Fri. Nov 22nd, 2024
Spread the News

දේශබන්ධු ආචාර්‍ය සුදත් ගුණසේකර

නැවත පලකිරිමකි

2024.3.26.

මේ රට පිළිබඳ සත්‍යයේ ඉතිහාසය.

ප්‍රාග් ඉතිහාශය පසෙක තැබුවද ලොව පුරා ඉතිහාශය හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රවීන පඬිවරුන් විසින් පිළිගත් ඉතිහාශය අනුව මේ රට සහ ජාතිය පිළිබඳ සැබෑ සහ සම්පූර්ණ සත්‍යය මෙසේය.

ප්‍රථමයෙන්ම, ක්‍රි.පූ. 543 සිදුවූ විජයාගමනයෙන් ඇරඹුණු මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගූ මෙම දිවයිනේ මුල් පදිංචිකරුවන් වූයේ සිංහලයන්ය. එතැන්සිට මේ රටේ මානව ශිස්ඨාචාරය ගොඩ නැගුවේද  ක්‍රි.පූ. 307 දී සිදුවූ මහින්දා ගමනයේ සිට සමස්ථ ලෝකයේම අනන්‍යවූ සින්හල බෞද්ධ සිස්ඨාචාරය ගොඩනගා තහවුරු කලෝද සින්හලයෝම වූහ. ක්‍රි.පූ. 543 සිට මේ පින් බිම ඔවුන්ගේ එකම මව්බිම ද විය. අසෝක පුත් මිහිඳු හිමියන් විසින් කි.පු.307 දී මේ රටට හඳුන්වාදුන් බුදු දහමෙන් පෝෂිත ශිස්ඨාචාරය අද්ධ්වීතීය විය. ඒ තුළ ලොවම වශීකළ කෘෂි-වාරි ශිෂ්ඨාචාරයක් සින්හලයින් විසින් මෙහි ගොඩනගනලදී. මේ අතර මේ රටේ සමුර්ධිය ගැන වශී වූ දකුණු ඉන්දීය දෙමළ ජාතිකයන් ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ සිට 18 වතාවක් වරින් වර මේ රට අල්ලාගැනීමට ආක්‍රමණය කර ඇත.1987 රජිව්/ජේ.ආර්. ඉන්දුලන්කාගිවිසුමෙන් ඉන්දියාව සිදුකලේ 18 වන ආක්‍රමණයය. ඊට පෙර ඉතිහාශය පුරා සිදුවූ සියළු ආක්‍රමණ සහමුලින්ම පරාජයකොට මේ රටත්,සින්හල ජාතියත් සම්බුද්ධ සාශනයත්, කි.ව. 1505 පෘතුගීසීන් එනතුරුම සියළුම ඉන්දීය ආක්‍රමණවලින් හෙල විරුවෝ බේරා ගත්හ. 1505 සිට පිළිවෙලින් පෘතුගීසි, ලන්දේශි සහ ඉන්ග්‍රීසින් මේ රට ආක්‍රමණය කලද 1815 වනතුරුම ඔවුන්ට හැකිවූයේ මේ රටේ වෙරළබද පටු තීරුවක් අල්ලාගැනීමට පමණි.1803 දී ඉන්ග්‍රීසීන් එවකට සින්හලේ රාජධානියේ ශේෂයවූ  කන්ද උඩරට ආක්‍රමණය කලද වීරෝදාර සින්හලයින් එවරද ඉන්ග්‍රීසීන් අන්ත පරාජයට පත්කොට පන්නා දැමීමට සමත් වූහ. මේ අනුව 1815 මාර්තු 2 දා ඉන්ග්‍රීසීන් විසින් කුමන්ත්‍රණයෙන් හා කූඨෝපායෙන් උපාය ශීලීව උඩරට ගිවිසුමෙන් මුළු රටම අල්ලා ගනාතුරුම  වසර 2349 පුරා වීරෝදාර සින්හලයෝ සියළු පර සතුරන් පළවා හරිමින්  රටත් ජාතියත් දිවිහිමියෙන් ආරක්ෂාකර ගත්හ. 

සියලුම පැරණි ඉන්දීය ආක්‍රමණ අතරින් 12 වන සියවසේ සිදුවූ කාලිංග මාඝ දරුණුතම හා විනාශකාරීම ආක්‍රමණය විය. ඔහු පොළොන්නරුව ඇතුළු මුළු රජරටම විනාශ කළ අතර දාගැබක් හෝ පන්සලක් හෝ ජලාශයක් ඉතිරි නොකළේය. ඔහු සියලු ගොඩනැගිලි සහ පන්සල් ගිනිබත් කළ අතර දාගැබ් කඩා සියලු වස්තු කොල්ලකෑ අතර වැව් බැම්මක් ඉතිරි නොකළේය. මේ අනුව අපේ රටට හා ජාතියට  විශාලම හානියක් සිදු කළේ ඔහුගේ ආක්‍රමණයන්ය. අවසානයේ රජරට ශිෂ්ටාචාරයේ සම්පූර්ණ විනාශයටත්, එහි නිරිත දෙසට මාරුවීමටත්, ග්‍රීක, රෝම සහ ඊජිප්තු ශිෂ්ටාචාරවලට සමගාමීව පැවති පැරණි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය (ලෝකයේ ශ්‍රේෂ්ඨතම එකක්) සම්පූර්ණයෙන් බිඳ වැටීමටත් ඔහු වගකිව යුතු විය. රජරට ශිෂ්ටාචාරය නිරිත දෙසට මාරු වී රජරට මුළුනනින්ම වනගහනයෙන් වැසී ගියේය. අදටත් පොළොන්නරුවට යන ඕනෑම අයෙකුට මාඝ ගින්නෙන් විනාශකළ මාලිගා සහ වෙහෙර විහාරවල නටඹුන් වලින් ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ උරුමයකට ඔහු කළ මහා විනාශය දැකගත හැකිය.

ඊලඟට 1505 සිට 1815 දක්වා පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය වෂයෙන් ආක්‍රමණ තුනක් සිදුවිය.ඔවුන් ද ස්වදේශික සිංහලයන් අතින් පරාජයට පත් විය. නමුත් අවසාන වශයෙන්, 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම යටතේ සමාන හවුල්කරුවන් ලෙස මේරට බ්‍රිතාන්‍යයට ඈඳාගන්නාළදී. මාර්තු ගිවිසුමෙන් රටේ නීතිය,ආගම සහ සම්ප්‍රදායන්ද  ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය පොරොන්දු විය. ඒ අනුව ඉතිහාසයේ කිසිදාක මේ රට සුද්දන්ට යටත්වීමක් සිදුවී නැත.

