ජාති ආගම් කුලභේද වලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි.
මොනවා මකන්න ගියත් ඔහුට තබා සක්‍රයාටවත් සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාවය යටපත් කරන්න ඉඩක් නොලැබෙන්නේ ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාළ පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම දැනුමක් හෝ අත්දැකීම් සම්භාරයක් නොළබා තිබීමයි.
රාජ්‍ය පාලනය යනු කුඩා කාලයේ ළමුන්
ක්‍රීඩාවක් ලෙස යොදාගත් “චක්ගුඩු”
පැනීමක් වැනි සැහැල්ලු දෙයක් නොවේ.
චාම්බව ඉතාමත් හොඳයි. නමුත් අනුර කුමාර දරුවා දුම්රියේ දුම් වැටි විකුණූ කාලයේ තිබුණු චාම් බව රාජ්‍ය පාලනයේදී නිතර නිතර ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහොත් බුහුමන් නොව ගෞරවය අහිමි කර ගැනීම නිසා යස රජ්ජුරුවන්ගෙන් කපටි අන්දමින් රාජ්‍ය බලය අත් පත් කරගත් සුභ දොරටුපාලයාගේ තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකියි.
හෙළ ඉතිහාසය ඇරඹුණු දා සිට මේ දක්වා සෑම රජ කෙනෙක්ම පාහේ රාජාභිෂේකයේදී බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කළා. සුභ නැකතකින් පිරිත් සජ්ඣායනා මැද ඔටුන්න හිස මත තබනු ලැබුවා.
ඒ හැම දෙයක්ම අපගේ සභ්‍යත්වය හා සංස්කෘතිය සංකේතවත් කළා, පොහොසත් කළා.
රාජාණ්ඩුවක් නැති යුගයකදී ඔටුණු පැළඳීම් අවශ්‍ය නැති වුවත්, එය සංකේතවත් කරමින් අතීත සාම්ප්‍රදායික සිරිත් විරිත් වලට ප්‍රාණය ලබා දෙන්න මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට ගැනීම කළ හැකිව තිබුණා.
ප්රජාතන්ත්රවාදී ජනරජ ආණ්ඩුවකදී අගමැති හෝ ජනාධිපති සාමාන්‍ය පුරවැසියන්ගෙන් කෙනෙක් වන අතර, ඔවුන් සංකේතවත් කරන්නේ ජනතාවගේ අභිලාෂයන්. එය බඩගෝස්තරය සඳහා වෙන් වුණු අභිලාෂයන් නොව
රට ජාතිය දහම ආරක්ෂාවන අන්දමේ ජනතාව හා පාලකයන් අතර ඇතිවන සම්මුතියක් විය යුතුයි.
එම සම්මුතිය බිඳ දැමීමෙන් සාම්ප්‍රදාය විනාශ කර තැනීමට බලාපොරොත්තු වන “නව” සමාජය සාම්ප්‍රදායික ඇගයීම්වලින් තොර වේ නම් වැසියනට අභිමානයක් ඇතිවිය හැකි රාජ්‍යයක් ඒ තුළින් බිහිවන්නේ නැත.
විහිළු කර සිනා සීමට කැමති යස (ළාලක තිස්ස?)රජු අවස්ථාවාදී දොරටුපාලයාගේ රැවටිලිකාර රඟපෑම නිසා හිස ගසා දැමීමට ලක්වුණා.
මාක්ස්වාදියෙක් වී සිටි සයිමන් නවගත්තේගම අතීත කතා වස්තුව නාට්‍ය අනුසාරයෙන් වර්තමානයට ගෙන අවුත් සමාජයට දීමට උත්සාහ කළ පණිවිඩය වූයේ සාමාන්‍ය ජනතාව ප්‍රභූ පන්තියේ බලය බිඳ දමා පාලන බලය තම අතට ගත යුතු බවයි.
නමුත් ලංකා දේශපාලන සන්දර්භය තුළ සුබ ලා සිහසුනෙහි හිඳුවා සාමාන්‍ය ජනයා ලබා ගත් ජයග්‍රහණයක් නැත.
