Spread the News
Passport issuing counters
Tamil Diaspora
We deserve a better new world! Picture Courtesy by Google


1. ගෘහ සේවය සහ කම්කරු රැකියා සදහා මැදපෙරදිග රටවලට යෑම
2. 1983 දේශපාලන මැර ප්‍රහාර නිසා දෙමළ ජනවර්ගයට බටහිර රටවලට යාමට වීසා ලැබීම.
3. අධ්‍යාපනය සහ වෘත්තීයවේදි රැකියා සදහා නික්මයාම.

මේ කාණ්ඩ තුන සදහා පිටත්ව යන අයගේ අරමුණු එකිනෙකට by වෙනස්ය. ප්‍රතිචාර ද වෙනස්. ආර්ථික මට්ටම් ද වෙනස්. ගොඩ නගා ගන්නා බලය ශක්තීන් ද එකිනෙකට වෙනස් වේ.

මෙතනදි පළමු කාණ්ඩය ප්‍රධාන වශයෙන් සිංහල ජාතිකයින් වන අතර දෙවන කාණ්ඩය දෙමළ ජනවර්ගයට අයත්ය.

තෙවන කාණ්ඩය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජන සං‍යුතියට අයත් ය.

🔸විගමනිකයින්ගේ අරමුණු🔸

🔹පළමු කාණ්ඩයට අයත් සිංහල ජනතාව මැදපෙරදිග වහල් සේවයට යයි. ලැබෙන අඩු වැටුප් නිසා ලබාගත හැකි ජීවිත ජයග්‍රහණයක් නොමැත. නැවත නැවත් රට යාම සහ අඩු වැටුපකට ශ්‍රමය සූරා කෑම සදහා ගොඩනගන ලද විශම චක්‍රයට ඔවූහු නතුවී තිබේ.

රටේ ප්‍රධාන ප්‍රේශණ මෙම කණ්ඩායමෙන් ලැබෙන අතර රටේ මුලු ආර්ථිකයේ බර කර ගසා සිටින්නේද මෙම සිංහල නුපුහුණු සේවා විගමනික ප්‍රජාව වේ.

🔹 දෙවන කාණ්ඩයට අයත් වන දෙමළ පිරිස් බටහිර රටවලට ගමන් කරන අතර ලොව සංවර්ධිත රටවල රැකියා සදහා සමානව ලැබෙන වැටුප් ඔවුන්ටද ලැබේ.

– ඉතා ඉහළ ජීවන ත්ත්වයක් ලගා කරගනී.
බටහිර රටවල පදිංචිය ලබේ.
– ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ප්‍රතිලාභ ඔවූහු භුක්ති විදිති.
– දේශපාලනය කිරීමට අවසර ඇත.
– සංවිධානය වීමට නිදහස ඇත.
– ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍ය ඔවුන්ට බලපායි.
– අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.
– ජාත්‍යන්තරව ජාල ගත වී ඇත.
– දෙමළ නිජබිම ලංකාවේ බිහිකිරීමට කැපවී ඇත.
– දෙමළ බස අත්නොහරියි. තම දරුවන්ටද උගන්වති.
– දෙමළ ජාතික අනන්‍යතාවය අත්නොහරියි.

🔹 තෙවන කාණ්ඩය සර්ව ජාතික සං‍යුතියක් වන අතර ඔවුන් විගමනය වන්නේ යහපත් ද්වියක් ගෙවීම සදහා ආර්ථික ප්‍රථිලාභ ලගා කර ගැනීමටය.

– මෙම කණ්ඩායම පුහුණු රැකියාවල්ල නිරත වේ.
– ස්වාභාවීකරණය වන රටවල පදිංචිය ලබා ගනී.
– ඔවූහු යළි ශ්‍රී ලංකාවට රටට නොපැමිණේ.
– දේශපාලන අරමුණු නැත.
– තමන්ගේ රට ගැන නොසිතයි.
– තම දුවා දරුවන් පවා ශ්‍රී ලංකාවේ පදිංචියට නො එවයි.
– මව්බස අතහරීයි.
– ජාතික අනන්‍යතාව විගමනික රටේ සංස්කෘතිය අනුව සකස් කර ගනී.

📊 ඉහත කණ්ඩායම් තුන ජාතික ආර්තිකයට කරන බලපෑම , දායකත්වය, එකිනෙකට බොහෝ වෙනස් ය. ඔවුන්ගේ අරමුණු සහ අභිලාශයන් එකිනෙකට වෙනස්‍ය. කණ්ඩායම් අතර ආදායම් පරතරද වෙනස් ය.

එබැවින් විගමනිකයන් විදේශගතවන සෑම අවස්ථවක්ම එකහා සමාන නොවේ. රටට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වයද සමාන නොවේ.

නමුත් මේ සෑම විගමනික සිද්ධියක්ම වැදගත් කමක් උසුලයි. එම වැදගත්කම විවිධ ක්ශේත්‍ර ඔස්සේ විශ්ලේශණය කරගැනීම වැදගත් ය.

©️2023

✍️ ඉන්දික සහභණ්ධු