පුතුනේ!
මේ නුඹේ රටයි.
නුඹට හෙවන දුන් පින්බිමයි.
නුඹ මුතුන් මිත්තන් ලෙයින්
සාර වූ නිජ භූමියයි.
නිල්ල පිරුණු යායවල් රැසයි
රැල්ල නිති සිඹින පුද භූමියයි
දිස්නෙ වැටෙන මිණි මතුවෙනා මේ
දරුවනේ නුබෙ ප්‍රාණයයි.
අහස උසට දාගැබ් රැසයි
දෙරණ පුරා වැව් පේලියයි
රුක් පුරා ඵලවැල් සිනාසෙන
මේ නුබේ ජය භූමියයි
නුඹට උරුම ලේ භූමියයි.
නුඹ ඉපදුනේ මේ භූමියෙයි
ලේ කිරිකලේ මේ භූමියයි
ජයගෙනාවේ මේ භූමියයි
කෙලපිඩක් නොගසා රැකිය යුතුම වූ
මේ නුඹ \ මා උපන් මාතෘභූමියයි.
– වෛද්‍ය ධම්මික විජේරත්න.