හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය යුක්ති සහගත ද?
ආරියතිලක
2026.06.10
“උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්වලට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.”
ඉහතින් ඇත්තේ lanka c news වෙබ් පිටුවෙහි පළ වූ පුවතින් උපුටා ගත්තකි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය අතිශයින් නින්දිත ය. යුද්ධයකදී අඩු වැඩි වශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් කළ සේවය අවතක්සේරු කිරීමක්; එපමණක් නොවෙයි මෙම ප්‍රකාශයේ තිබෙනවා රාජ්‍ය ආරක්ෂක රහස් එළි කිරීමක්.ල්; ලබා දුන් බුද්ධි තොරතුරු යුද්ධයට කොපමණ දායක වුණාක්ද නැද්ද යන්න එළි කිරීම රාජ්‍යයට කරන බලවත් වැරැද්දක්; දැන් ෆීල්ඩ් මාර්ෂ්ල් සරත් ෆෝන්සේකා මහතා සේවය කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යට ද? නැති නම් කොටිනායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුලු කොටි ඩයස්පෝරාවට ද යන්න ඇත්තටම තෝරා බේරා ගැනීම අසීරු වී ඇත. මෙම ප්‍රකාශ වලින් තම අභිමානවත් හමුදා සේවය හෑල්ලු කර ගැනීම පමණක් නොව, ෆීල්ඩ් මාර්ෂල් ධූරය හිමි සමස්ථ හමුදාවට කරන මහත්ම අවමානයක් බව නො කියාම බැරි ය.
එපමණක් නො වේ. යුද්ධයෙන් පරාජිත කොටි හා කොටි ඩයස්පෝරාව, යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් එයට දායක වූ සියලු දෙනා ම ද යුද බිමේ යුද වැදුණු සියලු ආරක්ෂක හමුදා නිළධාරීන් ඇතුලු සමස්ත හමුදාවම ද අන්තර් ජාතික අපරාධ අධිකරණයේ නඩු පවරා හැකි නම් දඬුකඳේ ගැසීමට බලාපොරුත්තුවෙන් කැස කවති. නීතියෙන් එයට අති බාධක හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසුම මගින් එයට පොටක් පාදා ගැනීමට කොටි බෙදුම්වාදී ඩයස්පෝරාව උත්සාහයකයෙදී සිටිති. දෙමළ බෙදුම්වාදී සැම, ශ්‍රී ලංකා අරක්ෂක හමුදා සලකන්නේ සිංහල හමුදාවක් ලෙස ය. ඒ ඔවුන්ගේ බැදුම්වාදී සැලැස්මේ හැටි ය. කිසිදු ලෙසකින් ඔවුන් බෙදුවාදය මර්දනය කළ මහින්ද රාජපක්ෂ දඩයම් කිරීම අතහරින්නේ නැත. ගෝඨාභය රාජපකෂ ද අත හරින්නේ නැත. ඔහු එවකට ආරක්ෂක ලේකම් බැවිනි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා හිතා සිටිනවා නම්, තමන්ට කොටි ඩයස්පෝරාව සහනදායී ලෙස සලකනවාය කියා බොඳ වූ සිහිනයක් වන්නේ ය. මෙවැනි සුරංඟනා ලෝකයක තනි වීම අතිශයින් ම යුද නායකයෙකුට තරම් නො වේ. රාජපක්ෂවරුන්ගෙන් ස්වකීය ජීවිතයට වූ වරදට ජාතිය හා ස්වකීය හමුදාව ම පාවා දීම අතිශයින් නින්දිත ය. මෙයින් වන්නේ ෆීල්ඩ් මාර්ෂල් යන නිල නාමය ද පිළිකුල් කිරීමට බදුන් වීම නො වැලැක්විය හැකි ය.
වත්මන් ආණ්ඩුවට ද එය එතරම් ප්‍රශ්නයක් නො වේ. ඔවුහු කොමියුනිස්ට්වාදී පක්ෂ නායකත්වය මත පිහිටා ඇත්තේ ය. ඒ හේතුවෙන් කොමියුනිස්ට් පාලනයකින් බිහි නො වන කිසිදු හමුදා තනතුරක් කිසිදු වැදගැම්මක් ඇති තනතුරක් ලෙස නො සලකති. වත්මන් ආණ්ඩුවට කොමියුනිස්ට් පාලනයකය එකඟ නො වන කිසිදු හමුදා හා ආරක්ෂක අංශ ගැන විශ්වාසයක් නො තබනවා මෙන් ම, හමුදා සේවයේ හිටපු, තම පක්ෂයට හිතවාදී නො වන කිසිදු ආරක්ෂක අංශ සමාජිකයන් විශ්වාසය නො තබනවා ඇත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා දිරච්ච වැලක එල්ලී ඇති සැටියකි. දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය හා එයට අනුබද්ධ ඩයස්පෝරාව ද කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ නායකත්වය ඇතුලු දේශපාලන පදනම යන දෙකම රාජ්‍යයට ද්‍රෝහී කම් කරන බැවින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාගේ භූමිකාව මේ දෙක අතර දෝලනය වීම, ජාතිය පාවා දීමක් වනවා මෙන් ම ඔහුගේ පැවැත්මේ අභිමානය ද සුන් කර දමන බව ද ස්ථීර ය.