එහෙත් 1817 දී ඉංග්‍රීසීන් උඩරට ගිවිසුමේ කොන්දේසි ඒක පාක්ෂිකව උල්ලන්ඝනය කර බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන් රැවටීමට ලක් වූ බවත් දුටු සිංහලයෝ ඉංග්‍රීසින්ට එරෙහිව පළමු කැරල්ල ගැසූහ. (ඌව වෙල්ලස්ස කැරැල්ල) 1818 නොවැම්බර් 21 වැනි දින ආණ්ඩු කාර බ්‍රවුන්රිග් සිය රාජකීය ආඥාවෙන් උඩරට සම්මුතිය ඒකපාර්ශිකව උල්ලංඝණය කරමින් සිංහලයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඉන්දියාවෙන් හමුදා ගෙන්වාගෙන ස්වදේශිකයන් තලාපෙලා,ගෙවල් දොරවල්,වතු පිටි, හරකා බාන සියල්ල ගිනිතබාරුඩු 18 ට වැඩි පීරිමින් සියල්ලම මරා දමා සින්හලේ මර්ධනය කලේය. ඉන්පසුව. 1848 දී බලු බද්දක්ඩ නියම කරමින්පැ නවූ අසාධාරණ බදු න බදු වලට එරෙහිව ස්වදේශිකයන් ඉංග්‍රීසින්ට එරෙහිව නැවතත් කැරලි ගැසූහ (මාතලේ කැරැල්ල) මෙම කැරලි දෙකේදීම ස්වදේශික සිංහලයන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ දෙමළ හමුදා යොදාගණු ලැබීය.මේ කැරළි දෙකීදීම දෙමලුන් මෙන්ම මුස්ලිම් වරුන්ද ගත්තේ සුද්දාගේ පැත්තය.

මෙම සිංහල බෞද්ධ ද්වීපයේ සිංහල ජාතිය සහ බෞද්ධ උරුමය විනාශ කිරීමේ නවතම අදියරේ විනාශය සහ උත්සාහයන් ආරම්භ වූයේ 1505 පෘතුගීසියෙන් ආරම්භ වූ බටහිර යටත් විජිත ආක්‍රමණ සමඟිනි. මෙය ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසින් අනුගමනය කරන ලදී. මේ තුන් වර්ගයෙන්ම ලොකුම විනාශය කළේ බ්‍රිතාන්‍යයන්ය. එසේ කළේ උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධ මුද්‍රාව වෙනස් කිරීමෙනි. මෙය ඔවුන් මුලින්ම කළේ, 1799 ආණ්ඩුකාරවරයාට යවන ලද සුප්‍රසිද්ධ ක්ලෙග්හෝන් වාර්තා වෙන් පටන් ගෙන සිංහල සහ දෙමළ ජනවාර්ගික කණ්ඩායම් දෙකක් ලෙස බෙදීමෙනි. එහිදී ඔහු සිංහල සහ දෙමළ යනු දිවයිනේ ප්‍රදේශ දෙකක සිටින- (උතුරේ  සහ නැගෙනහිර දෙමළ සහ සෙසු ප්‍රදේශවල -සින්හලා) වෂයෙන්- ජනවාර්ගික කණ්ඩායම් දෙකක් ලෙස හඳුනා ගත්තේය. 1818 දී වෙස්ලයින් මෙතෝදිස්ත දූත මණ්ඩලය පැවසුවේ ඔවුන්ගේ

ප්‍රධාන අරමුණ වන්නේ මේ රට දිස්ත්‍රික්ක දෙකකට බෙදා සිංහල හා දෙමළ දිස්ත්‍රික්ක ලෙස නම් කිරීමයි. බි‍්‍රතාන්‍යයන් ඔවුන්ගේ බෙදීමේ සහ පාලනය කිරීමේ ප‍්‍රතිපත්තිය සඳහා මෙම රාමුව යොදා ගනිමින් ස්වදේශික සිංහලයන් සහ සංක්‍රමණික දෙමළ ජනතාව අතර විරසකයක් ඇති කිරීමට උපරිම  ප්‍රයෝජනය ගත්හ. මේ අතර ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් ද දකුණු ඉන්දීය මලබාර් ද්‍රවිඩයන් ඔවුන්ගේ දුම්කොළ වතුවල සහ මාර්ග ගොඩනැගීමේ වැඩ සඳහා ආනයනය කළහ. ඒ සමඟම මෙරට දෙමළ ජනතාව වැඩිකර ජනවිකාස සිතියම වෙනස් කිරීම සඳහා වාරි ව්‍යාපෘති යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල දකුණු ඉන්දීය දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචි කිරීමේ සැලසුමක් ද බ්‍රිතාන්‍යයන්ට තිබිණි. නමුත් මෙම යෝජනා ක්රමය අසාර්ථක විය. ඒ නිසා උතුරේ සහ නැඟෙනහිර දෙමළ වත්මන් පරම්පරාව මේ රටේ පදිංචිව සිටින්නේ වසර 300කට අඩු කාලයකට පමණයි.

ආක්‍රමණිකයන්ගේ වතුවල   වැඩ කිරීම ස්වදේශික සිංහලයන් ප්‍රතික්ෂේප කළ නිසා 1830 ගණන්වල අග භාගයේ කෝපි වගාවන් හඳුන්වාදීමත් සමඟ පළමු ඉන්දීය කණ්ඩායම 1838 දී කෝපි සඳහා කැලෑ එළිපෙහෙළි කිරීමට පැමිණියේය. කෝපි අංගමාරය හේතුවෙන් කෝපි අසාර්ථක වූ විට, 1867 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින්  හඟුරන්කෙත ප්‍රදේශයේ ලූල්කඳුරේ අත්හදා බැලීම ආරම්භ කිරීමෙන් පසුව 1870 ගණන්වල මුල් භාගයේදී මේ රටට තේ හඳුන්වා දෙන ලදී.

