ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.
1815 දී අප ජාතියට අහිමිවූ කිසිවක් 1948 පෙබ 4 වනදා ආපසු නොලැබුණේනම් මේ රටේ දේශපාලනඥයින් තවමත් එදින නිදහස් දිනය වශයෙන් සමරන්නේ කුමන පදනමක් මතද?
මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ පසුගිය දිනක මේ රජයද ලබන වසරේද උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනය පෙබ 4 දාම පැවැත්වීමට තිරණය කොට ඇතැයි ප්‍රවුර්තියක් පලවී තිබුණු නිසාය
මේ රටේ නිදහස් දිනය පැවැත්විය යුත්තේ කවදාදැයි අපි තිරණය කළ යුත්තේ 1815 ආරම්භවූ ඉන්ග්‍රීසි අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ්‍රී ලන්කාවට සැබෑ සහ සම්පූර්ණ දේශපාලන නිදහස ලැබුණු දිනය අනුවය.ඒ අනුව එම පාලනයෙන් පළමුවෙන්ම පූර්ණ නිදහස ලැබුණේ 1948 පෙබ 4 වනදාද එසේ නැත්නම් 1972 මැයි 22 දා ද යන්න පළමුව පැහැදිළිකොට ගත යුතුය.
1948 පෙබ 4 වනදා ඉන්ග්‍රීසි අධිරාජ්‍ය වාදීන්ගේ වසර 133 ක රිජු යටත් විජිත පාලනය අවසන්කොට එක්තරා දේශපාලන නිදහසක් මේ රටට ලැබුණු බව අපි කවුරුත් දනිමු.එහෙත් පහතින් විස්තරකොට ඇති පරිදි එය කිසිසේත්ම සම්පූර්ණ නිදහසක් නොවුන බවද අපි දනිමු. ඇත්ත වශයෙන්ම මේ රටට එන්ගලන්ත දේශපාලන යදම් ග්‍රහනයෙන් මිදී ස්වාධීන රටක් වශයෙන් ක්‍රියාකිරීමේ දේශපාලන නිදහස ලැබුණේ මේ රට නිදහස් ජනරජයක් වශයෙන් ප්‍රකාෂ කරණලද 1972 මැයි මස 22 දාය. තවදුරටත් 72 මැයි 22 දා සිදුවූයේ නිදහස ලැබීමකට වඩා ලබාගැනීමකි. ඒ බව අධිරාජ්‍යවාදී ගැතිකමින් හා පටු පක්ෂ දේශපාලනයෙන් දෑස් අන්ධ නොවූ සිහිමොලේ ඇති ඕනෑම නොදරුවකු වුවද හොඳාකාරවම දනී.
මා එසේ සඳහන් කළේ දැනට නිදහස් දිනය ගැන මත දෙකක් තිබෙණ නිසාය.ඉන් පළමුවැන්න දේශපාලන හා නයිතික වශයෙන් 1815 ට පසුව මේ රට පූර්ණ නිදහස් ස්වාධීන රාජ්‍යක් බවට පත්වූයේ ශ්‍රී ලන්කාවේ ජනතාවගේ ස්වාධීනත්වය තහවුරු කරගත් ජනරජයක් වශයෙන් ප්‍රකාෂිත 1972 මැයි මස 22 දාය යන ප්‍රබුද්ධ මතයයි. දෙවැන්න, මේ රටට නිදස ළැබුනේ 1948 පෙබ 4 දාය යන අධිරාජ්‍යවාදී ගැතිකමින් හා පටු පක්ෂ දේශපාලනයෙන් සිහි විකල්වූ එසේම මේ රටට දේශපාලන නිදහස ලබා දුන්නේ සේනානායකලා මිස බන්ඩාරනායකලා නොවේ, එසේම එ.ජා. ප. ය මිස ශ්‍රී. ලන්. නි. ප. නොවේ, යන මතයේ දැඩිව එල්බගෙන සිටින දේශපාලන මලබද්ධ කාරයින්ගේ දැඩි මතයයි.
ඒ අනුව මේ රටට 1972 මැයිම 22 ද සැබෑ නිදහස ලබාදුන් බන්ඩාරනායක මැතිනියගේ රජය 1972 සිට 1978 දක්වාම මේ රටේ නිදහස් දිනය වශයෙන් පවත්වන ලද්දේද ශ්‍රී ලන්කාවේ ජනරජ දිනය වූ මැයි මස 22 දාය
යථාර්තය එය වුවද 1977 සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු බලයට පත්වූ එ.ජ.ප. රජයේ අග්‍රාමාත්‍ය ජේ ආර්. ජයවර්ධන මහතාගේ බන්ඩාරනායක භීතිය සහ දැඩි බටහිර ගැතිකම අනුව ගත් තනි තීරණය මත 1978 නිදහස් දිනය නැවතත් සුද්දන් විසින් නියමකරණලද දිනය වූ පෙබ 4 ටම ආපසු කැන්දාගෙන එන ලදී.මේ වු කළී සින්හල බෞද්ධයකු විසින් කිසිසේත්ම නොකළයුතු ඉතාමත්ම නින්දා සහගතවූද එසේම අමනොඥ වූද, දේශද්‍රෝහි වූද, ජාතිද්‍රෝහීවූද පහත් පෙලේ මෝඩ තීරණයකි.
1972 දී මේ රට පූර්ණ නිදහස් ස්වාධීන ජනරජයක් බවට පත්කොට 1948 සිට 1972 දක්වා වසර 24 ක කාලයක්තුල පිරිමි අගමැතිවරුන් 6 දෙනකුට ඉටුකිරීමට නොහැකිවූ අයිතිහාසික ජාතික මෙහෙවරක් ඉටුකකළ ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වශයෙන් ලෝක වාර්තාවක්ද තබනලද එසේම 1976 නොබැඳි ජාතීන්ගේ සමුලුවෙන් ලෝක නායිකාවක් වෂයෙන්ද කිරුළු පලැඳි නූතන විහාරමහා දේවිය වෂයෙන් ප්‍රකටවූ ඒ ලක්මාතාවට එතුමිය විසින් සිදුකරණලද ඒ මහඟු ජාතික මෙහෙවරට ලන්කා පුත්‍රයකු වූ ජේ ආර් ජයවර්ධ ජනාධිපතිවරයා සැළකූ හැටියි ඒ.
