Spread the News

දරුස්මාන් වාර්තාවට මාලදිවයිනේ විරෝධය

 source link:

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව මාලදිවයින පවසයි. එම වාර්තාව ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව අනවශ්‍ය පීඩනයට ලක්කිරීමක් බව මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අහමඩ් නෂීම් මහතා අවධාරණය කරයි. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සදහන් කළේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ඊයේ (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ මහතා පෙන්වා දුන්නේ දරුස්මාන් වාර්තාව කෙරෙහි තම රට විශේෂ අවධානයක් යොමු කරන බවත්, අදාළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට හෝ මෙරට ජනතාවට කිසිදු හානියක් සිදු නොවන බවත්ය. කෙසේ වුවද ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සෘජු සබඳතා පැවැති බව සිහිපත් කළ අහමඩ් නෂීම් මහතා ඉදිරියටත් ශ්‍රී ලංකාව ළඟින්ම සිටින බව කීවේය. එක්තරා අවස්ථාවක මාලදිවයිනේ හට ගත් අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමථයකට පත්කිරීම සඳහා එරට රජයේ ආරාධනයකට අනුව මාලදිවයින බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දෙන ලද අතර එය දෙරට අතර තිබෙන සම්බන්ධතාවය තව තවත් වර්ධනය කරන්නක් විය.