එතැන් පටන් කඳුකර ප්‍රදේශය පුරා තේ වතු සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත් විට 1910 වන විට දකුණු ඉන්දීය ශ්‍රම ආගමනය ද මිලියන 1.2 දක්වා වැඩි විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුදල් උපයා ආපසු ගියහ. හැම ඉන්දියානුවෙක්ම වගේ වාර්ෂිකව ආපහු ඉන්දියාවට ගිය තමන් උපයන මුදල් එහි  තැන්පත් කිරීමටය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආපසු පැමිණියේ නැත. නව කම්කරු කණ්ඩායම් ගෙනාවේ තොන්ඩමන්ගේ පිය්යාවූ කරුපය්යා සහ ථොන්ඩමන් වැනි මිනිස් ජාවාරම කාර අතරමැදියන්ය.සුද්දන් මෙන්ම ඔවුන්ද අහින්සක කමකරුවන්ගේ ශ්‍රමයෙන් කෝටිපතියන් වූහ. පසුව තොන්ඩමන් වැනි පුද්ගලයින් ඔවුන්ගේ කරපිටින් දෙශපාලනයට ඇතුල්වීය. මේ අතර සුද්දන් විසින් කිරිපොවා වන්ශවතුන් බවට පත්කරණලද උතුරේ පොන්නම්බලන් අරුනාචලම් 1901 දී මේරටේ මලබා වරුන් ලන්කා දෙමළ වශයෙන් බව්තීස්ම කරණන ලදී.මේ අතර දකුනු ඉන්දියාවෙන් කම්කරුවන් ඒමේ සහ යාමේ ක්‍රියාවලියද 1948 දක්වා පැවතුනි, බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ දකුණු ඉන්දීය ශ්‍රම කල්ලිය ආපසු ඉන්දියාවට යවා සින්හල අපේ ඉඩම්වල නිරවුල් භුක්තිය අපට භාරදිය යුතුව තිබිණ.       නොමැතිනම් ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසියන්ව සිටි නිසා එක්සත් රාජධානියට ගෙන නොගොස් ඔවුන් අප රටට හිසරදයක්කොට රටින් පිටව ගියහ.  එමඟින් රටක් නැති ඉන්දියානුවන් 1.2 කල්ලියක ගැටලුත් අප හිස මතම පැටවින. සම්යමූර්ති තොණ්ඩමන් මහතාද මෙහි පැමිණියේ 1924 දීය . ඒ නිසා එදායින් පසු ලංකාවට පැමිණි වතු දෙමළ ජනතාවගෙන් බහුතරයක් එම ගණයට අයත් යැයි මම සිතමි. 1948 ඉන්දු-පකිස්ථාන ලංකා පුරවැසි පනතට අනුව පුරවැසිභාවය සඳහා සලකා බලනු ලැබුවේ ලංකාවේ වසර දහයක් අඛණ්ඩව වාසය කළ අය පමණි. ඒ අනුව තොන්ඩමන්ද ලන්කා පුරවැසි බව බීමට සුදුසුකම් ලබා නොතිබුණි.මන්ද ඔවුන් සියළු දෙනාම අවුරුදු පතා ඉන්දියාවට ගිය බැවිනි.1921 දී පොන්නම්බලම් අරුනාසලම් ලන්කා ජාතික සන්ගමයෙන් ඉවත්වී ලන්කා දෙමළ සන්ගමය පිහිටුවා ගන්නා ලදී.සුද්දන්ගේද උපදෙස් අනුව එසේ කිරීමෙන් දෙමළ රාජ්‍යක් පිහිටුවීමේ සටන ආරම්භ කරණ ලදී.

1933 දි පොන්නම්බලන් සමස්ථ ජනගහනයෙන් 11% පමණවූ ලන්කා දෙමලුන්ට රටේ භූමිපුත්‍රයින් වන සින්හලයින් හා සමතැන (50×50) ඉල්ලා සටනට බැසීය. 1947 දි මැලේසියාවෙන් මෙහි පැමිණි සැමුවෙල් ජේම්ස් වෙලුප්පිල්ලේ චෙල්වනායගම් ලන්කා දෙමළ රාජ්‍ය පක්ශ” පෙඩරල් නමින් බවු තීක්ශෂම කොට දෙමළුන් මේ රටේ වෙනම ජාතියක් යන සන්කල්පය ආරම්භකරන ලදී.

කි.පූ. 543 සිට දහස්වස් 2 1/2 ක් පමණ කළක් මේ රටේ ශිෂ්ඨාචරය බිහිකලේ සින්හලුන්ය. එය මිහිබට දෙව්ලොවක් බවට පත් කලේද ඔවුන්ගේ මුතුන් මිත්තන්ය. 1815 වන තුරුම මේ රට රැකගත්තේද ඔවුන්මය.1815 දි එන්ගලන්තය හා සම මට්ටමේ ජාතියක් වශයෙන් ගිවිසුමකින් සුද්දන්ට එය භාර දුන්නේ සින්හලේ නම්වු රාජ ධානිය.  මෙම අයිතිහාසික සත්‍යයන් සියල්ල ප්‍රතික්ශේප කොට ඔවුන්ට වෙනම පෙඩරල් රාජ්‍යක් ඉල්ලා සටණ අරඹන ලද්දේ මෙසේය.

 1983 දී ප්‍රභාකරන් නැමති ත්‍රස්තවාදියා සම්ප්‍රදායික දෙමල පක්ෂ අත් හැර කොටි සන්විධානය පිහිටුවා ගණු ලැබීය. ඔහුගේ ඉල්ලිම වුයේ සින්හලුන් සමඟ සහ වාසය බැරි බැවින් උතුරු නැගෙනහිර පලාත් දෙක වෙන්කොට වෙනම ඊලම් රාජ්‍යයක් (සින්හල-දෙමළ රාජ්‍යක්)ලබාගැනීමය.ඒ සඳහා ඔහු එල්.ටි.ටි. නමැති ආයුධ සන්නද්ධ ව්‍යාපාරය ආරම්භකළේය. ‍යාපනයේ නගරාධිපති වරයාගෙන් ආරම්භකොට සියළුම ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ නායාක්යින් ඔහු ඝාතනය කළේය. විරුද්ධවාදීන් සියල්ලද මරා දැම්මේය ළමා සොල්දාදුවන් දහස් ගණනින් බලහත්කාරයෙන් දෙමව්පියන්ගෙන් උදුරාගෙන සයිනඉට් කරල බෙල්ලේ එල්ලා සින්හලයින් සමඟ සටනට පුහුණු කලේය.  අසීමිත මුදල්, ඉන්දියාව පුරා යුධ පුහුණුව, අවි ආයුධ ඉන්දියා රජයේ පූර්ණ සහායද ඇතිව, කොටින්ම කියනවානම් රජිව් ගාන්දිගේ වෙඩිනොවදින කබාය පවා තෑගි වශයෙන් ලබාගෙන වසර 30 ක් තිස්සේ ශ්‍රී දළදා මාලිගාව,ජයශ්‍රී මහා බෝධිය වැනි පූජනීය ස්ථාන සහ රටේ මහබැන්කුව, ගුවන් තොටුපොල ,ගුවන් යානා 10ක් පමණ දුම් රිය, බස් රත ආදිය මෙන්ම දස දහස් ගනනින් අහින්සක මිනිසුන්, බඩ දරු මවුන්, සිල්ගත් උවසු උවැසියන්සහ බෞද්ධ භික්සු භික්ශුනින් සිය ගණනින්ද මහ දවල් වෙඩිතබා,බෝම්බ ගසා ,කපා කොටා  ගිනිතබා මරා දැමුවේ මේ සින්හල රටෙන් භාගයක් පමණ වූ භූමිය, රටේ ජනගහනයෙන්  12 %  ඔවුන්ට ලබා ගැනීම සඳහාය.  

මේ අනුව රටේ මිනිසුන් ලක්ශ ගණනකට මරණය ගෙන දෙමින්, කෝටි, ප්‍රකෝටි ගණනින් විනාශකර, ලෝකයේ අති බිහිසුණුම ත්‍රස්ථවාදි කණ්ඩායම බවට පත් වූ එම ත්‍රස්ත කණ්ඩායම එන්ගලන්තේ සහ ප්‍රන්සයේ විදේශ ලෙකම් වරුන් තකහනියක් මෙහි පමිණ යුද්ධය නතර කරණ මෙන් රජයෙන් ඉල්ලුවද 2009 මැයි මස මහින්ද රාජපක්ෂ රජයෙන් කොටින් පරාජය කරණ ලදී.