ඉහතින් දවනලද කරුණු අනුව මේ රටේ සැබෑ ජාතික නිදහස් දිනය පැවැත්විය යුත්තේ කවදාදැයි තිරණය කළ යුත්තේ ශ්‍රී ලන්කාවට අධිරාජ්‍යවාදී පාලනයෙන් සැබෑ සහ සම්පූර්ණ දේශපාලන නිදහස ලැබුණු දිනය අනුවය. එසේම එම තීරණය ගත හැක්කේ මේ රටේ පර්මාධිපත්‍ය හිමි මහජනතාවට පමණි. එම නිසා ජනතාවගේ අනුමැතියක් හෝ ජන වරමක් නැතිව කිසිවෙකුට එවැනි තීරණ ගත නොහැක. 1972 වසරේදී බන්ඩාරනායක මැතිනිය එම තීරණය ගණු ලැබුයේ ඒ සඳහා ලබාගත් 2/3 කජනවරමක් මතය. එහෙත් ජේ. ආර්. 1978 දි එය වෙනස්කොට නැවත පැරණි පෙබ 4 දාම නිදහස් දිනය පැවැත්වීමට තීරණය කලේ ඔහුගේ තනි තීරණය මතය.
එබැවින් වර්ථමාන රජය හෝ එම තිරණය වෙනස්කොට ලබන වසරේ සිට හෝ මේ රටට සැබෑ නිදහස ලබාගත් මැයි මස 22 මේ රටේ ජාතික දිනය පැවැත්වීමට පියවර ගෙන1978 දි ගත් ඒ වැරැදි තීරණය නිවැරැදි කරන මෙන් සමස්ථ ලන්කාවාසි ජනතව වෙනුවෙන්ම මම ඉල්ලා සිටිමි. ඒ වූ කලී මේ රටේ දෑහිතැති මුළුමහත් ජනතාවගේම අපේක්ෂාව බවද ඔබ තුමන් වටහාගනු ඇතැයි මම විස්වාශ කරමි.
මේ රටේ නිදහසේ පුරාණය
මේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූයේ 1815 මාර්තු 2 දිනය. එදා සිට වසර 133 ක කුරිරු, පීඩාකාරී හා කොල්ලකාරී යටත් විජිත පාලනයකින් පසු 1947 සෝල්බරි ව්‍යවස්ථාව අනුව 1948 පෙබ. 4 දා සිට බ්‍රතාන්‍ය පාලනයෙන් ලන්කාවට නිදහස ප්‍රදානය කළේයයි කියයි. එහෙත් ඉන් පසුව වුවද 1972 දී දේශප්‍රේමි ජනතාවගේ මෙහෙයුම සහ බන්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කරන තුරු මේ රට නිදහස් රාජ්‍යකැයි කීම අමු මුසාවකි.
1948 දී එතෙක් පැවැති ඉන්ග්‍රීසින්ගේ රිජු පාලනය වෙනුවට මේ රටේ චන්දදායකයින් විසින් පත්කරගනු ලැබූ නියෝජිතයින් ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් මගින්, සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට පාලනය කරණ ක්‍රමවේදයක් අපට හඳුන්වාදුන් බව සැබෑ වූවද 1948 මේ රටට ලැබුණේ කිසිසේත්ම සම්පූර්ණ ස්වරාජ්‍යක් නොවේ.
එම ව්‍යවස්ථාව නිර්මාණය කළේ ජෙනින්ග්ස් නැමති බ්‍රිතාන්‍යය ඉන්ග්‍රීසි ජාතික ව්‍යවස්ථා විසාරධයාය. එය මුල සිට අගටම බ්‍රතාන්‍යය. 1815 මාර්තු මස 2 දා ඉන්ග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් කුමන්ත්‍රණයෙන් හා වන්චාවෙන් අපෙන් මේ රට උදුරාගෙන වසර 133 ක පීඩාකාරි හා මර්ධනකාරී කොල්ලකෑමෙන් පසු ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ආරාක්ෂා කෙරෙන පරිදි ඔවුන් විසින්ම සකස්කරණලද ඔවුන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව ක්‍රියාත්මක වියයුතු ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ කොන්ත්‍රක්කුව ඔවුන් විසින්ම මැනවින් පුරුදු පුහුණු කරනළද නාගරික කලු සුද්දන් පිරිසකට 1948 පෙබ 4 දා භාරදුන් බව ද ඇත්තකි.
සැබෑ තත්වය එසේ වුවද 2023 ද නිදහස් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද ඒ සඳහා අනු කොමිටි 10ක්ද පත්කර ඇතැයිද පසුගියදා වාර්තවූ බැවින් තවදුරටත් 1978 සිටම කල පරිදි යලිත් පෙබරවාරි 4 දාම මේ රටේ නිදහස් උත්සවය පැවැත්ව්ම කිසේත්ම අනුඅමත නොකරණ දේෂප්‍රේමියකු වෂයෙන් ප්‍රමාදවී හෝ මේ වරද නිවැරැදිකොට ගෙන 2023 වසරේ සිට හෝ 1972 සීට 1978 දක්වා සිදුකළ පරිදි මේ රට් ජනරජයක් බවට පත්වූ මැයිමස 22 ජාතික නිදහස් දිනය වශයෙන් යලිත් ප්‍රකාශකොට එදිනට ජාතික නිදහස් දිනය පවත්වන මෙන් මම මේ රජයෙන් ඉල්ලා සිටිමි. රජය කෙරෙහි දැනට සීග්‍රයෙන් පිරිහෙමින් පවතින ජන ප්‍රසාදය ආරක්ෂාකර ගැනීමටද එවැනි තිරණයක් ගැනීම කාලෝචිත බවද කියනු කැමැත්තෙමි.