අත්දැකීමෙන් අඩු හීනමානයෙන් පෙළෙන මනස් ඇති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් මිස අඩුවීමක් මේ “පුනරුදය” තුළ සිදු නොවූ බව නම් ඉතාමත් පැහැදිලියි. ඔවුන් හීනමානයෙන් පෙළේ නම් එයින් මිදෙන ආකාරයත්, ඔවුන්ට අත්දැකීම් විරලනම්,අත්දැකීම් ලබා ගන්නා ක්රමවේදත් පාලන තන්ත්රය තුළින්ම බිහි විය යුතුයි.
අප එසේ සඳහන් කරන්නේ පෙර පැවැති ආණ්ඩු කිහිපයකම මන්ත්‍රීවරු පමණක් නොව අගමැතිවරු පවා මත්කුඩු ජවාරමට හා සමාජ විරෝධී ක්‍රියා කාරකම් වලටසම්බන්ධ වී සිටි නිසයි.
මුළු ලෝකයේ සෑම රටක්ම පාහේ සංඛ්‍යාත්මක වශයෙන් ප්‍රධාන ජන වර්ගයේ නමින් රට හඳුන්වන අතර, බහුතරයේ ආගම හෝ දහම රාජ්‍ය විසින් ආරක්ෂා කළ යුතුබව සඳහන් වන ප්‍රඥාප්ති ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම සුලභ දෙයක් මෙන්ම සාධාරණීකරණය කරනු ලබන සංසිද්ධියක් වී තිබුණා. රජතුමාගේ හිස ගසා දමා පාලන බලය තම අතට ගත් දොරටුපාලයා බලය රැක ගැනීම සඳහා වෙහෙසුනා මිස බුදු දහමින් පෝෂිත ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යාමක් ගැන සිතුවේ නැත. මිනී මරා රජවූ කෙනෙකුගෙන් ජනතාවට වැව් හෝ දාගැබ් සංස්කෘතියක් බලාපොරොත්තු විය නොහැකියි.
අවසාන වශයෙන් කීමට ඇත්තේ ආගන්තුක වාර්ගිකයන්ට ජාතික අනන්‍යතාවයක් ලබා දී, ප්‍රධාන ජන වර්ගය වූ සිංහල ජාතියේ බලය බිඳ දැමීමට රටෙන් පිටස්තර ජාතීන් හා වෙනත් ආගමික කණ්ඩායම් දැවැන්ත කුමන්ත්රණයක ආකාරයෙන් සැළසුම් කරන්නේ නම්, බහුතර සිංහලයින්ගේ පරමාධිපත්‍යයෙන් බලය ලබාගෙන මෙවන් විනාශයක් රටට උදා කිරීමට පිඹුරුපත් සකස් කරන්නේ නම්, එවන් අකෘතඥ පිරිසක් බලයට පත් කළ ආකාරයෙන්ම ඔවුන්වත් නෙරපා දැමිය යුතුයි.
උතුරට හෝ නැගෙනහිරට බලය බෙදා නොදුනහොත් නැවතත් තිස් අවුරුදු යුද්ධයක් ඒවි යයි ජනතාව බියගන්වා, අනාරක්ෂිතභාවයටට පත්කර දිගටම බලයේ රැඳී සිටීමට කිසිම කණ්ඩායමකට සදාචාරාත්මක අයිතියක් නැත.
හෙළ ශිෂ්ඨාචාරය තුළ ඉතිහාසය ලිවිය යුත්තේ ලේ වලින් හා කඳුලින් නොව දහඩිය (ශ්‍රමය) හා සාමුහිකත්වය(එකමුතුව) තුළින්. ඊට විවිධ ජාතින්ගේ නමින් නිර්මිත ලේබලයන් අවශ්‍ය නොවේ.
ජාතිය ඒක චත්‍ර විය යුතුයි. දේශය හා චින්තනය නිවහල් විය යුතුයි.
-තෙවැනි ඇස-
22.11.2024