අනතුරුව මෙම පරාජය ඉවසිය නොහැකි බටහිර රටවල් මෙන්ම ඉන්දියාවද මැදිහත්වී මේ රට තුළම සිටින බටහිරගැති මානසික වහලුන්ගේද සහාය ඇතිව නැවතත් දේශප්‍රේමි පදනමක් සිටි ශ්‍රී ල.නි.ප. පරාජයකොට යලිත් බටහිර ගැති කලුසුද්දන් පිරිසකට රටේ බලය ලබාදෙන ලදි.

1987 දී රුපියල් 1 ක මුද්දරයක් මත සමාදාන විනිස්චය කාරයකු ඉදිරියේ අතසන් කළායයි කියන දිවුරුම් ප්‍රකාශයකින් ලෝකයේ කිසිම රටක නැති, කිසිවකු නොදුටු සහ නොඇසූ පුරවැසිභාවය ලබා දීමේ නීති විරෝධී ක්‍රමයක් වන ජේ.ආර්/ රජිව් ගිවිසුම යටතේ දිවයිනේ සියලුම ඉන්දියානුවන් මේ රටේ පුරවැසියන් කරන ලදී. මේ ක්‍රමය යටතේ ඕනෑම ඉන්දියානුවෙකුට ඔහු/ඇය වතු කම්කරුවෙක් වුවත්, නීතිවිරෝධී සංක්‍රමණිකයෙක් (කල්ලතෝනි) ජිප්සීස් කෙනෙක් හෝ වෙනත් ඕනෑම අයෙකුට මේ රටේ පුරවැසිභාවය ඉල්ලා සිටිය හැක. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු විසින් ස.වි.කාරයයෙකු  කියන කෙනෙකු ඉදිරියේ අත්සන්කලායයි කී දිවුරුම් ප්‍රකාශයක් පමණි. මම හිතන්නේ නැහැ මෙහෙම පුරවැසිකම ලබාගත හැකි තවත් රටක් ලෝකයේම ඇතිය කියා.

මේ රට සිංහල ජාතියේ දේශයයි. ලාංකීය/සිංහල ජාතිය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ කණ්ඩායම්වලට බෙදුවේ බ්‍රිතාන්‍යයන්ය. මේ රටේ ජාතීන් 2 ක් සිටින බවට මිත්‍යාව ප්‍රථමයෙන්ම ප්‍රකාශකළේ 1799 දි හ්‍යු ක්ලෙග් හෝර්න් යටත්විජිත ලේකම් වරයාය. මේ රටේ ස්වදේශිකයින් සින්හලයින් බවද එහෙත් දෙමළ සහ සින්හල වෂයෙන් ජාතීන් දෙකක් සිටින බවද කියා ප්‍රභන්ධ විෂබීජයක් 1799 දී ඔහු නිර්මාණය කළේය. මේ රටේ ජාතීන්  දෙකක් සිටින බවට ප්‍රභන්ධය නිර්මානය වූයේ මේ අයුරිණි. ක්‍රි.පූ.543 සිටම එතෙක් ලේඛණ ගතව තිබුණේමේ රටේ සිටියේ එක් ජාතියක් පමණි. ඒ සින්හල ජාතියයි. දෙමළ, මුස්ලිම් ඇතුළු අනෙක් සියළු දෙනාම හැන්දින්වූයේ විදෙශිකයින් වෂයෙනි. එම වකවාණුවේදීම සුද්දන් විසින්   තවදුරටත් සිංහලයන් උඩරට සහ පහතරට සිංහල ලෙසද බෙදා ඇත (රොබට් පර්සිවල් 1803 බලන්න). 1901 දී ලංකා දෙමළ (හිටපු මලබාර්වරු) නමින් නව ජනවර්ගයක් නිර්මාණය කරන ලද්දේ දෙමළ සිවිල් සේවකයෙකු වූ පොන්නම්බලන් අරුණාචලම් විසිනි (බ්‍රිතාන්‍යයන් යටතේ පළමු ලංකා සිවිල් සේවකයා).  මේ අණුව බෙදා පාලනය කිරීමේ රාජ්‍ය ශිල්පයේ ලෝක ප්‍රවීණයන් වන බ්‍රිතාන්‍යයන්ගේ උපදෙස් පරිදි ස්වදේශිකයන් මේ අනුව මේ රටේ සින්හල ජාතිය සින්හලයින් සහ දෙමළුන් වෂයෙන්  බෙදීමට  බ්‍රිතාන්‍යයන්ට උපදෙස් දුන්නේ බ්‍රිතාන්‍ය ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර ෆෙඩ්‍රික් නෝර්ත්ගේ ලේකම් ක්ලෙගෝර්න්ය. සිංගලීස් සහ මලබාර් (දෙමළ) ලෙස  ජාතීන් දෙකකට බෙදා  සිංහලයන් රට අභ්‍යන්තරයේ දකුණු සහ බටහිර ප්‍රදේශවල වාසය කරන බවත් මලබාර්වරුන්ට උතුරු හා නැගෙනහිර කොටස් හිමි බවත් ප්‍රකාශ කළේය. ඔහුට අනුව සිංහලයන් පැමිණ ඇත්තේ සියම් දේශයෙනි. ලාංකීය සමාජය පිළිබඳ ඔහුගේ නොදැනුවත්කම මෙයින්ම පෙන්නුම් කරයි.

නැවතත්, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 29 වැනි වගන්තිය යටතේ මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට සුළු ජාතීන් පිළිබඳ සංකල්පය ලේඛන ගතකළේය. ඉංග්‍රීසීන් මේ රටේ දෙමළ ජනයාට මුල සිටම විශේෂ වරප්‍රසාද ලබාදෙන ලදී. ඔවුන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය සහ රජයේ රැකියා ද ලබා දී දෙමළ ජනතාව ඉහළට ඔසවා තැබීමට සියල්ල කළහ. ජනවර්ගයක් ලෙස මලබාර්වරුන් (දෙමළ) සිංහලයන්ට වඩා උසස් යැයි ද ඔවුහු තර්ක කළහ. 1843 වන විට මුළු රටටම තිබුණේ 103ක් පමණක් වන විට යාපනයට පමණක් ඉන් ඉංග්‍රීසි පාසල් 45ක් ලබාදී තිබුණේ ය. ඉංග්‍රීසින් උතුරු හා නැඟෙනහිර පළාත්ව මලබාර් දෙමළ ජනතාවගෙන් පිරවීමට උත්සාහ කළේ දිවයිනේ ජනවිකාශය උඩු යටිකුරු කර ස්වදේශීය සිංහල ජනතාවගේ ශක්තිය දුර්වල කිරීමටය. ඔවුන් දකුණු ඉන්දියාවෙන් කඳුකර තේවතුවල කුලියට සඳහා ඔවුන්ගේ සියලුම ශ්‍රම අවශ්‍යතා ගෙනැවිත් 1948 දී රට හැර යන විට ඔවුන් රටක් නැති  අනාථයන් මිලියන 1.2කට ආසන්න පිරිසක් මෙහි අතරමන් කොට තබා ගියහ.ඔවුන් මෙම මලබාර් ජාතිකයන් කුලී භටයින්  ලෙස ද දේශීය සිංහලයන්ට එරෙහිව සටන් කිරීමට යොදා ගත්හ. 1818 සහ 1848 කැරලි. බ්‍රිතාන්‍යයන්‍ ශ්‍රී ලාන්කික ජාතිය  දෙකට බෙදූ ආකාරයත් 1799 සිට වර්ගවාදය ඉතා සූක්ෂ්ම ලෙස ගොඩනැගූ ආකාරයත් මෙයින් පැහැදිලි වේ.

