Spread the News

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාලිත රංගෙ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු ප්‍රභූන් රැසක් කටුනායක ගුවන්තොටුපළෙන් රට හැර ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි.

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු පිරිසක් පෙරේදා (21 වැනිදා) රාත්‍රියේ ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් චෙන්නායි නගරය බලා පිටත්ව ගොස් තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එදිනම රාත්‍රියේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවල ප්‍රබල පෙළේ කථිකයකු වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළෙන් හොංකොං බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ විනෝජා වීරසිංහ සහ ඇගේ පියා වන තිලකසිරි වීරසිංහ ඊයේ අලුයම 3.30ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ ගුවන් හමුදාව කටයුතු කර තිබිණි.

උපුටා ගැනීම දිවයින