කෙසේ වුවද ගරු ජනාධිපති තුමාට පෙබ 4 දාටත් උත්සවයක් පැවැත්වීමට අවශ්‍යමනම් පෙබ 4 දාට රටේ පාලනය ඉන්ග්‍රීසින් විසින් අප රටට භාරදුන් දවස සන්කෙත්වත් කිරීමක් වෂයෙන් පමණක් ජනාධිපති කාර්‍යාලය තුලදී බ්‍රතාන්‍ය මහකොමසාරිස් වරයාගේද සාභාගිත්වයෙන් චාම් උත්සවයක්පැ වැත්විය හැක.
එසේ නොමැතිව රට දරුණු ආර්ථික අහේනියකට වැටී සිටින මෙවැනි අවස්ථාවක මේ රටට කිසිදාක නොලැබුණු නිදහසක් වෙනුවෙන් ත්‍රිවිධ හමුදා පෙලපාලි, ගුවන් සන්දර්ෂන, පාසැල් ලමුන් දහස් ගානක්ද සාභාගීකෙරෙන සන්ස්කෘතික නැටුම් සන්දර්ශන වැනි බොරු ශෝභන සඳහා මහජන මුදල් කෝටි ගණනක් නාස්ති කිරිම සහ දසදහස් ගණනින් මිනිස් ශ්‍රමය නාස්ති කිරීමද කිසිසේත්ම සුදුසු නැත
ප්‍රථමයෙන්ම මෙම ලිපියේ මාතෘකාවෙන් අසා ඇති ප්‍රශ්නයට ජාතියක් වශයෙන් අපි උත්තරයක් සොයා ගතයුතුය. එම උත්තරය අනුව මේ රටට නියම නිදහස ලැබුණු දිනය තෝරාගෙන එම දිනය මුල්කොටගෙනය, අපි ජාතික උත්සවය පැවැත්විය යුත්තේ. එම තීරනය කළයුත්තේ තාවකාලිකව රටේ නායකත්වයට පත්වන දේශපාලන පක්ශ නායකයින් නොවේ. එය කළයුත්තේ රටේ පරමාධිපත්ත්‍ය හිමි දේෂප්‍රේමී මහජනතාව විසිනි. ජනතාව එවැනි උත්සව වලට අසතුටුනම් එවැන්නක් නොපැවිත්වීම රජයේ වගකීමයි.
නිදහසේ ඉතිහාසය
1815 මාර්තුමස 2 දා චිර ප්‍රසිද්ධ උඩරට ගිවිසුමෙන් ඉන්ග්‍රීසීන් විසින් අල්ලාගත්/උඩරට නිළමේලා ගිවිසුමකින් ඉන්ග්‍රීසීන්ට භාරදුන් සින්හලේ රාජධානියේ ඉන්ග්‍රීසින්ගේ රිජු පාලනය අවසන්කොට මේ රට වැසියන්ගේ චන්දයෙන් තෝරාගත් මන්ත්‍රිවරුන් 95 ක් හා සුද්දන් විසින්ම පත්කළ ඔවුන්ගේ නියෝජිතයින් වූ මන්ත්‍රිවරුන් 6 දෙනකුද සමඟ 101 දෙනකුගේ පහල මන්ත්‍රණ සභාවකින් සහ 31 දෙනකුගෙන් යුත් උත්තර මන්ත්‍රණ සභාවක් සහිත පාර්ලිමේන්තුවකින් මේ රට පාලනය වන ක්‍රමයක් 1948 දී සෝල්බරී ව්‍යවස්වෙන් නිර්දේෂ කොට තිබිණ. 1948 නිදහස නමින් හැඳින්වූයේද ළැබුණේද එපමණි. ඒ අනුව රිජු හා වසර 133 ක අධිරාජ්‍යවාදී පීඩාකාරී ඉන්ග්‍රීසි පාලනයෙන් එක්තරා නිදහසක් සහ 1815 සිට 1948 පෙබ 4 වනදින තෙක් පැවති අධිරාජ්‍යවාදී සූරාකෑමේ පාලන ක්‍රමයේ වෙනසක් සිදුවූ බව අපි අවිවාදයෙන් පිළිගනිමු. එසේම වර්ෂ 1948 පෙ 4 වනදා මේ රටේ ජනතාවට තමන්ගේම නියෝජිතයින් මගින් තම රට පාලනය කරගැනීමට විධිවිධාන සලස්වා බ්‍රිතාන්‍ය ජාතිකයින් එතෙක් රිජුව කරනලද පාලනයෙන් ඉවත්ව ගිය බව සැබවි. ඒ තාක් දුරට වර්ෂ 133 කට පසු ඉන්ග්‍රීසින්ගේ රිජු පාලනයෙන් නාමිකව මේ රට නිදහස් වූ බවද සැබවි. එහෙන් ඔවුන් 1948 දී මෙහි ස්ථාපිතකොට ගිය පාලන ක්‍රමයෙන් මේ රටට කිසිදු ස්වාධීන පාලනයක් හෝ නිදහසක් නම් කිසිසේත්ම නොලැබුණු බව 1948 සිට 1972 අතර රට පාලනය වූ සැටියෙන් මනාව පැහැදිලිවෙයි.
උදාහරණය වශයෙන් 1948 පෙබ 4 දා ලැබුණා කියන මේ ඊණියා නිදහස ගැන කළකිරුණු සින්හල බෞද්ධ බළවේගවල මෙහෙයුමෙන් බන්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1951 දි ශ්‍රී ලන්කා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් බිහිවූයේද 1948 පෙබ 4 දා මේ රටට හෝ එහි වැසියන්ට ඔවුන් අපේක්ෂාකළ නිදහස අධිරාජ්‍යවාදින්ගෙන් නොලැබුණ නිසා අධිරාජ්‍යවාදී ග්‍රහනයෙන් ශ්‍රී ලන්කාව මුළුමනින්ම නිදහස්කර ගැනීමේ ඒ උතුම් අරමුණ පෙරදැරිකොට ගෙනයයි මම සිතමි.
