Spread the News

ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව මානව හිමිකම්
කමිටුවට පැමිණිලි කරනවා
– ජයලත් ජයවර්ධන


source link:

පියසේන දිසානායක

ආණ්‌ඩුවේ නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව සහ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව ජගත් පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කළ බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (10 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේය. විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (10 දා) දහවල් පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ජගත් පාර්ලිමේන්තු සංගමයේ 124 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා තමා සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ පැනමා නුවර බලා පිටත්ව යන බව අනාවරණය කළේය.

ජගත් පාර්ලිමේන්තු සංගමයේ 124 වැනි සැසිවාරය අප්‍රේල් මස 15 වැනිදා සිට 19 වැනිදා දක්‌වා පැවැත්වෙන බවත් 123 වැනි සැසිවාරයට තමා සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කළ පැමිණිල්ල මෙවර විභාගයට ගැනීමට නියමිත බවත් ජයලත් ජයවර්ධන මහතා පැවැසීය.