Spread the News

ඊනියා විද්වත් මණ්‌ඩල වාර්තාව
මූන්ගේ පෞද්ගලික උවමනාවක්‌!
ඇමැති දිනේෂ් ගුණවර්ධන නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි

source link:

බෑන් කී මූන් මහතා විසින් පත්කරන ලද ඊනියා තුන්කට්‌ටු විද්වත් මණ්‌ඩලය විසින් සම්පාදනය කළ උපදේශක ලේඛනය මුළුමනින්ම බෑන් කී මූන් මහතාගේ පෞද්ගලික ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ බවත් එය එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ ලියවිල්ලක්‌ නොවන බවත් මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. 


බෑන් කී මූන් මහතා විසින් පත්කරන ලද ඊනියා තුන්කට්‌ටු විද්වත් මණ්‌ඩලය විසින් සම්පාදනය කරන ලද උපදේශක ලේඛනය සහමුලින්ම බෑන් කී මූන් මහතාගේ පුද්ගලික ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ බව මහජන එක්‌සත් පෙරමුණේ ඒකමතික නිගමනයයි.

ඊනියා විද්වත් මඩුල්ලේ උපදේශයක්‌ වශයෙන් දැනට ප්‍රකට මෙම ලේඛනය එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාට පුද්ගලික වූවකි. එය කිසිසේත් කිසිම ආකාරයකින් එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩල වාර්තාවක්‌ නොවේ. මෙම ඊනියා ලිත උපදේශයට එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ ස්‌වරූපයක්‌ දීමට යම් කිසි උත්සාහයක්‌ දරන්නේ නම්, එය ප්‍රොaඩාකාරී වූත්, එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයට අපහාස ගෙන දෙන්නා වූත් කරුණක්‌ වන්නේය.

තම කාර්යාලය මගින් මෙම උපදේශක ලේඛනය ප්‍රසිද්ධ කරවීමෙන් බෑන් කී මූන් මහතා වැනි වගකීමක්‌ දරන පුද්ගලයකු මෙවැනි පහත් තත්ත්වයකට ප්‍රපාතවේ යෑයි අපට උපකල්පනය කිරීම පවා අපහසුය. එහෙත් එය සිදුවී ඇත. එය සිදුවී ඇත්තේ ඔහුගේ පූර්ණ අනුග්‍රහයෙනි.

මහජන එක්‌සත් පෙරමුණ මෙම ඊනියා උපදේශක ලේඛනය පූර්ණ ලෙස හෙළා දකින්නේ ඉමහත් පිළිකුලෙනි. දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම ඊනියා උපදේශක ලේඛනය සාවද්‍ය හා ද්වේශ සහගත ලියවිල්ලකි. එය බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. වල්ගාවාදීන්ගේ ෙද්‍රdaහී ව්‍යායාමයක්‌ ලෙසත් පැහැදිලිව හෙළිවේ. කලින් දින කිහිපයකට පෙර ඇමරිකාවේ සිටින මෙම එල්.ටී.ටී.ඊ. වල්ගාවාදීන් විසින් කරන ලද ප්‍රකාශ වලින් අනිවාර්යයෙන්ම අනාවරණය වන්නේ නිගමනය වන්නේ මෙම ඊනියා උපදේශක වාර්තාවේ කරුණු පිළිබඳ පූර්ව දැනුමක්‌ සැලසුම් සහගතව මෙම වල්ගාවාදීන්ගේද හවුලක්‌ ඇති බවය.

බෑන් කී මූන් මහතා වැදගත් කරුණක්‌ හිතා මතාම යටපත් කර ඇත. ඇමරිකාවෙන් 9/11 ට්‌වින් ටවස්‌ (ඔඅසබ ඔදඇරි) ත්‍රස්‌තවාදීන් ප්‍රහාරයට ලක්‌ කළ අවස්‌ථාවේදී එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩල කොන්දේසි විරහිතව ත්‍රස්‌තවාදය තුරන් කිරීම සඳහා සියලුම සාමාජික රටවල් යෝජනා සම්මතයෙන් වරමක්‌ දුන් බව බෑන් කී මූන් මහතා ඉතා පහසු ලෙස යටපත් කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ වරමට අනුකූලව ශ්‍රී ලංකාව සාර්ථක ලෙස මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කර ඇත. මෙම එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය ඒ වන විටත් ලෝකයේ රටවල් කිහිපයක්‌ විසින් තහනම් කර තිබිණි.

මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේ තුන් ලක්‍ෂයක (300,000) පමණ ජන ගංගාවක්‌ එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡත්වයෙන් ආරක්‍ෂාව පතා පලා යැම මෙතෙක්‌ වාර්තාගත ඉතිහාසයේ නොවූ විරූ සිද්ධියක්‌ බව කවුරුත් පිළිගන්නා කරුණකි. මෙකී අයට ශ්‍රී ලංකා රජයෙන් සියලුම පහසුකම් හා ආරක්‍ෂාව සලසා දෙන ලදී. එසේ සලසා දෙන ලද්දේ ඔවුන්ගේ පෙර පුරුදු ජීවන උපාය පවත්වා ගෙන යැමටය. ලෝක ප්‍රජාවගේ ප්‍රසංශාවට පාත්‍ර වූ මෙම මානුෂික මෙහෙයුමට මෙම ඊනියා ලේඛනයේ ද්වේශ සහගත වූත් තුච්ඡවූත් අර්තකථනයක්‌ දී ඇත.

ම්ලේච්ඡ දේශෙද්‍රdaහී බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් හා ඔවුන්ගේ වල්ගාවාදීන් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී හා දේශප්‍රේමී බලවේග උපයෝගී කර ගෙන පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාමකාමී යුගය ආරම්භ කර ඇත. ඒ අනුව සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ යනාදී සියලුම ජන කොටස්‌ වලට නිදහස භුක්‌තිවිඳීමේ හා ජීවත්වීමේ අයිතිය තහවුරු කර දී ඇත. සදාකාලික සාමයක්‌ හා රටේ සියලු ජන කොටස්‌ අතර සමගිය හා මිත්‍රත්වය යළි ගොඩනැගීම හා සංවර්ධනය වේගවත් කර ඇත.