දේශබන්දු දිසානායක මහත්මයාගේ හඬ පටයට සාවධානව ඇහුම්කන් දුන්නා.
රටේ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලෙස පිළිගත හැකි කරුණු රාශියක් එහි අඩංගු වී තිබුණා.
වැරැද්දක් සෙවීමේ අදහසින් නොව සද්භාවයෙන්ම සඳහන් කරන්න කැමතියි එම කතාවේදී භාවිතා කර ඇති සමහර පාරිභාෂික වචන සම්පූර්ණයෙන්ම නිවැරදි නැති බව.
උදාහරණයක් ලෙස ජාතිවාදය. ඒ මහතාට අනුව ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් ජාතිවාදීන් විය හැක්කේ වහබ් වාදය වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වල බලපෑමෙන් කියා.
එම ප්‍රකාශය සාවද්‍යයි. මීළඟ ලිපියකින් මම එය පැහැදිලි කරන්නම්.
සියල්ලටම කලින් අපි ජාතිවාදය කුමක්දැයි නිර්වචනය කරගත යුතුයි.
අනෙක මුස්ලිම් කියා ජාතියක් හෝ ආගමක් ලෝකයේ නැහැ. ඉස්ලාම් රටවල් වල ජීවත්වන සෑම කෙනෙක්ම ආගම ඉස්ලාම් ලෙස පිළිගන්නා අතර ජාතිය සවුදි අරාබි, ඉරාක, ලිබියානු, පකිස්තානු, මැලේසියානු ආදී වශයෙන් හඳුන්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ට ජාතික අනන්‍යතාවයක් ලබාදීමට වහබ් වැනි අන්තවාදී ඉස්ලාමීය සංවිධාන උත්සහ කරනු ඇත.
උතුරේ දෙමළ ජනතාවට දෙමළ ජාතික අනන්‍යතාවයක් ලබාදීමට කතෝලික පල්ලියේ බලපෑම තුළින් දෙමළ
ඩයස්පෝරාව කාලයක සිට උත්සාහ කරනවා.
මේ හැම උත්සාහයක් පිටුපසම සිටින්නේ සිංහල බෞද්ධ විරෝධී දේශීය හා විදේශීය සංවිධාන.
අතීතයේදී මා විසින් ලියන ලද ලිපිවල නිරන්තරයෙන්ම අවධාරණය කළා වර්ගවාදී මුහුණුවරින් නොව ජාතිකවාදී මුහුණුවරින් ශ්‍රී ලංකාව සිංහල රට විය යුතුයි කියා.
ඒ සඳහා අනිවාර්යෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුයි.
ඒ තුළ ගැබ් විය යුත්තේ දේශානුරාගයටත් වඩා දේශයේ භ්‍යොමික අඛණ්ඩතාවය හා ආර්ථික බලය ශක්තිමත් කරන සමාජ විද්‍යාත්මක සාධක ආරක්ෂා කර ගැනීමයි.
-තෙවැනි ඇස-
24.07.2024