මේ පසුබිම තුළ සත්‍ය සෙවීමට කොමිසමක් පත් කරන්නේ ඇයි? 1947 දී දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වූයේ ඔවුන් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය) පිහිටුවා ගත්තේ ක්‍රිස්තු පූර්ව 543 ඉතිහාසයේ පටන් මේ රට සිංහල රාජධානියක් වූ බව පිළි නොගෙන දෙමළ රාජ්‍ය වාදීන් මෙන්ම ඊළාම්වාදීන් මේ සින්හලයින්ගේ රටේ දෙමළ රාජ්‍යක් හැදීමට කිසිදාක සිදුනොවන දෙයක් ගැන දවල් හීන නොදැක ඔවුන් කළයුත්තේ අද ඔවුන්ට අහිමීවීඇති ඔවුන්ගේ ජන්ම භූමිය මෙන්ම මාතෲභූමිය වු තමිල් නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම පිහිටුවා ගැනීමය.එවිට ඔවුන් සිතන පතන සාමය,සමාදානය සහ සන්හිඳියාව පිරී උතුරා යණු ඇත.

දෙමළ රාජ්‍ය වාදීන් මෙන්ම ඊළාම්වාදීන් මේ සින්හලයින්ගේ රටේ දෙමළ රාජ්‍යක් හැදීමට කිසිදාක සිදුනොවන දෙයක් ගැන දවල් හීන නොදක ඔවුන් කළයුත්තේ ඔවුන්ට අහිමීවීඇති ඔවුන්ගේ මාතෲභූමිය වු තමිල් නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පිහිටුවා ගැනීමය. එවිට ඔවුන් සිතන පතන සාමය ,සමාදානය සහ සන්හිඳියාව පිරී උතුරා යණු නියතය..1963 දි බෙදුම්වාදය තහනම්කරමින් නේරු පැනවූ නීතිය  නිසා ඉන්දියාවේ එය කළ නොහැකි බැවිනි, දේශප්‍රේමී නායකයින් නැති මේ රට ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ. 1980 දී එල්.ටී.ටී.ඊ සංවිධානය ඔවුන්ගේ දෙමළ ඊළම (සිංහලයාගේ දේශය යන අර්ථය ඇති) අපේක්ෂාවෙන් පිහිටුවා ගත් අතර, භූමිපුත්ත්‍රයින් වන බෞද්ධ භික්ෂූන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් දස දහස් ගණනක් මරා දමා, කිරි උරා බොමින් සිටි ළදරුවන් පවා මරමින්, රටේ රජය සමඟ 30 වසරක කුරිරු යුද්ධයක් කළේය.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිල් සමාදන් වී  සිටි බැතිමතුන් 200 ගණනක් සහ ගැබිණි මව්වරුන් මරා දැමීම සහ රටපුරා ව්‍යාකූල ව්‍යසනයක් සිදුකරමින් ජාතියේ මහ බැංකුව සහ කටුනායක ප්‍රධාන ගුවන් තොටුපළ  නව ගුවන් යානා 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශ කොට ලෝක බෞද්ධයින්ගේ මුදුන්මල්කඩවූ ශ්‍රී දළදා මාළිගාවටද බෝම්බ ගසා ව්නාශකරන ලදී.

මෙම සුන්දර දිවයින අල්ලා ගැනීම සඳහා ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ඉතිහාසය පුරා ඉන්දියානුවන්ට තිබූ සදාකාලික උන්මාදය සහ නොසන්සිදෙන දොලදුක මෙයින් සාරාංශ කරයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම දකුණු ඉන්දීය දෙමලුන් සහ සින්හලේ සින්හලයින් අතර පවතින සදාකාලික සතුරුකම පිළිබඳ සුවිශේෂ සත්‍යය මෙයයි.

මෙම සටන විසඳීමට ඇත්තේ ක්‍රම දෙකක් පමණි. පළමුව, ඉන්දියාව, මේ ලංකාව අල්ලා ගැනීමේ සිහිනය මුළුමනින්ම අමතක කර අත්හැර දමා,අපගේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි නොගසා මේ රටේ  සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට ඉඩදී ඔවුන් ඉන්දියානු සම්භවයක් ඇති අය යැයි අපට  වද නොදී  සිටිය යුතුය.

ඇතැම් විට ඉන්දියාවේ සිටින ඔවුන්ගේම මිනිසුන්ටත් වඩා, ලන්කාවේ දෙමළුන් ගැන ඉන්දියාව මෙතරම් සැලකිල්ලක් දක්වන්නේනම් ඉන්දියාව පළමුව කලයුහ්තේ පනික්කාර් න්‍යාය අනුව අපට හිසරදයක් ඇති නොකර ඔවුන් ඉන්දියාවටම ආපසු ගැනීමයි.

දෙවනුව රටේ ආර්ථිකය පතුලටම කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක කෝටි ගණන් වැයකොට ඊනියා සත්‍ය,සාමය සහ සන්හිඳියාව සොයා නිරුදක කතරක ජලය සොයා යන්නා සේ අමණ වැඩ නොකළ යුතුය.