1956 දි පළමුවරට දේශීය සන්ස්කෘතියේ පුනරුදයක්
ඒ අනුව දෙස, බස, හා රැස සහ බුදු දහම පදනම්කොට ගොඩනැගුණු දේශීය සන්ස්කෘතියේ පුනරුදයක සහ නිදහසක චායාවක් හෝ මේ රටේ මිනිසුන් 1815න් පසු පළමුවරට දුටුවේ 1956 දි සිදුවූ දේශපාලන වෙනසෙන් පසුවය.කෙසේ වුවද රට තුල මෙන්ම ඉන් බාහිරවද ගොඩ නැගී තිබුණු අධිරාජ්‍යවාදී බලවේග නිසා ජෙනින්ග්ස්- ඩී එස් – සෝල්බරී තුන්කට්ටුව විසින් දමනලද අධිරාජ්‍යවාදී ව්‍යවස්ථා පදනම ප්‍රබලව දිගටම ක්‍රියාත්මක විය.
මෙම අවාසනාවන්ත සහ අඳුරු යුගයේ නිමාව දක්නට ලැබුණේ 1972 වසරේ මැයි 22 වන දින 1815 න් පසු පළමුවරට මේ රටේ පිනට පහලවූ බන්ඩාරනායක මැතිනියගේ රජය විසින් මේ රට පූර්ණ නිදහස්, නිවහල් ස්වාධීන ජනරජයක් බවට පත්කිරීමෙන් පසුවය. ඇත්ත වෂයෙන්ම ශ්‍රී ලන්කාව සැබෑ සහ එසේම පූර්ණ නිදහස් ජනරජයක් බවට පත්විය යුතුව තිබුනේ ඊට වසර 24 කට පෙර 1948 පෙබ 4 දාය. නමුත් මේ රටට සැබෑ හා එසේම පූර්ණ දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දාය. එමනිසා අනිවාර්‍යයෙන්ම අපි සැබෑ නිදහස් දින සමරු උලෙළ පැවැත්වියයුත්තේ ශ්‍රී ලන්කාව අධිරාජ්‍යවාදී පාලන ග්‍රහණයෙන් මුලුමනින්ම මිදී, පූර්ණ නිදහස් ජනරජයක් බවට පත්වූ 1972 මැයි මස 22 විය යුතුය.කෙසේ වුවද එය නිදහස් දිනය වශයෙන් නම් කිරිමට වියතුන් අසතුටුනම් ජනරජ දිනය වශයෙන් එය නම් කල හැක.
1972 ජනරජයේ උදාව නිමිත්තෙන් රාජ්‍ය උත්සවය 1815 සින්හලේ ජාතියේ නිදහස අහිමිවු කන්ද උඩරට සෙන්කඩගල නුවර ශ්‍රී දළදා මන්දිරය අභියස මහමලුවේ දීම මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. එදිනම දිවයිනපුරා නගර ගම්දනව් වලද මෙම ප්‍රීතිය අරභයා නිදහස් උත්සව පවැත්වින ඉන් පසු 1977 දක්වා සෑම වසරකදීම මැයි 22 වන දින ජාතික නිදහස් දිනය වශයෙන් වසරක් පාසා ජනරජ දින උත්සවය දිවයින පුරා පැවැත්වින.එහෙත් ඒ තුලින් දේශානුරාගි ජනබලයක් සහ ජාතික පිබිදීමක් සමාජය තුල ගොඩනැන්වීමට ජන නායකයින් අසමත්විය. එවැනි ජනමතයක් ගොඩ නැගී තිබුණේනම්1977 පැවති මැතිවරණයෙන් බලයට පත්වූ බටහිර හිතවාදි ජේ. ආර්. ගේ රජය 1978 දී මැයි 22 ජනරජ දිනය වෙනුවට යලිත් ආධිරාජ්‍ය බලවේග පෙබ් 4 දිනම පැවැත්විමට තීරණය කළ අවස්ථාවේ ඊට වුරුද්ධව නැගී සිටිනු නොඅනුමානය. ඊනියා උගතුන් සහ බුද්ධිමතුන් කියන අයගෙන් හෝ යටත් පිරිසෙයින් ජාතියේ මුරදේවතාවුන්ගෙන් හෝ එම ජාති ද්‍රෝහි, දේශ ද්‍රෝහී, පුද්ගල ද්‍රෝහී, සහ මැතිනිය කෙරෙහි පැවති වයිරය පදනම්වු එම අසීලාචර තීරණයට කිසිදු විරෝධයක් මතු නොවීය.
එතැන් සිට 1994 එ.ජා.ප. රජය පරාජයවන තුරුම ලන්කා ජනරජය කිසිම දිනක වෙසක් මස වෙසක් පොහොයෙන් සහ වෙසක් සඳින් රට හා ජාතිය ආලෝකමත් වූ වෙසක් මස 22 ඒ උතුම් ජනරජදිනය උත්සවය නොපැවැත්වින. අධිරාජ්‍යවාදී පාලනයෙන් මව්බිමට පූර්ණ නිදහස ලබාදුන් බන්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා වසර 7 කට අහිමිකළ ජෙ.ආර්. මේ අන්දමින් එතුමියගෙන් පළිගැනීමේ චේතනාවෙන් එසේ කිරීම ගැන කිසිවෙක් පුදුම නොවනු ඇත. ඔහුට පසු ජනාධිපති වශයෙන් පත්වූ ප්‍රේමදාස ජනාධිපති වරයාද 1990, 91.92සහ 93 සිදුකළ පරිදිම විජේතුන්ග ජනාධිපති වරයාද1994 වසරේද එ.ජා, ප. ප්‍රතිපත්තිය අනුවම නිදස්දිනය පෙබ 4 දිනම පැවත්විය. ඊටත් වඩා පුදුමය වූයේ විජේතුන්ගගෙන් පසු ජනාධිපතිකමට පත්වූ මැතිනියගේම සහජාත දුවනියක් වූ චන්ද්‍රිකා ජනාධිපති වරියද තම මව විසින්ම ඇතිකල ජනරජ දිනය වෙනස්කොට පෙබ 4 ම නිදහස් දිනය සැමරීය.එසේම ඉන් පසු ජනාධිපතිවූ මහින්ද රාජපක්ෂ, මයිත්‍රීපාල සිරිසේන මෙන්ම ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙකුමවූ ගෝඨාභය රාජපක්ශද පෙබ 4 දිනම නිදහස් උත්සවය පැවැත්විය. රටක් ජාතියක් ගැන කිසිදු අභිමානයක් නැති මෙවැනි නායකයින් ගැන අපි ලජ්ජාවියයුතුය.
