අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය වූ සුභ පැතුම් පත් කෝටි ගණනින් අලෙවි වෙනවා. රට තුළ මෙන්ම ලොව පුරා මත් මෙම සුබපැතුම් පත් මුද්දර ගැසූ තැපැල්පතක බහා බෙදා හරිනු ලබනවා.
නත්තල් දිනයත් අවුරුද්දේ පළමුවන දිනයත් අතර පරතරය දින හයක් වන නිසා මේ උත්සව දෙකම අළලා එක කාඩ්පතකින් සුභ පැතුම් යවන්න ලෝකයම පුරුදු වී සිටිනවා.
මෙම උත්සව දෙකේදීම ලෝක ප්‍රජාව විසින් හුවමාරු කරගන්නා සුභ පැතුම් වල අඩංගු වන වචනවලින් කියැවෙන්නේ ජේසුතුමන් ලොවට බිහිවීම පිළිබඳ සතුට හා ආවර්ජනය කිරීමත්, ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා යන අදහස රැගත් සුභ ප්‍රාර්ථනාවන්ය.
ප්‍රාර්ථනාවන් ඉටු වීම කෙසේ වෙතත් සුබපැතුම්පත් මුද්‍රණාය කරන මුද්‍රණාල වලටත්, ඒවා විකුණන වෙළෙන්දන් ටත් ඒ මුදල්වලින් අවශ්‍ය නම් හැමදාමත් නත්තල් කෑ හැකිය. කාඩ් යවනවා තියා ආශාවට කේක් කෑල්ලක් රස විදීමට නොහැකි මිනිසුන් තව තවත් දරිද්‍රතාවය තුළ කිඳා බසිද්දී පෑළදිගින් ජනවාරි පළමුවෙනිදා හිරු උදා වන්නේ කිසිම වෙනසක් නැතුව වෙනදා මෙන්මය.
ඉහත කිව් සුභ පැතුම් වල තිබුණු වචන පළමු වන සතියේම දිය වී ගිය බවක් හඟවමින් සත සහස් සංඛ්‍යාත දිළිඳුන්ගේ කඳුළු වසරේ දින 365 දීම ගලා යෑම ගැන සිතන්න කාටවත් කාලයක් නැත.
1582 ඔක්තෝබර් මාසයේ 5 වෙනි දින XIll Gregor පාප් වහන්සේ කලින් පැවති ජූලියානු කැලැන්ඩරය ඉවතදා රෝමයට අලූත් කැලැන්ඩරයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ නමින් ග්‍රෙගෝරියානු කැලැන්ඩරය වේ.
කතෝලික ආගම මුල්කරගෙන රෝම අධිරාජ්‍යය යුරෝපා කරේ පැතිරීමත් සමග යටත්විජිතකරනයේ ඓතිහාසික කඩයිම් ලකුණු කිරීමත් මේනයින් ම සිදුවිය.
කැලැන්ඩරයේ ආරම්භක දිනය ලෙස ජේසුස් වහන්සේගේ උපත සිදු වූ දිනය එනම් වසර 2000 කට ඉහත දී වසර 0 වශයෙන් සළකා ලෝකයට නව පිටුවක් හඳුන්වා දෙනු ලැබීය.
ඒත් ලෝකය පුරා විවිධ කලාප වල් වල විවිධ රටවල් වල තම තමන්ගේ සංස්කෘතීන්ට ගැලපෙන අන්දමින් දින දර්ශක තනා ගත්හ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගණන් ගනු ලැබුවේ බුද්ධ වර්ෂ නමින්. නමුත් යටත් විජිත කරණයත් සමග පැරණි සංස්කෘතිය දියවීමට පටන් ගැනුණි.
ලෝක ඉතිහාසයත් ආගම්වල ඉතිහාසයත් එකක් නොවූවද, ආගම් වල පැවැත්ම සඳහා කැලැන්ඩර නිර්මාණය වී ඇති බව පැහැදිලියි.
වෙනත් සංස්කෘතීන් වල බලපෑම තුළින් රටක ප්‍රධාන සංස්කෘතිය සෝදාපාළුවට ලක් වූ විට එම රටේ ජනතාවගේ සාරධර්ම ද විනාශ මුඛයට ලංවීම ද නොවැළැක්විය හැකියි.
ගෝලීකරණය තුළින් තනි තනි රටවල් ලබාගත් දෙයට වඩා අහිමි කරගත් දේ වැඩිය. අපේ පැරණි ගැමියන් මෙය හැඳින්වූයේ ” ඉඟුරු දී ගම්බිරිස් ගත්තා වගේ” කියායි.
විවිධත්වය තුල සැඟවුණු අපූරු සෞන්දර්යයක් විඳීමට මිනිසා තුළ ඇත්තේ අපූරු ආශාවක්. සමාජයක් කොටස්වලට හා කැබළි වලට කැඩී නොයා යුතුයි.
දියුණුයි කියන බටහිර රටවල් පවා ප්‍රධාන සංස්කෘතිය මුල්කරගෙන ජාතිකත්වයක් ආරක්ෂා කර ගැනීමට වෙර දරනවා. ආර්ථික න්‍යාය හෝ දේශපාලන පර්යාය කුමක් වුවත් සංස්කෘතික මූලාශ්‍රයන් රැක ගැනීමට සෑම රටක්ම පාහේ උත්සහ කරනවා.
බුදු දහමේද ආභාෂය ඇතිව තමන්ටම ආවේණික වූ ක්‍රමවේදයන් තුළින් පෞරාණික බවද රැකුණු නව සමාජ ක්‍රමයක් බිහිකරලීමට ලංකා මාතාව වෙර දරන්නේ බොහෝ කාලයක සිටයි.
වෙඩි හා රබන් ගසා රතිඤ්ඤා පත්තුකර කිරිබත් කා ජනවාරි පළමුවෙනිදා වැඩ පටන් ගත්තද අපි තවමත් එතැනමය.
අපේ අවුරුද්ද ජනවාරි පළමුවෙනිදා නොව නක්ෂත්‍රානුකූලව අප්‍රේල් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම චාරිත්‍රානුකූලව හදවතට සමීප නව වසර බව සිංහල බෞද්ධයින් සහ දෙමළ හින්දු වාර්ගිකයින් දැන සිටියත් එය සංස්කෘතික උළෙලකට පමණක් සීමාකොට වසරේ ඉදිරි මාස සති දින හා පමණක් නොව විනාඩි හා තත්පරද ග්‍රෙගරියානු කැලැන්ඩරයට අනුව ගෙවා දැමීමට අප පුරුදු පුහුණු වී සිටිමු.
සෑම නිවසකම කැලැන්ඩරයක් හා ඔරලෝසුවක් බිත්තියේ එල්ලා ඇත. කැලැන්ඩරයේ දින ගෙවී යන්නා සේම ඔරලෝසුවේ කටු ද අපේ ජීවිත අපෙන් උදුරාගෙන දිග ගමනක් යමින් සිටී.
මේ කාලය තුළ අප සැබැවින්ම ජීවත් වුණාද යන්න අපටම ඒත්තු යන අන්දමින් ජීවත් වීමට නිදහස් නිවහල් රටක් බිහි කර ගැනීමට වසරක් ගෙවී වසරක් ලබන මේ මොහොතේ අපි තරයේම අදිටන් කර ගනිමු!
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
31.12.2022