ශ්‍රී ලන්කාවේ මුස්ලිම්වරු මුස්ලිම්වරු

කි.ව.7 පමණ සිට අරාබි රටවලින් වෙලඳුන් වශයෙන් මෙහි පැමිනි මොවුන් අතීතයේදි කිසිදිනක දෙමලුන් මෙන් මේ රට අල්ලාගැනීමට උත්සාහකොට  නැත. ඔවුන්ට මෙම රෝගය පළමුවරට සුද්දන් විසින් බෝ කළේ 1915 දීය.දෙවැනි වතාවට එය හැදුනේ අෂ්‍රොෆ්ගේ ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී දේශපාලනයෙන් පසුවය.ඉන්ග්‍රීසීන් විසින් මුල සිටම මුස්ලිම්වරුන් ප්‍රධාන වශයෙන් ස්වදේශිකයන්ට එරෙහි ඔත්තුකරුවන් ලෙස යොදා ගත් අතර 1915 සුප්‍රසිද්ධ සිංහල-මුස්ලිම් කෝලාහලයේදී ඔවුන් මුස්ලිම්වරුන්ට සහාය දුන්හ. දැන් ඔවුන්ටද වර්ග සැත පුම් 25,000 ක මේ රට තුළ වෙනම රාජ්‍යයක් අවශ්‍යවී තිබේ. නමුත් දෙමලුන්ට මේ රට අල්ලාගැනීමේ ආශාව සියවස් දහස්වසක් පැරණි නිදන්ගත රෝගයකි.  උතුරේ සහ නැඟෙනහිර දෙමළ ජනයා මිලියන 4 ක පමණ දෙමළ ජනයා සඳහා රටේ භූමි ප්‍රමාණයෙන් 1/3 ක් ආවරණය වන පරිදි වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින අතර කඳුකරයේ සිටින තවත් දෙමළ ජනයා 1.2 කට ද රටින් තවත් 1/3 ක් පමණ ආවරණය වන පරිදි මලයනාඩුවක් ඉල්ලා සිටි. මීට අමතරව, 1665 දී පෘතුගීසීන් විසින් බටහිර මුහුදු තීරයෙන් පලවා හැරීමෙන් පසු සිංහල රාජධානියේ සෙනරත් රජු විසින් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඉඩම් ලබා දුන් නැගෙනහිර මුස්ලිම්වරුන්ට ගෙන් පැවත එන හිස්බුල්ල්ලා වැනි අයට ද දැන් වෙනම රාජ්‍යයක් අවශ්‍ය වී තිබේ. ඔවුන්ගේ ක්‍රියාවන් පමණක් නොව නිවාස,මන්මාවත් තබා ගහකොල පවා අරාබිකරණය කිරීමෙන් ඔවුන්ගේ විකුර්ති මානසිකත්වය පහැදිළි වෙයිඅනෙත් අතින් උතුරේ සහ නැගෙන හිර දෙමළුන් වසර දහස් ගානක් පැරැණි පුරාවිද්‍යාත්මක බෞද්ධ  නටබුන් සියල්ල විනාශ කරමින් ඒ මත සිවලින්ග හිටවමින් හින්දු කෝවිල් හදමින් යකා නටයි.පුරාණ සින්හල රජවරුන්  පූජාකළැ ඉඩකඩම් සියල්ල ආක්‍රමණය කරයි.මේ සියල්ල දෙස ඇස් කන් පියාගෙන බලාසිටිණ ජනාධිපති සන්කෘතික ඇමති  ඉලව් සමඟියක් .සාමයක් සහ සන්හිඳියාවක් ගැන  කොමිෂමක් පත්කිරීමක් ගැක කථාකරන්නේ ඔවුන්ගේ ඔලුගෙඩි දේශපාලන වශයෙන් කුරුවල් වී ඇති බැවින් යැයි මම සිතමි. වී තිබේ. ඔවුන්ගේ ක්‍රියාවන් පමණක් නොව නිවාස,මන්මාවත් තබා ගහකොල පවා අරාබිකරණය කිරීමෙන් ඔවුන්ගේ විකුර්ති මානසිකත්වය පහැදිළි වෙයි.අනෙත් අතින් උතුරේ සහ නැගෙන හිර දෙමළුන් වසර දහස් ගානක් පැරැණි පුරාවිද්‍යාත්මක බෞද්ධ  නටබුන් සියල්ල විනාශ කරමින් ඒ මත සිවලින්ග හිටවමින් හින්දු කෝවිල් හදමින් යකා නටයි.පුරාණ සින්හල රජවරුන්  පූජාකළැ ඉඩකඩම් සියල්ල ආක්‍රමණය කරයි.මේ සියල්ල දෙස ඇස් කන් පියාගෙන බලාසිටිණ ජනාධිපති සන්කෘතික ඇමති  ඉලව් සමඟියක් .සාමයක් සහ සන්හිඳියාවක් ගැන  කොමිෂමක් පත්කිරීමක් ගැක කථාකරන්නේ ඔවුන්ගේ ඔලුගෙඩි දේශපාලන වශයෙන් කුරුවල් වී ඇති බැවින් යැයි මම සිතමි

සමඟිය හා සංහිඳියාව

ප්‍රථමයෙන්ම සමඟිය හා සංහිඳියාව ගැන කතා කරන විට, පසුගිය වසර 2566 පුරාවටම මේ රට සිංහල ජාතියේ නිජභූමිය බවත්, එය සාකච්චා කළ නොහැකි සහ වෙනස්කළ නොහැකි මාත්තෘකාවක් බවත්, දෙමළ සහ මුස්ලිම් යන දෙපිරිසම කලින්කළ මේ රටට ආ ආගන්තුකයින් පමණක් බවත් යන එම යතාර්ථයට අනුගතව පිළිගන්නා තුරු, සමඟියක් හෝ සංහිඳියාවක් ඇති කළ නොහැක. ඔවුන් මේ රටේ ආගන්තුකයන් මිස අයිතිකරුවන් නොවන බව පිලිගත යුතුය. ඔබ රෝමයේ සිටින විට රෝම ජාතිකයෙකු හැසිරිය යුතුයයි’ කියමනක් ඇත. ඔවුන් පළමුව මේ මූලික සත්‍යය පිළිගෙන මුල් අයිතිකරුවන්ට ගරු කරමින් අනුන්ගේ ඉඩමක් බලෙන් හිමිකර ගැනීමට රණ්ඩු නොවී ඔවුන් සමඟ සුහදව ජීවත් වීමට ඉගෙන ගත යුතුය. එසේ වූ විට සංහිඳියාවෙන්, සමගියෙන් හා සාමයෙන් අප සැමට ජීවත් විය හැක. එතෙක් මේ ආණ්ඩුව කියන සාමය සහ සන්හ්හිඳියාව හුදු දවල් සිහිනයක් පමණි.

එබැවින් වසර 2600ක් පැරැණි සින්හල ශිෂ්ටාචාරයත් මිහිමත සදා විචිත්‍රවත් වූ මේ දූපත් ජාතියත් විනාශ කිරීමට උත්සාහ නොකර, මේ භාෂාව තේරුම් ගැනීමට නොහැකි දේශපාලනඥයන් වහා දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතුය. එසේනොකොට ජනාධිපතිවරය හෝ පාලක පක්ෂය යෝජිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඊට පක්ෂව චන්දය දී නැවත චන්දය ඉල්ලීමටනම් කිසිවෙකු ගමට නොආ යුතුය.

වසර 2600ක් පුරා අපේ මුතුන්මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂාකොට ගත් මේ සිංහල දේශයත් එසේම සින්හල ජාතියත්, සම්බුද්ධ් සාශනයත් ආරක්ෂාකර ගැනීමට හැකි බුධිය සහ ශක්තිය ඇති දේශප්‍රේමි,ජාති හිතතඉෂි සැබෑ සින්හල බෞද්ධ රාජ්‍ය නායකයෙකු  අවශ්‍ය කාලයයි මේ.