ලෝකයේ පළමු කන්තා අගමැතිවරිය වශයෙන් ලෝක වාර්තාවක් තබා 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව ලන්කාවේ තබා ලෝක සිතියමේ අපගේ දිවයිනේ නම බබලවා මේ රටට අසීමිත ජාත්‍යන්තර කීර්තියක් ලබාදුන් එසේම 1948 සිට වසර 24 ක් ගතවනතුරුත් පිරිමි අගමැතිවරුන් 6 දෙනෙකුටත් ලබාගැනීමට නොහැකිවූ පූර්ණ නිදහස 1972 දි මේ රටට ලබාදී රටට,දැයට හා සමයට අසම සම සේවාවක් සිදුකොට වාර්තා පිට වාර්තා තැබූ ජාතියේ මාතාවට කෙරෙන ගවුරවයක් වශයෙන් හෝ මැයි 22 ජනරජ දිනය ජාතියේ නිදහස් දිනය වෂයෙන් ප්‍රකාශකොට වසරක් පාසා එය අනුස්මරණය නොකෙරීම කෘතවේදි ලාන්කික ජනතාවටම කරණ මහත් නින්දාවකි.
1972 මැයි මස 22 ජනරජ දිනටයට වඩා පෙබ 4 වන දින නිදහස් දිනය වශයෙන් සැලකිය යුතුයි කියන එසේම පෙබ 4 ජාතියේ නිදහස් දිනය වෂයෙන් සිහිකරන සියලුම කුහක දේශපාලකයින්ගෙන් ප්‍රථමයෙන්ම මම පහත සඳහන් ප්‍රස්න 10 අසමි.
1.1815 දී ඉන්ග්‍රීසින් විසින් උඩරට ගිවිසුමෙන් භාරගත් මාලදිවදියින අතුලු සියලුම දූපත් 1948 දී ආපසු ලැබුනාද?
2. 1815 මාර් 2 උඩරට ගිවිසුමෙන් භාරදුන් රටේ නම වූ සින්හලේ කියන මේ රටේ නමවත් 1948 දී ලබාගත්තාද?
3.මේ රටේ හා ජාතියේ හදවත වූ කන්ද උඩරටින්, සුද්දන් විසින් තේ වගාව සඳහා බලහත්කාරයෙන් අල්ලාගත් ලක්ෂ 6 ක් පමණවූ මහපොලවේ නිරවුල් අයිතිය සහ භුක්තිය අපට ආපසු ලැබුනාද?
4.වසර 2500 ක් පුරා සින්හලයින් සතුව තිබුණු එම ඉඩම්වල සුද්දන්ගේ තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් පදින්ච්කළ ලක්ශ දොලහක් පමණවූ දෙමළ කම්කරු හමුදාව ආපසු ඉන්දියාවට හෝ එන්ගලන්තට රැගෙනගොස් සින්හල අපගේ ඒ මව්බිමේ නිරවුල් භුක්තිය අපට ආපසු දුන්නාද
5. වසර 2500 ක් පුරා පැවති එසේම 1815 දී ද පැවැති මේ රටේ රාජ්‍ය භාෂාව වූ සින්හල භෂාව සහ රාජ්‍ය ආගම වූ බුද්දාගම්, රාජ්‍ය භාෂාව සහ රාජ්‍ය ආගම වෂයෙන් ප්‍රකාෂ කලාද
6 වසර 2500 ක් පුරාර මේ රටේ පැවති සින්හල නීතියෙන් රට පාලනය කිරීමේ පරම අයිතිය ලබාගත්තාද? යටත් පිරිසෙයින් මේ රට තුලදීම අවසාන අභියාචන බලයක් හෝ ඇති අධිකරණ ක්‍රමයක් අපට ලැබුනාද
7. 1815 සිට ඔවුන් පාලනය කළ අපගේ මව්බිම නිදහස් නිවහල් ස්වාධීන රටක් වශයෙන් අපට අවශ්‍ය අන්දමට පාලනය කරගැනීමේ පූර්ණ අයිතිය අපට දුන්නාද?
8 එන්ගලන්තේ නීතිඥ්යෙක් විසින් ඒ රටේ සන්ස්කෘතියට අනුව නිර්මාණය කරනලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට අපගේම රාෂ්ට්‍ර පාලන හා සන්ස්කෘතික පදනම අනුව සකස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්තාවක් නිර්මාණය කරගැනිමේ අයිතිය හා නිදහසින් පසු මේ රට පාලනය කලයුතු ක්‍රමය අතුලු සියලු කරුනු ඇතුලත් අපේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කරගැනීමේ අයිතිය ලබාගත්තාද
සිහිමොලේ ඇති ඕනෑම පුරවැසියෙකුට මෙයට දිය හැකි එකම පිලිතුර නම් කිසිසේත්ම නැත යන්නය.
පූර්ණ නිදහස් රාජ්‍යක් වශයෙන් ලබාගතයුතු කිසිම අයිතියක් එදා නොලැබුණේනම් ඇත්තවශයෙන්ම පෙබ 4 නිදහස් දිනය වශයෙන් සලකන ඔබලාට ලැබුණේ මොනවාද?
