Spread the News

ජනතාව පාගාගෙන සිටීමට පාලකයින්ට නැති අයිතිය බලයක් ලෙස අත්පත් කර ගැනීමේ නිදහස අඛණ්ඩව සැමරීමේ සතුට පාලක කණ්ඩායම සමරන්නේ කුසගින්නේ සිටීමට දිළිඳු ජනතාවට ඇති නිදහසද ඉහත කී ඊනියා නිදහසේ ම කොටසක් ලෙස බලහත්කාරයෙන් ජනතාවට ඒත්තු ගන්වමින්ය.

මෙය හුදු සරුව පිත්තල සැරසිලිවලින් අලංකාර කරන ලද මායාකාරී නිදහසකි.

ප්‍රශ්නය:
පාලකයින්ගේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස පිළිගැනීමට ජනතාව තවදුරටත් සූදානම් විය යුතුද?

පිළිතුර:
කිරිවදින ගොයමේ බංඩියට විදින්නට එන ගොයම් මැස්සාට නිදහසේ මැරෙන්න ඉඩ දිය හැකි පොල්තෙල් පහන ලියැද්දේ හතර වටේටම දල්වන්න!

මීට වඩා වෙන විමුක්තියක් ජනතාවට නැත.

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා

(75 වන ඊනියා නිදහස් සැමරුම වෙනුවෙන් තබන ලද අනුවේදනීය සටහනකි)

04.02.2023