විමල් වීරවංශලා තමන්ගේ දේශපාලන ජීවිතය ඇරැඹුවේත් ඇමරිකානු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා කියලා.
ඊටත් කලින් හිටපු මාක්ස්වාදීන් කිව්වෙත් ඒ කතාවම තමයි.
පහු වෙන්න පහු වෙන්න විමල් බෙර වයන්න විතරක් නෙවෙයි එක එකාගේ බෙර පද වලට නටන්නත් පුරුදු වෙලා හිටියා.
ජවිපෙන් කඩාගෙන යන්නේ පක්ෂයෙ රහස් ලිය කිවිලි සොරකම් කරගෙන.
එහෙම කළේ මාක්ස්වාදය එපා වෙලා නෙවෙයි. පක්ෂ නායකත්වය කිසිදාක තමන්ට නොලැබෙන බව දැනුන නිසයි.
රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී රූකඩයක් යයි බැනවදින ගමන්ම හොර පාස්පෝර්ට් හදාගෙන ගුවන්තොටුපලේදී කොටු වූ විට එයින් බේරී නිදහස් වී ගෙදර එන්න රනිල්ගෙන් ම උදව් ඉල්ලපු එක මොන දේශපාලන සදාචාරයට අයිති වෙනවද කියන එක දන්නෙත් විමල් ම තමයි.
යට ඇඳුමත් ගලවා පෙන්වන්න පුළුවන් මිනිහෙකුට කලිසම හෝ කමිසය ගලවන එක කජ්ජක් නොවෙයි.
බැසිල් වැනි පුද්ගලයෙක් විමල්ව ළංකරගෙන සුඛෝපභෝගී ජීවිතයක ඇති රසවත් බව කියා දුන් පසු විමල් දිගින් දිගටම “කඩේ යන” රැකියාවක් කළේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිටයි.
රටේ ජනතාව මොහු ගැන කියන්නේ කට නැත්නම් බල්ලොත් ඇදගෙන ගිහිල්ලා කියලා.
ජීවිත කාලයක්ම දූෂිත දේශපාළුවන්ට වස්ත්‍ර නැතුව කඩේ ගොස් පාලකයින් රටේ ධනය කොල්ලකන්න විට සම්පත් පිට රටවල් වලට විකුණන විට ඒවාට පූර්ණ සහයෝගය දී, දැන් අමුතුම රංගනයක යෙදෙන්න උත්සාහ කරනවා ජනතාවාදී දේශපාලනයක නිරත වෙලා ඉන්න බවක් පෙන්වම්න්.
ඇමරිකානු කුමන්ත්‍රණ ගැන අප කතා කරන්නේ විමල් විරවංස උපදින්නත් කලින් සිට.
නමුත් ඒ හඬට කන් දෙන්න එදාත් මිනිසුන් සිටියෙ නෑ අදත් නැහැ.
නමුත් දෙකයි පනහේ උපක්‍රම වලින්, බලයේ ඉන්න අයට කත් ඇදීමෙන්, මුසාවාද ඇදබාමින් ඔහු දේශපාලනයේ සෑහෙන්න ඉහළට පා තැබුවා.
වැරදි දේශපාලන ගමනක් ගොස් හොම්බ බිම ඇනගෙන ගිලිහී ගිය දේශපාලන බලය නැවත අල්ලා ගැනීම සඳහා විමල් දුබල වෑයමක යෙදී සිටිනවා.
අපට ඔහුට කීමට ඇත්තේ ඇමරිකානු විරෝධී මානසිකත්වය අද දවසේ පිළුණු කෑමක් පමණක් බවයි.
-එඩ්වර්ඩ්-
01.05.2023