Sat. Nov 23rd, 2024
Spread the News

01.ආක්‍රමණය අවි ආයුධ වූ විට එය සන්නද්ධ ආක්‍රමණයකි.

මිනිසා මිහි මතට පැමිණි දිනේ සිට අද දක්වා සක්‍රියව පවත්නේ සන්නද්ධ ආක්‍රමණයයි. කෙතරම් සන්නධව කෙතරම් මිනිසුන් යොදා මෙම ආක්‍රමණය කළා වුවත් දිනෙක එය ආපසු හැරවිය හැකිය. ලෝකය ඊට සාක්ෂි අප්‍රමාණව පවතී. කල ආක්‍රමණය දමා යන්නේ ඒ නිසාය.

02.ආක්‍රමණය මුදල් වූ විට එය මුදලින් කෙරෙනා ආක්‍රමණයකි.

සන්නද්ධ ආක්‍රමණය සමාජයෙන් යම් තාක් දුරට අශිෂ්ට යයි ප්‍රතික්ෂේප වූ පසු බිහි වූ නව ආක්‍රමණ රටාවකි. ආර්ථිකමය ආක්‍රමණය කියාද එය හැඳින්වේ. මෙයද දිනෙක ආපසු හැරවිය හැකිය. මේ ආක්‍රමණයත් ස්ථිර නැත.  

03.ආක්‍රමණය වූ විට එය ප්‍රඥාව ආක්‍රමණයකි. මෙය ආගමික ආක්‍රමණය නොවේ. ආගමික ආක්‍රමණය යනු යම් මතවාදයක් ලොව පුරා ගෙන යාමට ඇති කැමැත්තයි.ප්‍රඥා ආක්‍රමණයත් ආගමික ආක්‍රමණයක් වන්නේ යයි ඔබ කියන්නේ නම් ආගමික ආක්‍රමණයක් සඳහා මුදල් වියදම් කරන්නේ ඇයි ?

මුදල් දෙන්නේ ඇයි ?

ප්‍රඥා ආක්‍රමණයකට මුදල් අවශ්‍ය නැත.

යමකු මුදලින් මතවාදයක් ස්ථාපනය කරන්නට උත්සාහ කරන්නේ නම් ඒ ක්‍රියාවෙන්ම එතන සත්‍ය නැති බව ඔප්පු වී හමාරය.

උදා; අම්ලයක් සමග භාෂ්මයක් මිශ්‍ර කල විට ජලය සෑදෙනා බව සත්‍යක්. එය ප්‍රචාරය සඳහා මුදල් වුවමනා වන්නේ නැත. එය විශ්වයටම පොදු මුලධර්මයක්. නමුත් අම්ලයක් භාෂ්මයක් සමග මිශ්‍ර කල විට රත්තරන් සෑදෙනා බව ප්‍රකාශ කළහොත් එය ප්‍රචාරය සඳහා ප්‍රචාරක මුදලක් අවශ්‍යම වන බව සත්‍යක්. හේතුව එය බොරුවක්. බොරුව ප්‍රචාරයට මුදල් අවශ්‍ය වන්නා සේම සත්‍ය ප්‍රචාරයට මුදලක් අනවශ්‍යයය. යමෙක් සත්‍ය ප්‍රචාරය සඳහාත් මුදල් අවශ්‍යය යයි කියයි නම් එතන එසේ කියන්නා සතුව ඔහු පෞද්ගලික වාසියක් බලාපොරොත්තු වන බවක් පෙනේ. 

එසේ නම් ප්‍රඥාව යනු කුමක්ද ?

ලොවත් , ලොව ඉපදෙන හේතුවත් , ලොවෙහි නිරෝධයත්\ලොවෙහි අභාවයත්\ලොවහි අහෝසියත් සහ එය සාක්ශාත් කරගන්නා අයුරුත් දැක්වෙන ආක්‍රමණය මෙම ඝනයට වැටේ. මෙය කිසි විටකත් ආපසු හැරවිය හැකි නොවේ. මෙය ස්ථිරසාර වුවක්. නොසෙල්වෙන්නක්.

එහි ඇති වාසිය ?

එයත් සමගම ඉපදීම , ලෙඩවීම , දිරීම , මරණය සහමුලින්ම අහෝසි වන තත්වයක්.

බුදු දහම යනු එවැන්නක්.

ස්තුතියි !  

Protected by Security by CleanTalk