ කිරීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට/ කථානායකවරයා වෙත යොමු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරවීමට පියවර ගැනීම.
4. උසස් පෙළ සිසුන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාරිභෝගික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, නවකවදය සම්බන්ධ නීති කරුණු ඇතුළත් “මූලික නීතිය විෂය” අනිවාර්යය විෂයක් ලෙස හඳුන්වා දීම.
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරදි 2ක් නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළකර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරැදි නිවැරදි කිරීම.
http://neethiyalk.blogspot.com/2025/05/23-5.html?m=1
2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5….!නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම …neethiyalk.blogspot.com |
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.10)
CD
You