ලේවැල්ල අරුප්පොල- අයුර්වේධ වෛද්‍ය මධ්‍යස්ථානය සමගම ඇති මාතෘ සායනය වැඩි දියුණු කරගැනීමට

Spread the News


ගරු නාගරික කොමසාරිස් තුමාගේ අවධානය පිණිස
මහනුවර නගර සභාව,
මහනුවර.
2023-01-20
ගරු මහත්මයාණෙනි,
අරමුණ – අයුර්වේධ වෛද්‍ය මධ්‍යස්ථානය සමගම ඇති මාතෘ සායනය වැඩි දියුණු කරගැනීමට.

ලේවැල්ල අරුප්පොල ක්‍රීඩාංගණය මදක් ඔබ්බෙන් ඇති මාතෘ සායනයට ගියහොත් ඕනෑම කෙනෙකුට ක්ෂනයකින් දැනියන කාරණය වනුයේ. මෙම ස්ථානය තවදුරටත් රැක බලාගැනීමට හා වැඩිදියුණු කරගැනීමට මහනුවර මහා නගර සභාවේ අවධානය යොමු කරගත යුතුමැයි යන්නය. ඉතින් ගරු මහත්මයාණෙනි දැනට තිබෙන තත්වය පිලිබඳ ඔබහට පැහැදිලි අරමුණක් ගෙනදීමට මා මේ පහත කරණු සදහන් කර තබමි.

1. වැසි දිනවලදී වහලය දිරාපත්වී ඇති තැන්වලින් වතුර කාන්දු වීම.
2. මාතෘ සායනය පවත්වන දිනවලදී පිටතින් ඇති ”කොරිඩෝවේ ” ඇති පුටු හා බංකු ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හා විශේෂයෙන් පිටත තිබෙන බැංකු සියල්ලේම තීන්ත ආලේප ගැලවී යමින් තිබීම.
3. ආයුර්වේද සායනයට පිරිසිදු කරගැනීමට හා වෙනත් කටයුතු සදහා සහයකයෙකු සිටියත් ”මාතෘ සායනය” එසේ සහයෝගය දැක්වීමට කිසිවෙකු නැති බව වැටහී යාම.
4. මාතෘ සායනය හා අවට බිත්ති වල ඇති තීන්ත දුර් වර්ණ වී තිබීම.
5. සිමෙන්ති පොලව හොඳින් පිරිසිදු කිරීම හා හැකිනම් කිනම් හෝ ”පොලිෂ්” තීන්ත වර්ගයක් ගෑමට නියම කිරීම.
6. මාතෘ සායනයේ ඇති දැන්වීම් පුවරුව අලුතින් සකසා දීම.
7. දරුවන් ගොඩක් බිම පෙරලි පෙරලි සෙල්ලම් කරමින් සිටි අතර හැකිනම් එළිමහන් හෝ ගෘහස්ථ සෙල්ලම් මිදුලක් සකස් කරදීම හා එමගින් මනෝ සමාජීය සංවර්ධණය වැඩි දියුණු කරලීමට දිරි දීම. හැකිනම් පවතින පරිසරයෙන් කොටසක හෝ ඔන්චිල්ල ,සිසෝ, ලිස්සන බෝට්ටු හා සෙල්ලම් බඩු ලබාදීම, සායනය ඇති ස්ථානයේ මිදුලක් නැතිනම් කිනම් හෝ ඉඩක් දරුවන් හට සෙල්ලම් කිරීමට වෙන්කරවා තැබීම හා අඩු වියදමින් සකස් කරගත් සෙල්ලම් බඩු තැබීමට දිරි ගැන්විය හැක, මේ සදහා ප්‍රජාවේ සහාභාගිත්වය වුවද ලබා ගත හැක.
8. සායනය පවත්වා ගැනීමට තවත් නොදත් කාරණා තිබේනම් පවුල් සෞඛ්‍යය නිලධාරී තුමියගෙන් අසා දැන ගැනීම.
9. පවුල් සෞඛ්‍යය නිලධාරීන්ගේ පහසුකම් වැඩි දියුණු කර දීම.

මෙම ස්ථානයෙන් එනම් මාතෘ සායනයේන් ගම් වැසින්හට පහත සදහන් සේවාවන් බොහෝ අඩුපාඩු තිබියදීත් උසස් ලෙස ලබාදෙන බවද දැන ගත්තෙමු.
• මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කිරිමේලා අවශ්‍ය උපදෙස් ලබා දීම
• එන්නත් කිරිම හා ඹෞෂධ ලබා දීම
• ත්‍රී පෝෂ බෙදා දීම
• පවුල් සංවිධාන කටයුතු

ලෝක ගෞරවයට පාත්‍ර වූ නගරයක පිහිටි මහනුවර මහ නගර සභාව මහනගර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපතට පෙර මාතෘ සායන සේවාවේ සිට සියලුම අනිකුත් සේවාවන් අපේ දිවි ගමනට සපයන බව අපි දන්නෙමු.

ඉතින්….

ගරු නාගරික කොමසාරිස් තුමනි ඔබගේ වටිනා කාලයෙන් බිඳක් හෝ වැයකර මෙම ස්ථානය වැඩි දියුණු කර ආරක්ෂා කාරී හා පිරිසිදු සෞඛ්‍ය සේවයක් ලබාදෙන තැනක් බවට පත් කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබතුමා හා නගරාධි පතිතුමා හැර  මේබව තවත් කව්රුන්හට හෝ දැන්වීමට අවශ්‍ය නම් එයද අප මාධ්‍ය කණ්ඩයම වෙත දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලමි.


පාලිත ආරියරත්න

CC: පිටපත්  – නගරාධි පතිතුමා- keseradsenanayakemayorkandy @ gmail.com