මේ අවස්ථාවේදී වඩා වැදගත් මිනිසුන්ගේ ජීවත්වීමේ මූළික ප්‍රශ්න විසඳීමද එසේත් නැත්නම් මේ රටේ සියවස් 26 ක් පැරණි  ගම්සභා ක්‍රමය විනාශකළ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමද?

Spread the News

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර.

Kings Pandukabaya[377-307 BC .Established an organized system of governance.
Established a post called “Nagara Gutthika” to rule the city and named his uncle Abhaya to the post.
Ordered the demarcation of all the villages in the island in his tenth year of reign. He was the first king to do so.
Constructed 3 tanks, namely Abaya Wewa, Gamini Wewa and Jaya Wewa.

පහත සඳන් හේතූන් නිසා ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේහම නොපැවිත්විය යුතුය.

රාජ්‍ය භාන්ඩාගාරය පතුලටම හිඳී ඇති මෙවැනි අවස්ථාවක ජාතික ධනය රු.කෝටි 1600ක් නාස්තිකොට ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේහම නොපැවිත්විය යුතුය.එය කබලෙනුත් ලිපටම  වැටීක් බඳුය. මේ අපේක්ෂකයින් 8000 සන්දහා තරඟ වදින ලක්ෂයක් පමණ චන්ද අපේක්ෂකයින්ගේ චන්ද ව්‍යාපාරය වැයවන මුදල් සහ  වැඩිදෙනෙක් චන්ද වැඩවල යෙදීමෙන්  රටේ නිෂ්පාදනයට  සිදුවන පාඩුවද එකතුකළවිට ඡන්දය නිසා තවත් කෝටි 7-8 අටදාහක් රටට අහිමිවනු  ඇතැයි උප කල්පනය කළ හැක.

අද රටේ 60 ලක්ශ ගානක් හාමතේය. රෝහල්වල තබා පුද්ගලික ඔසු සැල් වලද ලෙඩට බෙහෙත් නැත.දේශපාලකයින්ට සහ සුපිරි ධනවතුන්ට හැර වේලක් ඇර වේලක් කෑමට පවා  මුදල් නැත. මුදල් තිබුණද බඩු නැත.සෑම භාණ්ඩයකම මිල අහස උසට නැග ඇත.විදුලියද නැත.විදුළි මෝලට ගල් අඟුරු ගෙන්වාගන්නෙත් එදා වේල පිරිමසාගන්නා හැටියටය.අද ගල් අඟුරු නාවොත් හෙට විදුලිය නැත. ජාතියේ ප්‍රධාන ආහාරය වන බත නිපදවෙන රටේ ප්‍රධාන ආහාර භෝගයනවන වී වගාව, ඒ වගේම ප්‍රධාන අපනයන භෝග වන තේ,පොල් සහ රබර් සියල්ල කඩාවැටී ඇත. බීමට පවා ජලයද නැත. මේ සෑම දෙයකම ගාස්තුද දිනපතා ඉහල යයි

කොටින්ම කියනවානම් අද රජයේ සේවක්යින්ට මාසික පඩිය ගෙවා ගැනීමටද රජයට සල්ලි නැත. පෙන්ශන් කාරයාගෙ පෙන්ෂන් එකෙන්ද අදායම් බදු අයකරයි.මේ මාසයේ සිට රජයේ සේවකයින්ට මාසික වැටුප දීමටවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ සල්ලි නැතිළු. ඒ නිසා රජයේ සේවකයින්ට මේ මාසේ පඩියත්  පමාවෙනවාළු. ඔන්න ඔකයි අද රටේ ආර්ථිකයේ තත්වය.

රටේ ආර්ථිකයේ තත්වය එසේ තිබියදී මේ සා විශාල ධනස්ඛන්ධයක් විනාශකර මැතිවරණ පවත්වන්නේ මොන කෙන්ගෙඩියකටද?වඩා වැදගත් ඉහතින් දැක්වු මිනිසුන්ගේ ජීවත්වීමේ මූළික ප්‍රශ්න විසඳීමද එසේත් නැත්නම් ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමද කියාවත් තෙරුම්ගත නොහැකි පාර්ලිමේන්තුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි මටනම් නොතෙරේ.