එමනිසා ඔවුන් මේ කුඩා රට තුල, රට්වල් ඉල්ලීම නතර කළ යුතුය. මේ සින්හල රට, සින්හල ජාතියේ ජන්ම භූමිය, ජාතිය සින්හලරටේ භාෂාව සින්හල, ඒ තුල සින්හලයින් සමඟ රටින් කෑලි නොඉල්ලා 1815 ට අපේ මුතුන් මිත්තන් සිටි පරිදි අපිත්  සින්හලේම වැසියන් වශයෙන් සිටීමට එකඟ වෙමු” යන රාමුව තුල රටේ පවතින නීති රීති පිළිපැදීමට එකඟ වීමෙන්, මේ රටේඉජාතීන් වශයෙන් හැඳින්විමට සහ සින්හලේ රජුන් විසින් අනුකම්පාවට පදින්චියට දුන් ඉඩම් දැන් තමන්ගේ රටවල් වෂයෙන් ප්‍රකාෂ නොකොට,මේ රටේ නියම භුමිපුත්‍රයින් සහ උරුමකරුවන් සින්හලයින් බව පිළිගත් පසු ඔවුන්ටද භූමිපුත්‍රයින් වන සිනහලයින් සමඟ  සන්හිඳියාවෙන් ජීවත්විය හැක.

1815 ට පෙර යුගයේදී මෙහි වාසය කිරීමට තීරණය කළ විදේශිකයන්ට රටේ භාෂාව ඉගෙන ගෙන දේශීය නීතියට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වූ අතර පසුව ඔවුන් ස්වදේශික සිංහලයන් සමඟ ඒකාබද්ධ විය. ඔවුන් සියලු දෙනාම මේ මිහිතලයේ සිංහල ජාතියේ මාතෘභූමිය වූ සිංහල රාජධානියේ ජීවත් වූ නිසා ඔවුන් සිංහලයන් ලෙසද හැඳින්විණි. ඉතින්, ඔවුන් ද 1815 ට පෙර සිංහලේ පුරවැසියන් ලෙස සලකනු ලැබුවේ සිංහලයන් ලෙසම ය.

මෙම සුළු ජනකොටස් ප්‍රථමයෙන්ම ස්වදේශික සිංහලයින්ට එරෙහිව සන්විධානය කළේ ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසිනි. 1799 දී ක්ලෙගෝර්න්  සටහනින් සහ 1819 දී ගාල්ලේදී හමු වූ වෙස්ලියන් පල්ලි සම්මේලනය විසින් මේ රැල්ල ආරම්භ කෙරින. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේ රට දෙමළ සහ සිංහල වශයෙන් දිස්ත්‍රික්ක දෙකකට බෙදීම බව ප්‍රකාශ කළහ. ඉංග්‍රීසි ජාතිකයන් තම බෙදුම්වාදී ප්‍රතිපත්තිය භාවිතා කරමින් සිංහල ජාතියට විශාලම හානියක් කළ ජතිය වේ.

1815 න් පසු ඊනියා නාමික නිදහස ලැබූ වර්ෂය වශයෙන්න මෝඩයින් විසින් සළකණු ලබණ 1948 දක්වා මේ රටේ ඉරණම තීරණය කළේ ඉන්ග්‍රීසීන් විසිනි. ඔවුන් සෝල්බරී ව්‍යවස්ථාව හරහා 1972 දක්වාම මෙම රට පාලනය කළේ ජෙනිංග්ස් ඉතා දක්ෂ ලෙස ඇතුළු කළ ව්‍යවස්ථාමය උපක්‍රම හරහාය. ඒ අනුව විදේශ ප්‍රතිපත්තියද ඇතුළු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ඔවුන් අතේම තබාගෙනය 

ජනරජ යුගය

                      1972 වන තුරුම මේ රට පාලනය කළේ මේ අනුවය. එනම් 1972 මැයි 22 වැනි දින මෙරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ජනරජ ව්‍යවස්ථාව යටතේ මේ රට ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරන තෙක් අප පූර්ණ ස්වාධීන රටක් නොවීය. ව්‍යයවස්ථා දායක,විධායක සහ අධිකරණ යන ප්‍රජාතන්ත්‍ර වාදයේ මුල්ගල් තුනම තිබුණේ එන්ගලන්තයේය. 

1972 සිට 1977 දක්වා ශ්‍රීලනිපය බලයේ සිටි 5 වසර,  මෙන්ම මැතිනිය පළමුව බලයේ සිටි 1960-65 සහ 1970 -72 කාලය තුල මෙන්ම, රට, ජාතිය, ලෝකයට ණය නැති ආර්ථිකයක් සහ බුදු සසුනට විශාල වැඩකොටසක් ඉටු කොට පූර්ණ නිදහස් රටක් වශයෙන් මහත් අභිමානයෙන් නිදහ්ස සැමරුවේ ජනරජ දිනය වු මැයි 22 දිනය. එහෙත්, 1977 දී  බලයට පත් ජේ .ආර් ගේ රජය නැවතත් නිදහස්දිනය පෙබ් 4 ටම ආපසු ගෙනයමින් මේ රටත් ජාතියත් යලිත් අධිරාජ්‍යවාදි වහල් මානසිකත්වයටම ආපසු ගෙනයනලදි. අපගේ  මුතුන් මිත්තන්ගෙන් අපට හිමි වූ වසර 2500 ක සාඩම්බර උරුමය  ගැන එදා එ.ජා.ප.ආණ්‌ඩුවේ  තුළ තිබූණු  අවභෝදය, හැඟීම හා ආදරය සහ රට කෙරෙහි ඔවුන් තුල තිබුණු දැනුම සහ දේශප්‍රේමය මින් පැහදිළිවෙයි. තවද  රටේ ආර්ථිකය මුළුමනින්ම ලෝක වෙළඳ පොලට විවුර්තකොට  දෙසීය ගොවිතැන, කර්මන්ත ආදියේ පරිහානිය ආරම්භ කිරීම 1987 සිදුකරන ලදී. එසේම ඉන්දු ලන්කා ගිවිසුමෙන් රට හා ජාතිය ඉන්දියාවට මුලුමනින්ම පාවාදීම තුලින් වර්ත මානයේ රට පත්ව ඇති අර්ථික අඝාධයට මුල පිරුවේ එම රජයයි. මෙම කාලය තුලදී අත්සන් කරණලද ඉන්දු ලන්කා ගිවිසුම ලන්කා ඉතිහාසයේ එක් පුද්ගලයෙක් විසින් සිදුකරණලද දරුණුතම පාවාදීමය.

 මේ අතර කොටින්ට ඉන්දියාව පුරා යුධ පුහුණුව ලබාදීම, යුධ අවිආයුධ සහ මුදල ලබාදීම ආදී ක්‍රියාවන් වලට අමතරව ප්‍රභාකරන්ට රජිව් ඝාන්දි තම වෙඩි නොවදින යුධ කබාය පවා දීමෙන් මේ රට විනශකිරීමට ඔවුන් කොපමන සහායක් දුන්නාද කියා සිතාගත හැක. මේ සියල්ලටම වඩා දරුණුම සිද්ධිය වුයේ 1987 දි ඉන්දියාව ලන්කාව ආක්‍රමණය කිරීම සහ ගුවනින් පරිප්පු දැමීමෙන් හා ඩික්සිත්  ලවා ජේ. ආර්. ට ගිවිසුම අත්සන් කිරීමට තර්ජනය කිරීමය. ඊට අමතරව එ.ජා. සන්විධාන වලදි ලන්කාවට එරෙහිව චන්දයද පාවිච්චිකොට ඇත. තවද වර්තමාන මෝඩි රජයද, ඉන්දියාවේ 60% කට වැසිකෙළි පහසුකම් නැතිව තිබියදී මේ රටේ පුරවැසියන් වන දෙමළ ජනයාට නිවාස 60,000 ක් සාදා දීම සැතුලු විවිද උපක්‍රම තුලින් ලන්කාවේ සිටින දෙමල ජනයා ලන්කාවට එරෙහිව සන්විධානය කිරීමද ඉන්දියාවේ ලන්කාවිරොන්දි  වැඩ පිළිවෙලේම කොටසකි.  වර්තමාණයේ රනිල්-රාජපක්ෂලාගේද සහාය ඇතිව මෝඩි විසින් දියත්කොට ඇති ආක්‍රමණ්ය ඒ සැමටම වඩා භයානක වනුයේ ලන්කා රජයේද සහාය ඇතිව එය සිදුකරණ නිසාය. එසේම කූඨෝපක්‍රම  යුද්ධයකින් එය සිදුකරණ නිසාය  .

