අසිපත !
මා සබඳ
නුඹ නොවන්නට
මා බිම
හතුරන්ට බිලි වී හමාරය.
නුඹගේ ජවය
නුඹ එඩිය
සුනුවිසිනු කරලුවෙමි
උන් හීනෙකින් වත් නොසිතූ
උන්ගේ බලපරාක්රමය.
නුඹට හැකි කාරිය
දැනුනි මට කල නොහැකි බව
එනමුත් නුඹට උපකාර ලෙස
සිපගතිමි මා නුඹව
එක් වරක් නොව
වරින්වර
ඉන් ලද පන්නරය
කුල්මත් කළා නුඹව
ජයටැඹ කරා යන්නට
නුඹ විතරක්ද ?
නුඹ හා සමග තව සහසින්
සිපගැනිමෙන් ලද
නිරන්තර පිඩාව
ඉදිරියේ නිහඬ වුයෙමි
මම
රට , දැය , සම්මා සම්බුදු සසුන වෙනුවෙන්
ඉසුලුයෙමි ඒ බර
ඉසුලුයෙමි ඒ පිඩාව
කා වෙනුවෙන්ද
නුඹ\මගේ මාතෘ භුමිය වෙනුවෙන්
එහි උරුමය වෙනුවෙන්.
ස්තුතියි !