1815 දී අප ජාතියට අහිමිවූ මේ කිසිවක් 1948 පෙබ 4 වනදා නොලැබුණේනම් මේ රටට නිදහස ලැබුණු දිනය වශයෙන් ඔබ තවමත් එදින සමරන්නේ කුමන පදනමක් මතද එසේ නැතිනම් මොලේ ආරුවකින්දයි මම ඔබගෙන් අසමි.
1948 ලැබුණායයි කියන නිදහසේ හැටි මෙන්න.
1948 අපට ලැබුණේ අධිරාජ්‍යවාදි යදම්වළින් බැඳි තවමත් බ්‍රිතාන්‍ය මහරජ අපගේද මහරජ වශයෙන් පිළිගන්නා ඔවුන් විසින්ම සකස්කරණලද ආණ්ඩු ක්‍රමව්‍යවස්තාවක් යටතේ පාලනයවන බ්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුල ඩොමිනියන් තත්වයක් හා මේ රටේ මිනිසුන්ගේ චන්දයෙන් පත්කරගත් කලුසුද්දන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්ත්ව සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් සහිත සීමිත නිදහසක් පමණි. ඒ බව 1948 පෙබරවාරි 10 වනදා පැවති පළමු නිදහසේ නිළ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ ග්ලොසෙටර්හි ආදිපාදවරයා විසින්ම එදින ඔහුගේ කතාව ‘ message From His Majesties king of Ceylon” යනුවෙන් ප්‍රකාශකිරීමෙන්ම තවදුරටත් සනාත වෙයි.
එසේම සෝල්බරී ව්‍යවස්ථාවේ 45 වන වගන්තිය අනුව1948න් පසුවද මේ රටේ විධායක බලය රැඳී තිබුණේ බ්‍රතාන්න්‍ය මහරජ අතය. ඔහු වෙනුවට එම බලය මෙහි ක්‍රියාත්මක කළේ ඔහු විසින්ම පත්කරණු ලැබූ අග්‍රආණ්ඩුකාරයෙකු විසිනි.
1948 ඉන්ග්‍රීසීන් විසින් ලන්කාවට ඊනියා නිදහස දීමේ පසු බිම
1948 පෙබරවාරි 4දාසිදුවුයේ1947දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීය ආරක්ෂාකර ගැනීමට ලන්කාව හෝ හොඳින් තබාගැනීම වාසිදායක බව සිතු බැවින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකර ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන් ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවිනි. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්‍යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලන්කාව උපාය මාර්ගික වශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කළ බැවිනි.
ගෝලීය පිහිටීම අනුව වානිජමය සහ යුධමය වශයෙන් ඉන්දීය සාගරයේ හරි මැද පිහිටීම, මානසික වශයෙන් බුද්ධිශෝධනය කළ තමන්ට අවනත පාලක පැලැන්තියක් එහි සිටිම, ඔවුන් රටින් පිටවී ගියද ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබීම නිසා. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් තමන්ගේ කටයුතු ඔවුන් සිදු කරන බව දිවැසින් මෙන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවෙන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ.
සෝල්බරී ව්‍යවස්ථාව ජෙනින්ග්ස් සකස්කළේ ඊනියා නිදහසින් පසුව වුවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු ඉටුකර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙනි.ඒ බව මෙම ව්‍යවස්ථාවේ එක් එක් වගන්තියක් පාසා ගැබ්ව ඇත.
සෝල්බරී ව්‍යවස්ථාව ජෙනින්ස් විසින් නිර්මාණය කළේ ඉහත සඳහන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වශයෙන් මිස අපගේ රට දියුණු කිර්‍රිමට සකස්කළ නිති ලේඛ්යණක් වශයෙන් නොවේ. අපේ මෝඩ දේශපාලකයින් සෝල්බරි විවස්ථාව ධාතු කරඬුවක් මෙන් පිළි ගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම කෙනෙකුට, කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ (සාමිමණ්ඩලයේ) තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, භාෂාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, නීති අණපනත් සම්මත කිරීමේ විධි විධාන, අපගේ ආරක්ෂාවට වඩා අදිරාජ්‍යයේ අරක්ෂාව රැකෙන ක්‍රම සහ විධිවලින් එය පිරී ඇත.
ඒ අතරම ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ උපායක් වශයෙන් 1948 වන විට මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම ජාතියක් ඇතිකොට ඇත. ඒ අනුව 1832 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වශයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට තමන් විසින්ම වසර 133 ක් තිස්සේ හදා වඩා මනස් ශෝධනය කල කලුසුද්දන් පිරිසක් ලවා දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් ගියේ.
මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් මෙහි ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්‍යය පුරවැසියන් ද මෙහි අතරමන්කොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්ථික, සාමාජික හා සන්ස්කෘතික වශයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කළේ නැත. 1948 පසුවී 75 වසරක් ගතව ඇතත් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අධිරා ජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.
එපමණක් නොව 1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් ජාත්‍යන්තර මට්ටමින් රිජුව කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්‍යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක්ය යන මානසිකත්වයෙන් ඔවුන් කටයුතු කරන බව ඉතා පහැදිලිය. මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 දින 1948 ව්‍යවස්ථාව ලියූ ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය යයිද කියවේ.
මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ නිසාය.මෙසේ පිට රැටියෙකුගේ බිරිඳකගේ උපන්දින සැමරීමට වසර 2500 කටත් වැඩි අභිමානවත් ඉතිහාශයක් ඇති කිතුවසින් පෙර 543 සිට රජුන් රැජිනියන් 193 දෙනෙකු විසින් පාලනය කරනලද ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා සම්ප්‍රදායක් ඇති මෙ රටේ ලෝකයේමකයේම ප්‍රථම කාන්තා අගමැතිවරීය වෂයෙන් නිදහසින් වසර 24කට පසු අගමැතිවරු 6 දෙනෙකුටබැරිවූ නිදහස් ජනරජය බවට ප්‍රකාශකල 1972 මැයි 22 නිදහස් දිනය වෂයෙන් මේ රටේ කුහක දේශපාලක්යින් නොසලකන්නේ ඇයි?
අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝටිගනනින් මෙන්ම රටේ සන්වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පත් ද නාස්ති කරමින් 75 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්ට කඩි මුඩියේ සූදානම් වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.
මගේ අදහසේ හැටිය 48 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගයයි.
1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 1948 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වශයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් අපබ්බ්‍රන්ශ නිර්මාණයකි. මේ අතර යාන්තමින් වසර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්‍ය ප්‍රිවිකවුසලයේ අභියාචනා ග්‍රහණයෙන් අධිකරණයද නිදහස්කොට එක්තරා අන්දමක ස්වාධීන බවක් ඇතිකලාය. එතුමිය එදා එසේ නොකළානම් අදටත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා සියල්ල පසිඳලණු ලබන්නේ එන්ගලන්තයේ ප්‍රිවි කවුන්සලයේමය.
ඊනියා නිදහස ලබුණායයි කියන 1948 න් පසු
පළමු වරට1972 මැයි මස 22 දා පහත සඳහන් දෑ සිදුවිය,
1ශ්‍රි ලන්කාව ස්වාධීන ජනරජයක් වශයෙන් ප්‍රකාශ කිරීම
2ethek විධායකයේ ප්‍රධානියා වූ brithaanYa raja/rAjina wenuwata apeima අග්‍රාණ්ඩුකාරයා මේ රටෙ මහජන චන්දයෙන් පත්වූ රජයේ අගමැතිවරයා විසින් පත් කිරීම
3 ශ්‍රී ලන්කාපාර්ලිමේන්තුවේ සම්මත වන අනපනත් බ්‍රිතාන්‍ය රැජිනගේ නමින් සම්මත කිරීම අහෝසිකොට ශ්‍රී ලන්කා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම
4 රජයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා මේ රටේ අග්‍රා ණ්ඩුකාරයා විසින් පත්රණු ලැබීම
5 1948 සිට බ්‍රිතාන්‍ය රජයට තිබුණු ආරක්ෂක බැඳීම් අහෝකිරීම.
6 1948 න් පසු පළමු වරට මේ රටේ වසර 2500 ක් පුරා පැවති සම්ප්‍රදාය අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ බුද්ධ සාශසනය සුරක්ෂිත කිරීම සහ පෝෂනය කිරීම රජයේ වගකීම වශයෙන්ම ව්‍යවස්ථාගතකොට නීතිගත කිරීම
7 ජනතාව විසින් පත්කොට ගත් නියෝජිතයින් විසින් විෂේශ ව්‍යවස්ථා ශභාවකින් නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මතකොට ගැනීම.
ඒ අනුව ඇත්තවසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේත් පූර්ණ නිදහස ළැබුණේත් 1948 පෙබ් 4 නොව, 1972 මැයි මස 22 දායයි මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.
එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කළයුත්තේ බන්ඩාරනායක මැතිනියටයයි යයි මම සිතමි.
එහෙත් තවමත් බටහිර ගැති අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමණදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය දැන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වශයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්ශ්‍රය ජනරජ චතුරස්ශ්‍රය වශයෙන් නම්කල යුතුයයිද මම යෝජනා කරමි. මේ රටේ නියම නිදහසේ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය. ඊට අමතරව කටුනායක බන්ඩාරනයක ගුවන් තොටුපලේ ප්‍රධාන ඇතුල්වීම අබියසද මහනුවර නගරයේ මහමලුව වැනි ප්‍රසිද්ධ තැනකද රත්නපුර බලන්ගොඩ නගරයේ හෝ බලන්ගොඩ වලව්වට අතුල්වන තැන හෝ පිහිටුවිය යුතුයයිද මම යෝජනා කරමි. ඒ ශ්‍රේෂ්ඨ නායිකාව අප අතහරින් නික්මගොස් දැනට වසර 23කටම ආසන්නය.මේ රට කොල්ලක්කාපු එසේම දසදහස් ගණනින් මිනිසුන් මරාදාපු අධිරාජ්‍යවාදී සොල්දාදුවන්හ්ගේ මෙන්ම තුට්ටුදෙකේ දේශපාලඥ්යින්ගේද පිලිරූවලින් අඩුවක් නැති මේ රටේ මෙවැනි ශ්‍රේෂ්ඨ නායිකාවගේ පිළිරුවක් හෝ ඉදිකිරිමට අපොහොසත් වූ ශ්‍රී. ලන්කාකාරයින්ට දෑස් ඇරීම සඳහා හෝ ඇය වෙනුවෙන් ඊලඟ ජනරජ දිනයට් හෝ සුදුසු තැනක එක පිළිරුවක් හෝ ඉදිකර ඇයට ගරුකලයුතුයයි මම සිතමි.
නිදහසට පසුවදනක්
පුන්චි කාලයේ අපට කියා දී තිබුණේ ලන්කාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබෑ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්ණුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුණේත් එහෙමයි. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගණන් වැයකොට කලින්කළ බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේ ල වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මේ නාඩගම ජාතික ධන විනාශයක් මෙන්ම හුදු සේතාම්බර පඨසලු සන්දර්ශනයක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පස්සෙ.
මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්
එවකට දිවයින පුවත් පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමුකරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව.
මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි. එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පනිවිඩය තේරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය හඳුනන, ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේශපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියාවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුනුම ආර්ථිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.
මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී ලබන වසරේත් 75 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්ධර්ශනය පැවැත්වීමට යලිත් සුදානම් වීමෙන්ම දසක දෙකකුත් වසර තුනක්ම තිස්සේ මා කියන, ලියන මේ කථාව නායක දේශපාලන බීරි අලින්ගේ කන්වලට ඇසුණු බවක් නම් මට නොපෙනේ.
