Spread the News
Art by Kalana

යන් යන් යන් යන්

ගන් ගන් ගන් ගන්

ඉදිරියටම යන් …….දෑතට එඩි ගන්

ආපසු නොබලන්…..පෙරමුනටම යන්

යන් යන් යන් යන්

ගන් ගන් ගන් ගන්

නිරිදු රවුලු සිහිකරන් …..ගතට නිබඳ එඩිගනින්

නිරිදු ගැමුනුට  වැඳපන් ……ලයට එඩිය ජයට ගන්

බිය විසිකරපන්  …..  නිර්භීතකම අරන්

යන් යන් යන් යන්

ඉදිරියටම යන්  

රන්මැලි බැබලෙනකම් …….දන්ත දාතු වඳිනකම්

බෝ හෙවන ලැබෙනකම් …..පරදවනව බොරු ඉතින්

උරුමයම රැකෙනකම් …..ගමන යමු බොලන්

ආපසු නොබලන්….. පෙරමුනටම යන්

යන් යන් යන් යන්

ගන් ගන් ගන් ගන්

වැවට යලි පනදෙනකම් …. සහසක් දාගබ් බැඳේන කන්

ගමක මලක් පිපෙනකම් …..ආවාසෙ පිරිත් ඇසෙනකම්

ගමන අහවරයි කියලා හිතනු බොරු ඉතින්

යන් යන් යන් ….ඉදිරියටම යන්

යන් යන් යන් යන්

ගන් ගන් ගන් ගන්  

-වෛද්‍ය ධම්මික විජේරත්න