1987 දී සිදු කල ඒ අයිතිහාශික පාවාදීමෙන් පසු 2009 දී කොටි පරාජය කරන තුරුම විශේෂ සිදුවීම් සහිත ජාතික ජයග්‍රහණයක් නොවීය. 2009 දී තිස් වසරක එල්ටීටීඊය ත්‍රස්ථවදය පරාජය කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වුවද යුධ ජයග්‍රහණ පෙර රජවරුන් කළා සේ මහපොළොවේ ස්ථාපිත කිරීමට ඔහු ශෝචනීය ලෙස අසමත් විය. දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, විජයබාහු 1 වැනි යුග සහ සීතාවක රාජසිංහ වැනි නර විරුවන් පශ්චාත් යුධ ජයග්‍රහන කාළයන් රටේ දියුණුවට යොදාගත් ආකාරයන් පිලිබඳ අවබෝදයෙන් ඔහු ක්‍රියා කල බවක් නොපෙනේ. යුධ ජයග්‍රහනයේ අධිතක්සේරුව හා වැරදි උපදෙස් නිසා අවුල් කරගත් ඔහුගේ පාලන සමය  2015 දී නැවතත් පරාජයට පත් වූයේ බටහිර රටවල් හා ඉන්දියාව විසින් යොදවා ඇති දේශපාලන කුමන්ත්‍රණ සහ ඔහුගේම සමීපතමයින්ගේ  වැරදි උපදෙස් නිසාය. මුස්ලිම් ත්‍රස්ථවාදීන් විසින් මෙහෙයවනළද 2019 අප්‍රේල් 21 වැනිදා 200කට වැඩි පිරිසක් මරුමුවට පත් වූ සුප්‍රසිද්ධ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් වැනි දේශපාලන ඛේදවාචකය, ඉන් අනතුරුව 2022 සැප්තැම්බර් 2 වැනිදා ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරීම, ජාත්‍යන්තර සහ ඉන්දීය බලවේග විසින්ම කුමන්ත්‍රණය කර වේදිකාගත කරන ලදී. නැඟී එන සිංහල බෞද්ධ ජාතිය උමග අවසානයේ පවා ආලෝකය නොපෙනෙන පරිදි සියළු යුධ ජයග්‍රහණද ඉන් අවසන් විය.

අනතුරුව රට තුල මතුවූ දේශපාලන, ආර්ථික හා සමාජීය ගැටලු රාශියකට අමතරව බටහිර සහ ඉන්දියාවේ අඛණ්ඩ ඇඟිලි ගැසීම් මේ වන විටත් එහි උච්චතම ස්ථානයට පැමිණ තිබේ. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිරයන් ප්‍රමුඛ සියලුම දෙමළ  ඩයස්පෝරා සහ සිංහල බෞද්ධ විරෝධීහු රට තුළත් ඉන් පිටතත් සුළු ජාතීන් සවිබල ගැන්වීම සඳහා දිවා රාත්‍රී අතිකාල කරති.

ඊටත් වඩා භයානක දෙය නම්, දැන් අපි නැගෙනහිරින් චීනය සහ බටහිරින් ඉන්දියාවේ සහාය ලබන එක්සත් ජනපදය ඇතුළු බටහිර ජාතීන් අතර ඉන්දිය සාගරයේ උද්ගතවී ඇති ගෝලීය දේශපාලන හා ආර්ථික යුද්ධයේ බල අරගලය අතර සිරවී සිටිමය. මේ අනුව, අපි මෙම බල එදිරිවාදිකම් කඳවුරු  අතර ගිරයට අසුවූ පුවක් ගෙඩියක් මෙන් සිර වී සිටිමු. නව භූ මූලෝපායික සන්විධාන අතර, QUඇඪ් නමින් හැඳින්වෙන නවතම ඉන්දු-පැසිෆික් නේටෝව” සමඟින් එක්සත් ජනපදය ඉතා විශාල ලෙස මේ රටට බලපෑම් කිරීමට පටන්ගෙන ඇත. මේ අතර ඉන්දියාව, පනික්කාර් උපාය මාර්ගයෙන් මේ රට සියතට ගැනීමට උපරිම බලය යොදවා කටයුතු කරයි.

මෙවැනි මහා දේශපාලන සුළිකුණාටුවකට මේ රට හා ජාතිය හසුවි එම විනාශයෙන් බේරීමට මාර්ගයක් සෙවීමේ නිරත වියයුතු කාලයකට මේ රට පත්ව තිබියදී මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ඒ ගැන සිහිනෙන් පවා නොසිතා තම තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්නා ක්‍රම සහ විධි  සොයමින් රෑ දවල් සිහින දකිමින් පිස්සු බල්ලන් රැළක් මෙන් දඟලන්නේ ඒ මිරිඟුව සොයමින්ය. රාජ්‍ය නායකයා වන ජනාධිපති වරයාගේ පටන් ප්‍රාදේශීය සභා නියෝජිතයා දක් වා සියළුම දේශපාල්කයින් අද නිදි නොලබා සිහින දකින්නේ එම ආත්මාර්තකාමී අරමුණ ඉටුකර ගැනීමටය. ඔවුන් කිසිවෙකුට රට,ජාතිය හෝ සාශනය ගැන හෝ රටේ ජනතාවගේ දුක හෝ රටේ අනාගතය ගැන සිතීමට පවා  ඔවුන්ගේ හිතේ ඉඩක් නැත.රටේ මෙවැනි අවුල්සහගත හා අර්බුධකාරී තත්වයක් තිබියදී රට ගොඩ ගැනීමට කිසිදු ප්‍රයෝජනයක් නැති අති විශාල ධනස්ඛන්ධයක් නිරපරාදේ වැයවන  තවත් අර්බුධයක් විය හැකි ඊනියා සත්‍යය, සමගිය සහ සංහිඳියාව පිළිබඳ කොමිෂමක් පත් කිරිම තවත් කොහේදෝ යන නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක් පමණි.එමනිසා රජය මේ යෝජනාව වහාම ඉල්ලා අස්කර ගත යුතු  බව මාගේ අදහසයි.

Protected by Security by CleanTalk