Spread the News

මානුෂීය මෙහෙයුමේ දී අපේ ආරක්‍ෂක හමුදා ලෝකයටම ආදර්ශයක් වූවා

– යුද හමුදාපති ජගත් ජයසූරිය

source link: 

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් සහ පොළොන්නරුව දිසා සමූහ

මානුෂීය මෙහෙයුම සිදු කරද්දී අපේ ආරක්‍ෂක හමුදා ලෝකයටම ආදර්ශයක් විය. අපේ ආරක්‍ෂක භටයෝ තමන්ගේ ආහාර වේල පවා අහිංසක දෙමළ වැසියන්ට ලබා දෙමින් ඔවුන් බේරා ගත්හ. මේ තත්ත්වය යටතේ අපගේ ආරක්‍ෂක අංශ අපකීර්තියකට ලක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.මානුෂීය මෙහෙයුම පවතිද්දී වන්නි ආඥාපතිවරයා ලෙස කටයුතු කළ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා එසේ ප්‍රකාශ කළේ නැෙඟනහිර ආරක්‍ෂක ආඥා මූලස්ථානයේ ඊයේ උදේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

මානුෂීය මෙහෙයුමේ දී අපේ ආරක්‍ෂක හමුදාව ක්‍රියා කළ ආකාරය ඉතා ප්‍රශංසනීය බවද ආරක්‍ෂක හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය. දරුස්මාන් වාර්තාව සම්පූර්ණ අසත්‍ය එකකි. එහි අරමුණ වන්නේ, ජනාධිපති ප්‍රමුඛ රජයත්, ත්‍රිවිධ හමුදාවත් අපකීර්තියට පත් කිරීම බව ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය කියයි. කිසිදු තොරතුරක් විමසා බලා නැති මෙම වාර්තාව ඉදිරිපත් කළ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණ මේ පිළිබඳ තොරතුරු සොයා බලන ලෙස තමා ඉල්ලා සිටින්නේ යැයි ද හමුදාපතිවරයා කීය.