Spread the News

ඉන්දුනීසියාවේ පැවැත්වෙන නොබැඳි සමුළුවේ දී දරුස්මාන් වාර්තාව සාකච්ඡාවට

source link:

මහින්ද අලුත්ගෙදර

ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී දරුස්මාන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව රජය අවධාරණය කරයි. මේ මස 26 හා 27 යන දිනයන්හිදී මෙම සමුළුව පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය සඳහා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහභාගි වන අතර එහිදී දරුස්මාන් වාර්තාව පිළිබඳ සවිස්තරාත්මකව ප්‍රතිචාර දක්වන බවද රජය අවධාරණය කරයි. ඊට අමතරව එල්.ටී.ටී.ඊ.පාලනය යටතේ පැවති උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සමුළුව දැනුවත් කෙරෙනු ඇත.

අසත්‍ය හා පක්ෂග්‍රාහී කරුණු පදනම් කර ගත් දරුස්මාන් වාර්තාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංහිඳියාවට එල්ල වන බාධා පිළිබඳ ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරෙන අතර අදාළ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත.

.