Spread the News
Picture Courtecy Tamilguardian
බෙදුම්වාදය යනු සංස්කෘතික, වාර්ගික, ගෝත්‍රික, ආගමික, වාර්ගික, රාජ්‍ය හෝ ස්ත්‍රී පුරුෂ භාවය විශාල කණ්ඩායමෙන් වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. වෙන්වීමේදී මෙන්, බෙදුම්වාදය සම්ප්‍රදායිකව පූර්ණ දේශපාලන වෙන්වීමක් අදහස් කරයි.
Separatism is the advocacy of cultural, ethnic, tribal, religious, racial, governmental, or gender separation from the larger group. As with secession, separatism conventionally refers to full political separation.
Tamil Separatis

ආරියතිලක
2023.02.15

ලංකා රජයේ තහනම් ත්‍රස්තවාදී, ලැයිස්තුගත , දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩ නැවත ආරම්භ කරන බවටත් උතුරේ මහ ජාතිය වන දෙමළ ජනතාවට 13 වන සංශෝධනයෙන් ඇති වැඩක් නැති බවත් අවශ්‍ය වන්නේ උතුරට වෙනම ආණ්ඩුව බවත් සඳහන් පකාශ නිකුත් කර ඇති, එම්. කේ සිවාජිලිංගම් හිටපු පාලාත් සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ (ශ්‍රී ලංකාවේ දේශපූරණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීම යටතේ) 157අ(1) ව්‍යවස්ථාවෙහි

” ශ්‍රී ලංකාවේ දේශය තුල වෙන ම රජයක් පිහිටු වීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටත දී හෝ ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුද්ල යෙදවීම,ධෛර්යය දීම හෝ දේශනා කිරීම, කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.”

“(2) ශ්‍රී ලංකාවේ දේශය තුල වෙන ම රජයක් පිහිටුවීම,තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස, කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංගමයක් හෝ සංවිධානයක් විසින් නොපිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් ව්‍යවස්ථා කර ඇති බැවින් සහ එකී (3) අනුව්‍ය්වස්ථාවෙහි විධි විධාන ප්‍රකාරව ක්‍රියා කොට සහ

157අ (4) ශ්‍රී ලංකාවේ දේශය තුල වෙන ම රජයක් පිහිටුවීම, යම් දේශපාලන පක්ෂයක හෝ සංගමයක හෝ සංවිධානයක අරමුණුවලින් නැතහොත් පරමාර්ථව්ලින් එකක් වේනම්, ශ්‍රී ලංකාවේ දේශය තුල වෙන ම රජයක් පිහිටුවීම ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක්ව ඇති බවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යම් තැනැත්තෙකු විසින් ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ දේශපාලන් පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ ලේකම්වරයා නැතහොත් වෙනත් නිළධරයා ඒ ඉල්ලීමට වග උත්තර කරුවෙකු කරනු ලැබිය යුතු ය.

තව ද
157අ (5)
(4) වන ඇනුව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරනු ලැබූ ඉල්ලීම ප්‍රකාර, යම් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් සම්බ්න්ධයෙන් එකී අනුව්‍යවස්ථාව යටතේ ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජරනු ලබන අවස්ථාවක-
(අ) (ආ) යන ඡේද ප්‍රකාරව ක්‍රියා කොට වරදකරුවකු කිරීම සහ දඩුවම් වලට යටත් කළ හැකි බැවින් එම්. කේ සිවාජිලිංගම් හිට්පු පලාත් සභා මන්ත්‍රීවරයා පිළිබඳව බලධාරීන් විසින් නීතිය ක්‍රියාවේ යෙදවීමට වහා ක්‍රියා කළයුතු බව අවධාරණය කරමු.

විශේෂයෙන් “අවශ්‍ය වන්නේ උතුරට වෙනම ආණ්ඩුව බවත්” යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ(1), (2) ,(4) අනුව්‍ය්වස්ථාවන්හි සඳහන් “ශ්‍රී ලංකාවේ දේශය තුල වෙන ම රජයක් පිහිටුවීම” යන අරුත ට සමාන බැවින් වගකිව යුතු ආරක්ෂක බලධාරීන් වහා මේ පිළිබඳව නීතිය ක්‍රියා යෙදවීම ඔවුන්ගේ වගකීම බව අවධාරණය කරමු.

——————————————————————————————————————————————-

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය 1983 අගෝස්තු 8 වන දින බලාත්මක කරන ලද අතර ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙනී සිටීම සාපරාධී වරදක් බවට පත් කරන ලදී.එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිල තනතුරු දරන්නන්ට එය අනිවාර්ය දිව්රුම් දීමක්ද කළේය . ශ්‍රී ලංකා දේශසීමා තුළ වෙනම රාජ්‍යයකට සහාය දී ම අපරාධයකි. ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ නැද්ද ?


සිංහලේ දිනපොත මාධ්‍ය කණ්ඩායම විමසිල්ලෙන් සිටි