රචණ්ඩත්වයට උඩගෙඩි දුන් ෆේස්බුක් කණ්ඩායම්  59 ක් හඳුනා ගැනේ

Spread the News

News Courtesy Divaina – May 12, 2022

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියා කළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් (Group) 59 ක් සහ එහි පරිපාලකවරුන් (Admin) රැසක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවසීය.

ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ මේ වනවිටත් විමර්ශන අරඹා ඇතැයි ද හෙතෙම කීය.

ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා එවැනි පෙළඹවීම් කරන සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ එවැනි තොරතුරු බෙදාහරින ලද පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය 09දා හා ඊට පසුදා (10 දා) ඇති වූ අරගලකාරී තත්ත්වය මත සිදු වූ ජීවිත හානි මෙන්ම නිවාස, වාහන ඇතුළු විවිධ දේපළවලට අලාභහානි සිදු කිරීම සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් භාවිතා කර ප්‍රචණ්ඩකාරී පිරිස් කැඳවා ඇතැයි හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්