අනිත් අතින් ඩොලර් බිලියන 60-70ක් ලෝකෙට ණය. කලින් ලබාගත්  නය ගෙවා ගැනීමට නොහැකිව මහපොලව අතුලු රටේ සම්පත් චීනෙට, ඉන්දියාවට විකුනයි. කොයි මොහොතේ චිනෙ හෝ ඉන්දියාව දීපු ණය ආපහු නොදෙන නිසා අපේ රටට එරෙහිව ණඩු දමා ඇස්කීසි ගහයිද කියන්ටත් අමාරුයි. කොටින්ම කියනවානම් ජාතියක් රටක් වෂයෙන් අපි අද එදා වේලවත් කන්ට නැති රටක් බවට පත්ව ඇත.

මෙන්න මෙවැනි තත්වයක රට තිබෙද්දි තමා රුපියල් කෝටි 1600ක්  රාජ්‍යමුදල්  වැයකොට කිසිම කිසි තේරුමක් නැති ප්‍රාදේශී ය සභා චන්දයක් තියන්ට යන්නෙ. මේක රටක් හා ජාතියක් වෂයෙන් කබලෙනුත් ලිපටම වැටීමක් බව රජයට වත් මැතිවරණ කොමිසමටවත්, එකම දේෂපාලන පක්ශයකටවත් නොතේරෙන්නේ ඇයි? මේ කිසිවෙකුට තමන් ගැන මිස රට ගැන හෝ ජාතිය ගැන හෝ මිනිසුන් ගැන හෝ කිසිම හැඟීමක් නැති නිසා නොවේද? 

රාජ්‍ය භාන්ඩාගාරයෙන් පමණක් ජාතික ධනය රු.කෝටි 1600ක්ද(අමාත්‍ය මන්ඩල ප්‍රකාශය පරිදී) ඊට අමතරව පහතින් පෙන්වාදී ඇති පරිදි රිජුව හා වක්‍රව තවත් රු කෝටි හත් අට දාහක් නාස්තිකොට රටට කිසිදු ප්‍රයෝජනයක් නැති රටේ ආර්ථිකය තවත් අඝාධයටම ඇද දමන ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේහම නොපැවිත්විය යුතුය යනු මගේ  අදහසයි.

මන්ද

1.පළමුවම එයින් සිදුවන්නේ සියළුම දේශපාලන පක්ශ එම පක්ශවල අන්ධ අනුගාමිකයින් සියළු දෙනාම ඔවුන්ගේ අනෙක් සියලුම කටයුතු පසෙක දමා මැතිවරණ උණෙන් ඔල්මාදවී පිස්සු කෙලීමට පටන් ගැනීමය.එයින් උපදින ඡන්ද කළකෝලාහල නිසා රටේ ඇතිවන, දේපල හානි සහ මිනීමැරුම් ආදිය වැඩිවී සමාජ අසහනය උග්‍රවීම එහි රිජු ප්‍රතිඵලය වණු ඇත. ඊයේම මිනුවන්ගොඩින් එක් ශ්‍රි.ලන්.ප. පක්ශයේ අපේක්ෂිකාවක් මරා එහි පළමු වෙඩිමුරය පටන්ගෙන ඇත..

2.දෙවණුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් පමණක්  මැතිවරණයට යන වියදම වශයෙන් ගණන් බලා ඇති රුපියල් කෝටි 1600 ට අමතරව අපේක්ෂකයින් 8000 වෙනුවෙන් තරඟවදින අපේක්ෂකයින් ලක්ෂයක් පමණ, පවතින දූෂිත මැතිවරණ ක්‍රම අනුව වියදම් කරණ තවත් කෝටි 1600 කට වැඩි මිස අඩු නොවන මුදල් කන්දරාවක් නාස්තිවීමෙන් රට තව තවත් බන්කොලොත් වීම කිසිවෙකුට වැළක්විය නොහැක.

ඒ සමඟම මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ පෝස්ටර්, රැස්වීම්, ගමන් ගාස්තු,අරක්කු සහ වෙනත් සන්ග්‍රහ ආදියට කරන වියදම්ද අනිවාර්‍යෙන්ම තවත් කෝටි දහස් ගාණක් වණු ඇත. ඒ සමඟම  ඡන්ද සිඟමනේ යන සහ ඡන්ද කටයුතුවල යෙදෙන පුද්ගලයින්   ලක්ෂ ගානක් මාස කීපයක් නිශ්පාදන ක්‍රියාවලියෙන් ඉවත්විම නිසා ජාතික අර්ථිකයට සිදුවන පාඩුවද අති මහත්ය.