ලබන වසරේත් ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම්මට දැන් ලහි ලහියේ රජය කටයුතුකරන බව ඇසේ. මේ ලිපිය පලවන විට සමහරවිටත් ඒ සේතාම්බර පටසලු සන්ධර්ශනයට විශාල මුදලක් වැයකොට තිබිය හැක. එහෙත් මාගේ මේ තනි සටන කවදාහෝ දිනන බව මට ඉස්තිර වශයෙන්ම විස්වාශය. මන්ද මේ රට නිදහස් ජනරජයක් වූයේ 1972 මැයි මස 22 දා යන සත්‍ය කිසිවෙකුට කිසිදිනක ඉතිහාසයෙන් මැකිය නොහැකි බැවිනි.එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම මගේ මේ සටන දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්කයකු මෙන් ගෙනයමි
මෙම ලිපිය අවසන් කිරීම සන්දහා අවසාන වශයෙන් මේ ඇස්නැති, කන් නැති, මොලයක් නැති එසේම රටට හා ජාතියට අබමල් රේණුවක ආදරයක් නැති දේශපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.
1.විදේශ ආධිපත්‍යකින් කිසියම් රටකට නිදහස ලැබෙනවා කියන්නේ මොකක්ද.
1948 දී ලන්කාවට දුන්නායයි කියන කථාවෙන් පමණක් නිදහස්, නිවහල් නමුත් ක්‍රියාවෙන් අධිරාජ්‍ය වාදයේ යදම්වලින් දස අතට විළන්ගු දැමූ සෝල්බරී ව්‍යවස්ථාවෙන් අපට ලබා දුන්නායයි කියන නිදහස කුමක් ද?
2.1948 දී ලැබුණායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්දයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නෙ කොහෙද, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමණක් නොවේද
3.වසර 2500 කට වැඩි කාලයක් අපට උරුමව තිබී 1815 දී අපට අහිමිවූ 1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය සතුව තිබුණු, මාර්තු 2 උඩරට ගිවිසුමෙන් සුද්දාට භාර දුන් මාලදිවයින් ඇතුලු සිහලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුණාද.
4.1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද.
5.1815 මේ රටේ රාජ්‍ය භාෂාව වූ සින්හල භාෂාව අද වනතුරුත් මේ රටේ රාජ්‍ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද.
6.කිතු වසට පෙර 307 සිට මේ රටේ රාජ්‍ය ආගම වූ බුද්ධාගමට නිසිතැන ලබුණාද
7.1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 48 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද
8.1815 වනතුරු රටේ ජාතිය වශයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 1948 දී ලබාගත්තද.
9.ඉතිහාසයේ වරින් වර පැමිණි සහ සුද්දන් ඔවුන්ගේ වතුවල සහ ව්‍යාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තද.
10.සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙම ළ සහ මුසල්මානු සුළුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වයෙන් සකස්කල සෝල්බරී ව්‍යවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියෝජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත් මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද.
11 ඒ මරඋගුලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිෂ්ඨාචාරයේ පදනම මත ආණ්ඩුකරම විවස්ථාවක් හදාගත්තද. (ඉන්දියව තම විවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. ඒක භාර කලේ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා දන්නවාද)
12.අපගේ දේශයට හා සන්ස්කෘතියට ආවේනික වු ශිෂ්ඨාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවශ්‍යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද
13.1948 ඊනියා නිදහස ලැබී වසර 75 ක් ගතවීත් 2500 පුරා මේ රටේ සිෂ්ඨාචාරය ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් උඩරට සින්හල භූමිපුත්‍රයින්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා දුන්නාද.
14.ඊනියා නිදහසින් පසු 75 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වයිරී හා සැබෑ නිදහස් හා ආර්ථික වශයෙන් සමුර්ධිත රටක් ඔබලා මේ පොලව මත ස්ථාපිත කලාද
15.1948 දී නිදහසක් ලැබුනානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ ඇතුලු කණ්ඩායම කළ කුමන්තරණය සහ 1971 දී J.වි. පී කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වසයෙන් හැදින්වුයේ ඇයි?
16.1948 දී නිදහස ලබා තිබුනානම් 62 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලයට අභියායාචනයක් කලේ ඇයි
17.1947 දී ඉන්ග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වසයෙන් ප්‍රකාශ කලානම් 1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු වසර 24 ක් තිස්සේ කිසිවෙකු එය නොකලේ ඇයි?.
තවද,
අදටත් අපි කිසිදිනක නොලැබුණ නිදහසක් සැමරීමට මන්දිරයක් සහ චතුරස්‍රයක් අපි නම්කොට ඇත. එහි පළමු නම වූයේ 1848 මාතලේ නිදහස් සටනේදී වීර සින්හලයින් දහස් ගණනින් මරාදමා ඇතැම් අවස්ථා වලදි මළමිනී දින ගනන් මිනිසුන් භය ගැන්වීම සඳහා මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා තැබූ මිනිමරුවකුවූ ටොරින්ග්ටන් ආණ්ඩුකාරයාගේ නමය.1948න් පසු එය අද වනතුරුම කිසිදාක නොලැබූ නිදහසක් නමින් නිදහස් චතුරස්‍රය විය. එමනිසා දැන්වත් එය මේ රට පුර්ණ නිදහස් ජනරයක් බවට පත්වූ 1972 මැයි මස 22 දින ඒ අයිතිහාසික සිද්ධිය අනුස්මරණය කිරීම සඳහා වහාම එය ජනරජ චතුරශ්‍රසය වශයෙන් නම්කොට එහි ප්‍රමුඛ තැනෙක රට ජනරජයක් බවට පත්කළ ඒ වීර මාතාවගේ පිලිරුවක් නොපමාව ස්ථාපිත කිරීමට රජය පියවර ගතයුතුයයි මම යෝජනා කරමි