3තෙවනුව මැතිවරණ කටයුතු සඳහා සමස්ත රාජ්‍ය සේවයම ඔවුන්ගේ කාලය යොදන නිසා ඒ මාස කීපය තුල රජයේ කාර්‍යාලවලින් සිදුකළයුතූ සියළු සේවාවන්ද ඇණහිටිණු ඇත.

මේ අනුව කිසිම වැදගැම්මකට නැති ඡන්දයක් නිසා රටට අහිමිවන ධනස්ඛන්ධය මෙපමණකැකියිද කිව නොහැක. මේ සියල්ල සිදුවනුයේ මා මුලින්ම සඳහන්කළ අතිෂයින්ම භයානක ආර්ථික පසුබිමක් තුලය.

ඊටත්වඩා මේ මැතිවරණයන් පවත්වන්නේ කි පු 307 සිට මේ රටේ පැවති පෙරදිග ලෝකයේ විශිෂ්ඨතම පාලන ක්‍රමයක් වශයෙන් බ්‍රිතාන්‍ය පාලකයින් පවා පිළිගෙන ඇති මේ රටේ සාම්ප්‍රදායික ගම්සභා ක්‍රමය මරාදැමීම සඳහා 13 වන සන්ශෝධනයෙන් හඳුන්වාදුන් ග්‍රාමීය සහ ප්‍රාදේශීය පාලනය 1987 සිට විනාශකළ ප්‍රාදේශීය මට්ටමේ දුෂිත හා නාස්තිකාරී ආයතන ජාලයක ඡන්දයක් වෙනුවෙන්ය.

මේ ඡන්දයෙන් කුමන පක්ෂයකට හෝ ජයග්‍රහණයක් ලැබෙන්නේද නැත.  වැඩි සභා සන්ක්‍යාවක් ලැබුණද පවතින රජය වෙනස් වන්නේද නැත. කවුරු දිනුවත් පවතින රජයේ කිසිදු වෙනසක්ද ඇති නොවණු ඇත.

ඊළඟ ගැටළුව මැතිවරණයෙන් පසු හොරුන්, තක්කඩින්, මන්කොල්ලකාරයින්,පගාමරුවන් සහ ඉස්ත්‍රී දුෂකයින් වැනි සමාජ විරෝධි ක්‍රියාවල යෙදෙන 8000 ක් වසර 5කට නඩත්තු කිරීම  සඳහාවිශාල බරක් දැරීමට ද  රජයට සිදුවීමය.

ඊටත් වඩා මේ යුද්ධයේ   අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ දරිද්‍ර භාවාය සහ  අපරාධ  වැඩිවි සමාජ අසහනය තවත් තවත් උග්‍ර වීම පම්ණි.

මැතිවරණයෙන් පසු මොවුන් 8000 ප්‍රවාහනයකිරීමට අඩුමගානේ පික් අප් වාහන 8000 ක්වත් අවශ්‍යය. ඒ සන්දහා රියදුරන් 8000ක්ද මොවුන් සියලු දෙනාටම පඩිනඩි කාර්‍යාල පහසුකම් ඒවා නඩත්තුකිරීම සඳහා අමතර මුදල්, කාර්‍යමණ්ඩල සඳහාද මුදල් යනාදියද එකතු වු විට මොන තරම් ධනස්ඛන්ධයක් අපතේ යාවිද? ඒ කුමක් සඳහාද?කාගේ යහපතක් සඳහාද?.

එමනිසා රජය දැන්වත් කළයුතුව ඇත්තේ. ඉන්දියාව 1987 දී බලහත්කාරයෙන් අප හිසමත පැටවු පලාත්සභා මර උගුලෙන් 1987 13 වන ව්‍යවස්ථාවෙන් උපන් තවත් එක් අන්ගවිකළ නාස්තිකාරි පරිපාලන  දරුවෙකු වූ මේ කුණු හරුපය වහාම අහෝසිකොට  ක්‍රි .ඵූ 307 සිට මේ රටටම  ආවෙනික වියදම් හා නාස්තිය අඩු පැරැණි ගම්සභා ක්‍රමය යළි ස්තාපිත කිරිමය.

එසේ වූවිට යලිත් කුඩා ගම්සභා ප්‍රදෙශයක් තුල  ගමන් ගාස්තු නැතිව පයින් නැත්නම් බයිසිකලෙන් යන, මාසික ඉන්ධන ගාස්තු නොඉල්ලන,  පැය 24ම  තම ඡන්ද දායකයින් සමඟ සිටින  විමධ්‍යගතවූ ජනතා හිතවාදී ගම්සභා ක්‍රමයක්  යළිත් මේ රටේ ඇතිවනු ඇත.

එසේ කිරිමෙන් පළමුව දැනට මේ ප්‍රාදේශීය සභා 8000ක් නඩත්තුකිරීමට වැයවන මහා ධනස්ඛන්ධය ඉතිවණු ඇත.ඒ සමඟම පවතින ක්‍රමය යටතේ ඒ ඒ ප්‍රදේශවලින් රජයට ලැබෙන්ට තියෙන කෝටි ප්‍රකෝටි ගණන් අයබදු මධ්‍යම රජයට නැවතත් ලැබී රාජ්‍ය භාණ්ඩාගරයද පිරීයනු ඇත. රටේ සන්වර්ධනයට සහ පොදු යහපතට යෙදිය හැකි එකී ධනස්ඛන්ධය දැනට ගලා යන්නේත් එසේම නාස්ති කෙරන්නේත් මේ ප්‍රාදේශීය සභා යන මර උගුල්ය හරහාමය.

මේ සැබෑ තත්වය කිසිම දේශපාලන පක්ෂයක් නොකියන්නේ ඒ හැමදෙනාගේම ඡන්ද මැසිම වෂයෙන් ක්‍රියා කරන්නේ මේ ප්‍රාදේශිය සභා නිසාය.  මේ සෑමදෙනාම සියළුම ආයතන සමඟ එකතුවි කරන්නේ මේ රට සූරාකා විනාශකිරිමය. මේ එකම ආයතනයක හෝ අද ර ජාතියට ආදරය කරන එක මිනිසෙක් නැත. එසේම රට ජාතියට සේවයක් කරණ කෙනෙක් සොයාගැනීම කළුනික සොයන්නාක් වැනිය. පාර්ලිමේන්තුවේ සිට පහලටම සියළුම දෙනා කරන්නේ තම තමන්ගේ බඩ වඩා ගැනීම සහ මාරුවෙන් මාරුවට ඔවුනොවුන්ගේ පිට කසා ගැනීම මිස රට ජාතිය සන්වර්ධනය කිරිම නොවේ. මේ රටේ දේශපාලකයින් එසේ කලානම් අද මේ රට් මෙවැනි අඝාධයකට නොවැටෙණු ඒකාන්තය.එසේ කරණ, හිතන කෙනෙක් කලාතුරකින් හෝ හිටියද ඒ සියළු දෙනාද මේ දුෂ්ඨ දේශපාලන සුනාමියටම අසුවී කර කියාගත හැකි දෙයක් නැතිව අසරණව මිය යති.

තවත් වැදගත් කාරණයක් නම් මේ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට හෝ කණ්ඩායමකට ප්‍රාදේශීය සභාවක් තනිව පිහිටුවා ගැනීමට නොහැකිවනු ඇත. මන්ද ඒ තරමටම අද දේශපාලන පක්ෂ කැඩී බිඳී සුණු විසුණු වී ගොස්ය.

මවිසින් ඉහතින් දක්වනලද කරුණුගැන හොඳින් හිතා බලා රටට කිසිදු සෙතක් නොලැබෙන ඒ වෙනුවට තව තවත් රට අඝාධයටම ගෙනයන සෑම අතින්ම අර්ථ ශූන්‍ය, මේ මැතිවරණය වහාම නතරකරණ මෙන් සම්ස්ථ ජාතියේම නාමයෙන් වගකිව යුත්තන්ගෙන් මම ඉල්ලමි.

මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ ආර්ථිකයට හා ජනතාවට හා රට සිදුවන මේ මහා විනාශය තේරුම් ගැනීමට නොහැකිව මැතිවරණයක් පැවැත්විය යුතුමයයි කියන, මැතිවරණ පනතම බදාගෙන වළිලන මැතිවරන කොමිසමේ සභාපතිවරයා මෙන්ම මැතිවරණ කොමසාරිස් ඇතුලු මැතිවරණ උනෙන් පෙලෙන එසේම මැතිවරණයක් ඕනෑම කියන සියළු දෙනාම එම මැතිවරණ උන සුවවනතුරු අවශ්‍යනම් අලුතෙන් මැතිවරණ රෝහලක් තනා එහි නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කිරිම වඩා හොඳයයි මම ජනාධිපතිතුමාට යෝජනා කරමි.

More Reference: